Featured

ලොකුවිතානලාට අක්කරය ඩොලර් 1එකට වික්ක මලික්ගේ මජර හොර වැඩ මෙන්න

බොරැල්ලේ පිහිටි කොස්මෝ කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමේ ගිණුම්වලට රුපියල් මිලියන 144ක මුදලක් ලැබීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණර්ධන නිදහස් කිරිම සදහා එක්සත් ජාතික පක්ෂ සභාපති මෙන්ම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මෙහෙයුමක් දියත් කර ඇති බව අප පසුගිය 2016 ජුලි 7 වැනිදා අනාවරණය කළා.

එම අනාවරණය තහවුරු කරමින් අද වනවිට සජින් යහපාලන ආරක්ෂාව යටතේ ජිවත් වන අතර ඔහුගේ ආරක්ෂාව සදහ ඇමති ආරක්ෂකයන් 8 දෙනෙකු ලබාදිමට තරම් යහපාලනය දෙකට නැමි තිබේ.සජින් ද වාස් ගුණර්ධන බේරා ගැනිමට මලික් සමරවික්‍රම කටයුතු කලේ නිකම්ම නොවේ. ඒ වෙනුවෙන් සජින් හරහා නන්දන ලෝකුවිතාන සමග මලික් ඩිල් එක දමා ගත් අතර මේ ඒ හරහා මලික් ඇතිවෙන්න මුදල් උපයාගෙන තිබේ.

මේ අනුව මලික් සමරවික්‍රම ආයෝජන මණ්ඩලයට සaජුවම පහර වදින සංවර්ධනය සඳහා අදාළ වන ආයතනයක් පිහිටුවීමට ඉතා කැමැත්තෙන් යුතුව සිටින අතර එවිට ඔහුට ඔහුගේ රුචිය පරිදි එය මෙහෙයවීමට හැකියාව ලැබේ. මෙය ඉතා මෑත කාලයේ ආයෝජන මණ්ඩලය විසින් පනවනු ගණුදෙනු වල විනිවිද බව වර්ධනය කිරීම සඳහා වන කිසිදු රෙගුලාසියක් සමග සමපාත නොවේ.

අමාත්‍ය ලේකම්වරු හා නිලධාරින්ට යම් ගැටළු ඇති වූ අවස්ථාවන් වල එම ගැටළු විසදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇදුනුම්කමක් ඇති මංගල යාපා නම් පුද්ගලයෙකු වෙත සමරවික්‍රම විසින් බලය පවරා ඇති අතර ඔහු කිසිදු අන්දමේ නිලයක් නොදරන පුද්ගලයෙකු බවද දැනගන්නට තිබේ.

“යාපා විසින් මලික් සමරවික්‍රම ලබා දුන් බලත භාවිතා කරන අතර අමාත්‍යාංශ ලේකම්ට හා එහි අනෙකුත් නිලධාරින් වෙත මෙන්ම වෙනත් ආයතන වලටද නියෝග නිකුත් කරනු ලැබේ. අගමැති රනිල් මලික් හා යාපා වැනි මිනිසුන් තම ජරා වැඩ කරගැනීම සඳහා යොදා ගනී.”

