Breaking
24 Feb 2025, Mon

“ලේ” පිපාසයේ ඇරඹුම අමතකව සිංහ “ලේ” ට බියවීම නොහොත් “ගැලවීමේ හමුදාවේ සිට බොදු බල සේනාවට ඊතල විදීම”

සිංහ ලේ නමින් වූ ප්‍රචාරාත්මක වැඩපිළිවෙලක් හා සමාජ ජාල ප්‍රවර්ධනයක් සමග මේ රටේ දේශපාලන නායකයින් මෙන්ම පණපිටින් දිව්‍ය ලෝකයට යාමට තරම් අහිංසක රාජ්‍ය නොවන සංවිධාන හා නායකයින් සමහරක් කලබල වී ඇති බව පෙනේ. මේ පිලිබඳ රටේ කැබිනට් මණ්ඩලයේ කතා බහට ද ලක් වී ඇත. සිංහ ලේ ප්‍රවර්ධනයේ අයිතිය ගන්නට විවිධ පාර්ශ්ව උත්සහා ගනිද්දී එයට කුමන්ත්‍රණයක් ආරුඪ කරන්නට කුමන්ත්‍රණ රජෙක් වූ කැබිනට් ප්‍රකාශකද උත්සහ ගෙන තිබුණි. ඔහුගේ බොරු කීමේ රෝගයට ප්‍රතිකාර ඔහුගේ අමාත්‍යංශය යටතේ ම ඇති මුල්ලේරියාවේ රෝහලෙන් ලබා ගත හැකි නිසා අපි කලබල විය යුතු නැත. කෙසේ වුවද සිංහ ලේ ප්‍රවර්ධනයට බොහෝ දෙනෙකුට රිදී ඇති බව සැබෑවකි.

මෙම සිංහ ලේ නමින් වූ ප්‍රචාරාත්මක වැඩපිළිවෙල සමග බොදු බල සේනා සම්බන්ද කරන්නට මෙන්ම ඒ මගින්ද බොදු බලයට පහර දෙන්නට යම් පිරිස් උත්සහා ගෙන තිබුණි. ඒ අනුව මරක්ක ලේ, බොත ලේ , එකම ලේ, මනුසත් ලේ ලෙසින් විකල්ප ලේ බිහි වීමද දක්නට ඇත. සිංහ ලේ මගින් ජාතිවාදයක් ගොඩ නගන බවත් මෙලෙස ලේ පිපාසය කරලියට ගෙන ඒම පිලිබඳ වහාම පියවර ගත යුතු බවත් මෙම පිරිස් වල මතය වේ. මේ වන විට මේ සිංහ ලේ ජාති වාදයට එරෙහිව ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමට සමහර NGO කාක්කන් ව්‍යාපෘති සකස් කරන බවටද අපට් තොරතුරු ලැබී ඇත.

ගැටලුව වී ඇත්තේ සියලු දේ සිංහල බෞද්ධ කම සමග සම්බන්ද වූ විටය. සියලු දෙනා තලන්නට උත්සහා කරන්නේ සිංහල බෞද්ධ හමටය. කණගාටුවට මෙන් මෙම කරුණ සිංහල බෞද්ධයින්ටද තේරුමක් නැත.

අපේ රටේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගම රැකීම සැමට ගැටලුවකි. එංගලන්තයේ අලිඛිත ව්‍යවස්ථාවෙන් ආගමික පුජකයින්ට පාර්ලිමේන්තුව තුල නියෝජනය ලබා දීම, නොර්වේ ව්‍යවස්ථාවෙන් ක්‍රිස්තියානි ලුතරන් ආගම ආරක්ෂා කිරීම කිසිවකුටත් ගැටළුවක් නැත.

