Breaking
26 Feb 2025, Wed

වත්මන් ආණ්ඩුව ඉතිහාසයේ දරුණුතම පාවාදීම සිදුකරමින් සිටිනවා

සංහිදියාව සහ යහ පාලනයට මුවාවී යුධ විජයග‍්‍රහනය හෑල්ලූවට ලක්කරමින් වත්මන් ආණ්ඩුව ඉතිහාසයේ දරුණුතම පාවාදීම සිදුකරමින් සිටින බව ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරනය කරයි. ඔහු පෙන්වා දෙන්නේ බටහිර ගැති රූකඩ යහ පාලන ආණ්ඩුව කොටි ත‍්‍රස්තවාදයට උඩගෙඩි දෙමින් සිටින බවයි. යුධ විජයග‍්‍රහනයේ 7 වන වසර සැමරුම වෙනුවෙන් උඩුගම්පල කොරස මෝල හංදියේ පැවති විජයග‍්‍රහන සැමරුම් උත්සවයකට අද(18) එක්වෙමින් රණතුංග මහතා මේ බව සදහන් කලේය. ප‍්‍රදේශයේ තරුණයන් එක්ව එය සංවිධානය කර තිබිණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

අද ආණ්ඩුව සංහිදියාවට සහ යහපාලනයට මුවා වෙලා යුධ වියග‍්‍රහනය සමරන එකටත් තහංචි දාලා. ආරක්‍ෂක ලේකම්වරයා කියලා තිබුණා මේ විජයග‍්‍රහණ සැමරුම නිසා තව කෙනෙකුගෙ හිත රිදෙන්න පු`ඵවන් කියලා. මෑතකදී කියලා තිබුණා මේ විජයග‍්‍රහණ සැමරුම ජාතික සංහිදියාවට ගැට`ඵවක් වෙන්න පුලූවන් කියලා. හැබැයි ප‍්‍රභාකරන්ගේ මස්සිනා ජන සංහාර සතියක් කියලා නමක් දාගෙන මේ විජයග‍්‍රහණය හෑල්ලූවට ලක්කරන එක ආණ්ඩුවට පේන්නේ නෑ. ඒක සංහිදියාවදැයි මම ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරන්න කැමතියි.

අපේ රටේ දශක තුනක යුද්ධයක් තිබුණා. අපේ ජනතාව දැඩි පීඩාවට ලක්වුණා. ඔවුන් ජීවත්වුණේ බයෙන් සහ සැකෙන්. උදේට ගෙදරින් එළියට යන අම්මා, තාත්තා, දුව, පුතා, ආපහු ගෙදර එනකං විශ්වාසයක් තිබුනෙ නෑ . මේ තත්වය නැතිකලේ අපේ රණවිරුවෝ. සේනාධි නායකයා විදියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තය ඊට නායකත්වය දුන්නා. මේ ආණ්ඩුව බොරුවෙන් සහ පෝ‍්‍රඩාවෙන් ඒ ඇත්ත වහන්න හදනවා. කොටි ත‍්‍රස්තවාදීන් නිදහස් වෙනකොට රණවිරුවන් සිරගත කරනවා. බොරු චෝදනා දාලා යුද්ධයට නායකත්වය දුන්නු අයව හිර කරන්න හදනවා. මේ සියල්ල කරන්නේ ජනවාරි 08 වෙනිදාට කලින් බලයට පත්වීම සදහා මේ ආණ්ඩුව කොටි හිතවාදීන් සමග ඇතිකර ගත්ත එකගත්වය අනුවයි. අද අපේ රටේ තියෙන්නේ ජනතාවාදී ආණ්ඩුක් නෙමේ. පරගැති රූකඩ ආණ්ඩුවක්. බටහිරට කඬේ යන දෙමළ ඩයස් පෝරාවේ වුවමනාවල් ඉෂ්ඨ කරන රූකඩ ආණ්ඩුවක්. මේ රූකඩ ආණ්ඩුව තව දුරටත් තිබුනොත් අපේ දරුවන්ට ජීවත් වෙන්න රටක් නැතුව යනවා.

එදා ජනාධිපතිවරණය වෙලාවේ ටී.එන්.ඒ. එකයි, යූ.එන්.පී. එකයි අතරේ ගිවිසුමක් එලියට ආවා. අද ආණ්ඩුවේ ඉන්න අය පරසක්වල ගැහුවා මේක බොරුවක් කියලා. තිස්ස අත්තනායක මහත්තයා ගිවිසුමක් එලියට දැම්මා. හැබැයි අද මේ සිදුවෙමින් තියෙන්නේ ඒ ගිවිසුම කි‍්‍රයාත්මක වීමයි. තිස්ස අත්තනායක මහත්තය දාපු ගිවිසුමේ අකුරක් අකුරක් ගානේ අද කි‍්‍රයාත්මක වෙමින් තියෙනවා. මේවා කියනකොට අපිට මඩ ගහනවා අපි ජාතිවාදීන්ලූ. ඇත්ත කතාකරන එක ජාතිවාදය නෙමේ. අපේ රට බහුවාර්ගික රටක් අපි හැමෝම ජාතීන් අතර සමගිය, සහයෝගීතාවය, අගය කරනවා. හැබැයි ඒකෙ තේරුම රට කෑලි කඩන්න ඉඩ දෙනවා කියන එක නෙමේ. ආණ්ඩුව අද හදන්නේ යහපාලනයටයි, සංහිදියාවටයි මුවා වෙලා මේ රට දෙකඩ කරන්නයි. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ.

අද රටේ ජනතාව ජීවත් වෙන්නේ ඉතාම අසීරුවෙන් රාජපක්‍ෂ පාලනය සහ රාජපක්‍ෂවරු විවේචනය ඇරෙන්ින මේ ආණ්ඩුව රටට කරපු කෙන් ගෙඩියක් නෑ. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප‍්‍රමුඛ රාජපක්‍ෂ ආණ්ඩුව රටට ලබාදුන් ජයග‍්‍රහන මේ ආණ්ඩුව කිසිම විලි ලැජ්ජාවක් නැතුව පාවා දෙමින් සිටිනවා. ජනවාරි 08 වෙනිදායින් පස්සේ මේ රට ගමන් කරන්නේ ඉදිරියට නෙමෙයි. ආපස්සටයි. එය වෙනස් කල හැක්කේ ජනතාවටමයි. ඒකාබද්ධ විපක්‍ෂයේ අපි ඊට නායකත්වය ලබාදෙන්න සූදානම්.

(ප‍්‍රදීප් අනුර කුමාර)
ඡයාරූප .
කොටි ත‍්‍රස්තවාදයෙන් රට මුදාගත් විජයග‍්‍රහණයේ 7 වන සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු කිරිබත් දන්සැලක් අද(18) කොරස මෝල හංදියේදී ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒකාබද්ධ විපක්‍ෂයේ කැවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වින. එහිදී ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයා යුද්ධයෙන් දිවිපිදු රණවිරුවන්ගේ ඡුායාරූපවලට පුෂපෝපහාර දැක්වූ අයුරු / කිරිබත් දන්සැලට සහභාගී වූ අයුරු සහ විජයග‍්‍රහණය සමරමින් වාහනවල ජාතික කොඩිය ඇලවූ අයුරු ඡුායාරූපවල දැක්වේ.

Pra_joint_OPP

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.