LNN SPY

වජිරගේ යෝජනාව 3 වරටත් පරදී! ජනතා මුදල් නිකං මන්ත්‍රීන්ට පුජා කරන්න බෑ … ජනපති තදින්ම කියයි…

Published on: Sep 25, 2019- පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරු බදු සහන යටතේ වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීම සහ සංවර්ධන කමිටුවල සභාපතිධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලබාදීමට ඉදිරිපත් කරන ලද යෝජනා දෙක කැබිනට් මණ්ඩලය විසින් අද (24) තුන්වන වරටත් ප්‍රතික්ෂේප වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයන සඳහා බලපත්‍ර ලබාදීමේ සහ සංවර්ධන කමිටුවල සභාපති ධූර දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා එම කැබිනට් සංදේශ ඉදිරිපත් කරනු ලැබුවේ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසිනි.

යෝජනා දෙක අද (24) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේ ඊට ජනාධිපතිවරයා විරෝධය පළකර ඇතැයි වාර්තාවේ.

මෙම යෝජනා දෙකම මීට පෙර අවස්ථා දෙකකදී ද කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Top