Featured

“ලෝකේට පරකාසේ,ගෙදරට මරගාතේ” කැමරන් බේරා ගන්න ගිය සිරාගේ චක් ගෝලයෝ

රටේ ජනතාවගේ මුදල් කෝටි ගණනක් කාබාසිනියා කරමින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුල රැඳී සිටින ලෙසට ලබන 23 වැනිදා පැවැත්වෙන මැතිවරණයේදි සිය කැමැත්ත ලබාදෙන ලෙස ඉල්ලා ග්‍රාමාත්‍ය කාර්යාල මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතලපහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා,අමාත්‍ය හර්ෂ පෙරේරා ලංන්ඩන් නුවර ජොගී නටමින් සිටින බව අප ලංඩන් විශේෂ් වාර්තාකරු අනාවරණය කළා. පසුගිය දින කිහිපයම තුල හෝටල් කාමර වලට වි ආතල් ගත් පිරිස ජාතික යොවුන් පෙරමුණ විශේෂ හමුවක් එංගලන්තයේ ශ්‍රී ලංකා මහා කොමිසාරිස් කාර්යාලයේ දී පවත්වා ඇති අතර

එංගලන්ත අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ ආරාධනාවත් වත්මන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද පුර්ණ මැදිහත්වීමත් මත සිරිසේන ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත එංගලන්තයේ පැවැත්වීමට නියමිත යුරෝප සංගමයෙන් ඉවත්වීම හෝ නොවීම පිළිබද ජනමත විචාරණය සදහා ඒංගලන්තයේ වෙසෙන ඡන්දය හිමි  ශ්‍රී ලාංකිකයන්ගෙන් යුරෝප සංගමයෙන් ඉවත්වීම නොකරන ලෙසට ඡන්දය භාවිතා කරන ලෙස බැගෑපත්ව විම මෙහි අරමුණ වි තිබේ.

මෙම රැස්විම අතරතුර උණුසුම් තත්ත්වයක් මතුවි ඇති අතර ඊට ප්‍රධානතම හෙතුව වි ඇත්තේ යුරෝප සංගමයෙන් ඉවත්වීම අනිවාර්යයෙන් සිදුවිය යුතු බවත් එසේ නොවන්නේ නම් බ්‍රිතාන්‍යයේ වෙසේන ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව බ්‍රිතාන්‍යය ජාතිකයන්ද දැඩි රැකියා අර්බුදයකට මුහුණ දිමට සිදුවන බව එම අවස්ථාවට එක්වු ශ්‍රී ලංංකිකයන් පෙන්වා දි ඇති අතර ඒ පිළිබඳව සිදුවු සංවාදය දුරදිග ගොස් ඇති අතර එම අවස්ථාවේ ඩිජිටල් අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසා ඇත්තේ තමන් ඇතුලු කණ්ඩායම ආවේ ජනාධිපති ගේ හා අගමැතිගේ ඉල්ලිම මත කෙසේ හෝ ඡන්දය ලබා ගැනිමට පමණක් බවයි.

යම් හෙයකින් තවදුරටත් යුරෝප සංගමයෙන් ඉවත් නොවිමට බ්‍රිතාන්‍යය කටයුතු නොකලහොත් මිලියනකට අධික පිරිසක් තුර්කිය හරහා ඇතුල්විම හේතුවෙන් බරපතල රැකියා ගැටලුවක් උග්‍ර විමේ අවදානමකට මුලිකව රට මුහුණ දි සිටින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දි තිබේ.

නාය යෑම් හා ගංවතුර, දහස් ගණනක් නිවාස අහිමි සිට අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් සිය දහස් ගණන්; ආර්ථිකය රුපියල විනාශ විනාශ කොළඹ කොටස් වෙළඳ පොළ විනාශ … එහෙත් යහපාලන අමනයන් කෝටි ගණනින් මුදල් වියදම් කරමින් නටනා නාඩගම ගැන උත්තර දෙන්නට එකෙක්වත් නැත…..මේ වට කියන්නේ යහපලනය යනු “ලෝකේට පරකාසේ,ගෙදරට මරගාතේ.”

 

Top