Breaking
5 Feb 2025, Wed

වගකිමක් නැති ආණ්ඩුවේ අන්ද මන්ද වැඩ ….. කොරෝනා අවදානම අරන් අතේ සතයක් නැතිව ගමට ගිය කලාපෙ අය….

Published on: Mar 27, 2020 – ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කළාප සම්බන්ධයෙන් වගකීම් විරහිත කටයුතු කිරිම හේතුවෙන් වෙළෙඳ කලාපයේ කම්කරුවන්ගේ ජීවිත බරපතළ අවදානමකට පත් කර තිබේන බව වාර්තා වේ.කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංගගේ දැක්මත් නොමැති මෝඩ තින්දු මේම තත්ත්වයට බලපෑම් එල්ල කර තිබේන බවයි වාර්තා වන්නේ.

වෙළෙඳ කලාපයේ කම්කරුවන් සම්බන්ධයෙන් වත්මන් බඩතඩි අමාත්‍යවරයාට කිසිදු වගකිමක් නොමැති බව තහවුරු වන්නේ කොරෝන වසංගතය පැතිර යාම වැලැක්වීමට ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරිමත් සමග වෙළෙඳ කලාපය තුළ සිරවී සිටි සේවක සංඛ්‍යාව සම්බන්ධයෙන් සිදුකල වගකිම් විරහිත ප්‍රකාශයි.

වෙළෙඳ කලාපය තුළ සිරවී සිටින දහස් ගණනක් කම්කරුවන් ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට පියවර ගන්නා ලෙස කලාපයේ සිර වී සිටින කම්කරුවන් මෙන්ම කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක්ම මාධ්‍ය හරහ සිදුකල ඉල්ලිම් වලට අමාත්‍යවරයා සදහන් කළේ සියලුම කම්කරුවන් නිවෙස් වෙත යැවීමට පියවර ගන්නා බවත් කම්කරුවන් විශාල පිරිසක් නැති බවත් බොහෝ දෙනකු නිවෙස් වෙත ගොස් තිබෙන අතර 500ත් 1000ත් අතර පිරිසක් පමණක් සිටින බවත් ඇතැමුන් බොරු ප්‍රචාර ගෙන යන බවයි.

නමුත් අද එම ප්‍රකාශය අසත්‍යක් බව තහවුරු වු අතර ඊට අමතරව නිවස් බලා යැමට පැමිණී සේවක / සේවිකාවන්ගේ ජිවිතද බරපතල ලෙස ආණ්ඩුව සහ වගකිවයුත්තන් අනතුරේ හෙලා තිබුනා.

අද උදෑසන 5ට මෙම කම්කරුවන්ට වෙළඳ කලාපයේ ප්‍රධාන ගේට්ටුව අසල රැස්වෙන ලෙස දන්වා තිබුන අතර උදෑසන 10.30 පමණ වනවිටත් ඒ සඳහා ඔවුන්ට කිසිදු කෑම බීමක් හෝ ලබාදිමට වගකිවයුත්තන් සමත්ව නෑ.ඊට අමතරව ඔහුන් සියලුම දෙනා එකට මාර්ගයේ රැස්ව සිටි අතර ඒ හේතුවෙන් යම් COVID 19 ආසාදිතයෙකු සිටියෙ නම් සෑහෙන්න බලපැමක් එල්ල විමේ අවදානමකටද ලක්ව තිබුනා. උදෑසන 5 සිට 10.30 දක්වා රැදි සිටි කම්කරුවන් ආණ්ඩුවේ බලධාරීන්ගෙන් විමසිමේදි සදහන් කර ඇත්තේ උණ තිබේදැයි පරික්ෂා කිරීම සඳහා වෛද්‍යවරු පැමිණෙන තුරු මාර්ගයේ රැදි සිටිය යුතු බවයි.

ආණ්ඩුවේ මේ වගකීම් විරහිත නොසැලකිලිමත් හැසිරීම නිසා දහස් ගණනක් කම්කරුවන් පමණක් නොව, ඔවුන්ගේ ඥාතීන් පවා බරපතළ අවදානමකට ලක්ව සිටිති. මෙම පිරිස අතර කුඩා දරුවන්ද සිටින නිසා තත්වය වඩාත් බරපතළ විය හැක.

ඒ අනුව ඔවුන් නිවෙස් වෙත ගෙන යන බව ඊයේ දැනුම් දුන්නද ඒ සඳහා කිසිදු ක්‍රමවත් සැලැස්මක් නොතිබුණු බව මේ වන විට පැහැදිලි වී තිබේ. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා මෙන්ම රජයේ වගකිවයුතු නිලධාරින් සේවක/සේවිකාව ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන බව ඊයේ දැනුම් දුන්නද ඒ සඳහා කිසිදු ක්‍රමවත් සැලැස්මක් නොතිබුණු බව ඉතා පැහැදිලිය.

මේ අතර ඔහුන් සේවය කල සමාගම් විසින් මාර්තු මාසයට අදාළ වැටුප හෝ ලබාදී නැති අතර ආයෝජන මණ්ඩලය විසින් මෙම කම්කරුවන්ට රු. 5000ක මුදලක් ලබාදීමට කටයුතු කරන බව පැවසුවද එයද මේ දක්වා ලබාදි නෑ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.