Featured

වත්තල ඝාතනය ගොන් ජොන්ගේ ලේකම්ගේ වැඩක්!

වත්තල නගරයේ වෙළෙඳ සල් හිමිකරුවෙකු කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කිරිම පසුපස දේශපාලන හස්තයක් තිබේන බව LNW  ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.  අද උදෑසන ඝාතනය සිය පුත්‍රයා සමග පල්ලියට ගොස් එමින් සිටියදී මෙම 54 හැවිරිදි පුද්ගලයා ඝාතනයට ලක්ව තිබේ.මේ ඝාතනය පසුපස අමාත්‍ය ජෝන් අමරතුංගගේ ලේකම්වරයාව සිටින ප්‍රනාන්දු නැමත්තාට කප්පම් ලබා නොදිසිටිමට අදාළ ව්‍යාපාරිකයා ක්‍රියා කිරිම හේතුවෙන් සිදුකරන ලද්දක් බව අනාවරණය වි තිබේ.

වත්මන් ආණ්ඩුවේ මහජන සාමය පිලිබඳ අමාත්‍ය ජෝන් අමරතුංගගේ  ලේකම්වරයාව සිටින පරදේශක්කාර ප්‍රනාන්දු නැමැත්තා අමාත්‍යවරයා හමුවිමට පැමිණෙන් කාන්තාවන් සමග වත්තල නගරයෙන් ඇතට වන්නට පිහිටා ඇති නවාතැන් පලක යහන්ගතවන මෙම හැට පැන්න ලේකම්වරයා යහනට වි කාන්තා අග-පසග අතගාමින් සිටින විට ගැබුරු නින්දකට වැටෙන බවද වාර්තා වේ.

මහජන සාමය පිලිබඳ අමාත්‍ය ජෝන් කටයුතු කලද ප්‍රනාන්දුට එරෙහිව පැමිණිලි ලැබුනද් ඔහු සම්බන්ධයෙන් කටයුතු කිරිමට ජෝන්ට හැකියාවක් නැතිව ඇත්තේ ජොන්ගේ සියලු පෙර වැරදි දන්නේ ඔහු නිසා බවයි ජෝන් සිය සමිපම මිතුරෙකුට පවසා ඇත්තේ.
” ඔකාට පනිෂ් කරන්න ගියොත් මගේ හැම කැරැට්ටුවම ඔකා තැන තැන කියන්න ගනීයි….”ඔන්න ජෝන් ගෙන් ප්‍රනාදු ගැන ඇසු මිතුරාට ලැබුන පිළිතුරය.

ප්‍රනාන්දුගේ එහෙයියෙකු වි සිටින ජොන් එජාප පාක්ෂිකයෙකු වත්තල පොලිසියෙන් අත් අඩංගුවට ගෙන සිටියදී ජෝන් අමරතුංග විසින් ඔහු නිදහස් කරන ලෙස පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළ අවස්ථාවකදි පොලිස් ස්ථානයට ගිය ප්‍රනාන්දු තමන්ගේ බලය පෙන්වමින් යකා නටා තිබුණු බව අප මිට පෙර වාර්තාකර තිබුනා.

ජෝන්ගේ නීතිය අතටගෙන කටයුතු කරන මේ ප්‍රනාන්දු සහ අදාළ ව්‍යාපාරිකයා අතර කාලයක සිට කොන්තරයක් තිබුනු අතර ඊට ප්‍රධානත්ම හේතුව වී ඇත්තේ ප්‍රනාන්දු  අවස්ථා ගණනාවකදි මෙම මියගිය ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලිමයි. මුල් අවස්ථාවේ කප්පම් දිම මෙම ව්‍යාපාරිකයා කටයුතු කලද ජනාධිපතිවරණයෙන් පසුව ඔහු සම්පුර්ණයෙන් මෙම කප්පම් දිම ප්‍රතික්ෂප කර තිබේ.පසුව මෙම ව්‍යාපාරිකයාගේ නිවසට අවස්ථා ගණනාවකදි මැර කණ්ඩායම් ගොස් මරණීය තර්ජනය කර තිබුනු අතර ඒ සම්බන්ධයෙන් පොලිසියට කල කිසිදු පැමිනිල්ලක් පොලිසිය භාරගෙනද නෑ.

පසුගිය මාර්තු 19 වැනිදා අප කල අනාවරණය සහ මෙම ඝාතනය අතර සම්බන්ධයක් තිබේන බවයි අප ඔත්තුකරුවන් අනවරණය කර ඇත්තේ පසුගිය මාර්තු 19 වැනිදා අප කල අනාවරණය බලන්න –යහපාලන පොලිසිය සැකකරු සිර මැදිරියේ එල්ලා මරයි!

[box type=”warning” ]Exclusive-පසුගිය දින කිහිපය තුළ කොළඹ නගරය තුළ දී පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හා ශරිර අවයව කොටස් රැසක් හමුවිමත් සමග රාජ්‍ය අනුග්‍රහය ලබන පාතාල කණ්ඩායම් රැසකගේ තොරතුරු පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙන අතර එ අතර ප්‍රබලයෙකු වන ජා ඇල, ඒකල නිශාන්ත වත්තේ පදිංචිව සිටි සමීර පතිරණ (31) නමැති අයෙක් ජා ඇල පොලිසිය විසින් අත් අඩංගුවට පසුව එදින රාත්‍රියේම ගෙල සිරකර මරාදමා තිබේ.

මෙම මරණය සම්බන්ධයෙන් රජයේ ගිරවා වි සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා කියා සිටියේ සැකකරු සාක්කුවේ තිබූ තංගුස් නූල් ගෙන එය පොලිස් කූඩුවට ඉහළින් වහලයට දමා ගෙල ලාගෙන මියගොස් ඇති බවයි. සමාන්‍යයෙන් සැකකරුවෙකු සිර මැදිරියට දැමිමට පෙර ඔහුගේ ඉන පටිය ගලවා සියලුම සාක්කු පරික්ෂා කරන බව නොදන්නා තරම් මාධ්‍ය ප්‍රකාශක ළදරුවෙකු නොවන බව අප විශ්වාසා කරමු. නමුත් සත්‍ය කතාව එය නොවේ පෙරේදා පස්වරුවේ සැකකරු ජා ඇල ඒකල පාරේ සැකකටයුතු ලෙස සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන මෙසේ රඳවා තබාගෙන ප්‍රශ්ණ කර තිබේ.

ප්‍රශ්ණ කිරිම් වලදි යහපාලන රජයට සම්බන්ධව පාතාල කල්ලිය සමාජිකයෙකු බව අනාවරණය කරගෙන තිබේ.පසුව මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු පිලිබඳ නව ඇමැති ජෝන් අමරතුංග මහතාට මේ සම්බන්ධයෙන් දැනුම්දි ඇති අතර පසුව ලැබුනු නියෝගයකට අනුව මෙම සැකකරු මේ අකාරයට ඝාතනය කර තිබේ.[/box]

 

Top