මේ රටේ දේශපාලනයට “ලේ”- (Blood) සම්බන්ද කර sticker ගැසීම, Facebook ප්‍රවර්ධනය කිරීම මෙන්ම, තරුණයන් එක කිරීම ආරම්භ කල අයටම එය අද අමතකව ඇත. මේ රටේ දේශපාලනයට “ලේ” පිපාසය ගෙන ඒමේ වගකීම එක්සත් ජාතික පක්ෂය හා එහි වර්තමාන නායකයින් අර්ථ කිහිපයකින් ගත යුතුය. ඒ GREEN BLOOD (කොළ ලේ) වැඩපිළිවෙල මගිනි

http://www.unp.lk/index.php/2012-01-16-16-40-29/news/818-lasantha-gunawardane
http://greenblood.weebly.com/home.html
https://www.youtube.com/user/unpgreenblood

අද සිංහ ලේ ගැන අමාරුව ඇතිව දොඩවන බොහෝ දෙනෙකුට එය අමතකව ගොසිනි. අද සිංහලේ ගැන අපට චෝදනා කල හිතවත් එජාප මන්ත්‍රීවරයෙකුට අප මේ ගැන සිහිපත් කරන තුරු මේ පිලිබඳ මතකයක් නොතිබුණි. ජන්ද පොරොන්දු ලෙසම ඔහුගේ මතකයෙන් “කොළ ලේ” දිය වී ගොස් තිබුණි. ඔහුගේ පිළිතුර වී තිබුනේ “අපි ලේ කියලා කිවුවේ නැහැ. ඉංග්‍රීසි යෙන් blood කියලා නේ. එක එච්චර වදින්නේ නැහැනේ” යන්නය.

කෙසේ වෙතත් සිංහ ලේ ආරම්භ කල තරුණ පිරිසට ( අද සිංහ ලේ වලට හොර උප්පැන්න ලියාගැනීමට උත්සහ කරන ව්‍යාපාරිකයින්ට නොවේ) ලේ මතක් කර දීම ගැන එක්සත් ජාතික පක්ෂයට හා එහි වර්තමාන නායකයින්ට ස්තුති වන්ත විය යුතුය.

බොදු බල සේනා සිය කටයුතු ආරම්භයේ සිටම “සිංහලේ” ගැන කතා කලේ “ලේ” පදනම් කර ගෙන නොවේ. එය අපේ අවිවාදාත්මක උරුමය බැවිනි. එය 2014 සැප්තැම්බර් 28 මහා සඟ සමුළුවේදී ජාතික දේශපාලන කතිකාවතක් ලෙස ඉදිරිපත් කෙරුණි.

කෙසේ වෙතත් සිංහල බෞද්ධ කමට තැලීමට අප ඉඩ දිය යුතු නැත.

වරක් අප හමු වූ අපේ බිෂොප් වරු කිහිප දෙනෙක් ප්‍රකාශ කලේ ඔබේ සංවිධානය පිලිබඳ ප්‍රධාන ගැටළුවක් වන්නේ සේනා යන නම යොදා ගැනීම බවය. එය ආගමික සංවිධානයකට නොගැලපෙන බවය. එය යම් ප්‍රචණ්ඩත්වයක් හඟවන බවත් විදේශිකයින් හා මාධ්‍ය පවා එසේ කියන බවත් ඔවුන්ගේ මතය විය. අපගේ ක්ෂණික පිළිතුර වුයේ ඔබලා යටතේ ක්‍රියාත්මක “ගැලවීමේ හමුදාව” ගැන ඔබට එසේ නොසිතෙන්නේ මන්ද? යන්නයි.

ගෝලීය සුළුතරයක් වන ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව දුර්වල වෙමින් පවතින හා දුර්වල කරමින් පවතින සිංහලේ උරුමය රැකීමට සිටින්නේ අතලොස්සක් වැනි අපම පමණක් බව අප සිහියට ගතයුතු අතර එහිදී අප සියලු දෙනා එකමුතු වීම අතිශය වැදගත්ය.

බොදු බල සේනා
මාධ්‍ය නිවේදනය
2016 ජනවාරි 11 

කතෘ සටහන -සංවාදය සදහා විවෘතයි  යොමුකරන්න  lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.