Breaking
24 Feb 2025, Mon

වජිර අබේවර්ධන දමයන්තිව හොරෙන්ම රට පටවයි

ඇවන්ගාඩ් සහ රක්නා ලංකා ආයතනවල වංචාසහගත ගනුදෙනු වලට සහය වීම සහ නීති විරෝධී ලෙස ගිනිඅවි නිකුත් කිරීම යන කාරනා වලට චෝදනා ලබා ඇති ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අත්රේක ලේකම් දමයන්ති ජයවර්ධන විදේශගතව ඇත. මින් පෙරද අදාල චෝදනා ඇය වෙත යොමුවෙද්දී රහසේම විදේශගතව තිබිණි. නමුත් ඇවන්ගාඩ් ආයතනයේ ඉල්ලීම මත වජිර අබේවර්ධන අමාත්‍යවරයා විසින් ඇය තම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරිය ලෙසට පත්කර නැවත ලංකාවට ගෙන්වා ගත්හ.

නමුත් පසුගිය කාලයේ වජිර අබේවර්ධන මහතා සහ ඇවන්ගාඩ් ආයතනය අතර සම්භන්දය මාධ්‍ය මගින් හෙළිදරව් වීමත් සමග ඇයගේ මෙම ක්‍රියාකලාපයද හෙළිදරව් වන්නට විය. ඇවන්ගාඩ් ගනුදෙනුව සහ එම ආයතනය සමග රජයේ ප්‍රභලයන්ගේ සම්භාන්දයන් ගැන ප්‍රභලම සාක්ෂි කාරිය ඇයයි.

එනිසාවෙන්ම පසුගියදා හොර රහසේම දමයන්ති ජයවර්ධන යන අයව විදේශ ගත කර ඇත. අමාත්‍යාංශයක ස්ථිර ලේකම් ලේකම් කෙනෙකු විදෙස්ගත වනවිට එම අමාත්‍යංශයේ ලේකම් වරයාට ලිකිතව දැනුම්දී අවසර ලබාගත වුවත් ඒ කිසිවක් නැතිව ඇය විදේශවී ඇත්තේ වජිර අබේවර්ධන අමාත්‍ය වරයාගේ විශේෂ මැදිහත්වීම නිසාවෙනි.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.