Breaking
23 Feb 2025, Sun

ලෝ වැසි සැමට අසිරිමත් නත්තලක් වේවා!

ජේසු සමිඳුන්ගේ උපත සමරන මේ නත්තල ශ‍්‍රී ලාංකිකයින් සේම ලෝ වැසි සැමට අසිරිමත් නත්තලක් වේවා! යි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නත්තල් පණිවුඩය

ජේසු සමිඳුන්ගේ උපත සමරන මේ නත්තල ශ‍්‍රී ලාංකිකයින් සේම ලෝ වැසි සැමට අසිරිමත් නත්තලක් වේවා! යි මම ප‍්‍රාර්ථනා කරමි. නත්තල සැමරී‍මෙන් අදහස් කරනුයේ සාමයේත්, දයාවේත් පණිවුඩය හදවත් තුළ තහවුරු කිරීම ය. විශේෂයෙන් දිළින්දන් වෙත කරුණාවත්, දයාවත් සියලු ජාතීන් අතර සාමයත් පැතිරවීම නත්තල සැමරීමෙන් සිදුවිය යුතු ය.පසුගිය වකවානුවේ ජාතීන් අතර සහෝදරත්වය තහවුරු කිරීමට අප කළ අති දැවැන්ත කැප කිරීම “අසල්වැසියාට ප්‍රේමකරන්න” යැයි ජේසු සමිඳුන් දෙසූ දහමට ද අනුකූල වන්නකි.

“ජේසු සමිඳුන් දේශනා කළේ මාගේ නාමයෙන් දරුවකු පිළිගන්නා තැනැත්තා මා පිළිගන්නේ ය”යනුවෙනි. ජේසු සමිඳුන් උපත ලැබූ මොහොතේ තරු එළියෙන් මග සොයමින් උන්වහන්සේ පිදීම සඳහා රජවරුන් තිදෙනෙකු පැමිණි පුවත කිතුණු ඉතිහාසයේ සඳහන් ය. එසේම මෙම නත්තලේදී ද සතුටේ සොම්නසේ පණිවුඩය කුඩා දරුවන්ගේ හදවත් වෙත අප ළංකළ යුතු ය. නත්තල සමරා ජේසු සමිඳුන්ගේ සාමය, දයාව වෙත අපට ළංවිය හැක්කේ එසේ කිරීමෙනි.

ඔබ සැමට සාමය, සතුට, සොම්නස සපිරි සුබ නත්තලක් වේවා! යි මම ප‍්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්ෂ ( පා.ම )

හිටපු ජනාධිපති

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.