යහපාලන රජය බලයට පැමිණි පසු ආයෝජන මණ්ඩලයේ සභාපති පත් කිරීම පසුව ඉඩම් ප්‍රතිපත්තියේ විනිවිදබව ප්‍රවර්ධනය කිරීම සඳහා වන පරිපාලන වෙනස්කමක් බවට පත් විය.”ඉඩම් ප්‍රතිපත්තිය අනුව BOI විසින් ලියුම් කවර 2ක ලංසු තැබීමක් කැදවන අතර එක් ලියුම් කවරයක ඉඩමේ වටිනාකමද අනෙක් ලියුම් කවරයේ ව්‍යාපෘතියේ වටිනාකමද සඳහන් කළ යුතුය. BOI අවම වටිනාකම ගැසට් පත්‍රයේ සඳහන් කරනු ලැබේ. හොරණ ප්‍රදේ ශයේ එක් අක්කරයක් සඳහා අවම මිල ඇ.ඩො 40000 විය යුතු අතර අක්කරයක් සඳහා ගෙවිය යුතු වාර්ෂික මුදල ඩොලර් 3850ක් වේ. අලුත් ජනාධිපති පත් වූ පසු කලින් කලට ප්‍රසිද් ධනිවේදන මහින් ලංසු කැදවන අතර අයෝජකයන් හට තරගකාරි ලෙස ඉල්ලුම් කල හැකිය. පසුගිය මාස තුනක කාලය තුළ BOI විසින් හොරණ ප්‍රදේශයද ඇතුළුව කලාප සඳහා ඉඩම් වලට ලංසු කැඳවා ඇත.

ඒ අතර ධනපති ව්‍යාපාරිකයෙක් වන නන්දන ලොකුවිතාන සිටින අතර මැතකදී අගමැති විසින් මුල් ගල තබනු ටයර් කොම්පැනියද ඔහුගේය. ඊට අමතරව Dubai Marriot හෝටලය සහ වානේ සංස්ථාවද ඔහුට අයත් වේ.

“BOI වෙතින් ඉඩම් ඉල්ලා සිටින ඕනෑමඅ අයෝජකයෙකු ඒ වෙනුවෙන් අයදුම් පත්‍රයල් බාර දිය යුතු අතර අවම වටිනා කමවන ඩොලර් 40000 කට වඩා වැඩි මුදලක් හොරණ ප්‍රදේශයේ ඉඩම් සඳහා ලංසු තැබිය යුතුය. නමුත් ලොකුවිතාන වෙත මෙම නීතිය අදාළ නොවේ. ඔහු සමරවික්‍රමගේ සහයෝගය ලබන අයෙකු නිසා සුවිශේෂී මිලකට ඉඩම් ලබා ගෙන තිබේ. ලොකුවිතානට අක්කර 100 ඉඩමක් 99 බද්දට අවශ්‍ය වී ඇති අතර BOI විසින් එම ඉල්ලීම ප්‍රතිකේෂ්ප කර ඇති අතර පසුව ඔහු සහනය වෙනුවෙන් මලික් සමරවික්‍රම වෙත ගොස් ඇති අතර ඔහු අගමැතිවරයා මුලසුන දරන කැබිනට් කමිටුවට කැබිනට් පත්‍රිකාවක්යොමු කොට එයට අවසර ලබා දී තිබේ.

ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුවට අනුව අක්කරයක වටිනාකම බොලර් 11,000ක් වේ. තවත් ආයතන දෙකකටම මෙම වරිපනම් අගය මත ඉඩම් ලබා දී ඇති අතර SINGER (Sri Lanka) PLC හට අක්කර 5ක් සහ D Samson Industries Ltd වෙත අක්කර 15 ලෙසටටය. නමුත් මෙම කම්පැනි දෙකම වාර්ෂික ගෙවීම කළයුතුය. කලාපයේ ඉඩම් ලබා ගන්න සෑම ආයතනයක්ම මෙම මුදල BOi ව්ත ගෙවිය යුතු අතර ලොකුවිතාන වෙත අක්කරයක් සඳහා ඩොලර් 3850 වන එම මුදල අක්කරයකට ඩොලර් 1 දක්වා අඩු කිරීමට BOI වෙත සිදු වී ඇත.

මෙමගින් ආණ්ඩුව එලිපිටම ඉඩම් ප්‍රතිපත්තිය උල්ලංඝණය කොට ඇත. BOIවිසින් සමානාත්මතාවයේ අයිතිවාසිකම උල්ලංඝණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය කොට තිබේ.

http://www.sinhala.lnwtoday.com/archives/11831

http://www.sinhala.lnwtoday.com/archives/11858

Top