Featured

වසන්ත ඝාතනය කළ “නින්ජා” කවුද?-පරික්ෂණ එපා උතුරු මැද පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට බලපැම්

වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර කඩ 50 මුදිතා මාවතේ පිහිටි පැනරෝමා සමාජශාලාවේ  හිමිකරු වූ කරාතේ උපදේශක හා ගිනස් ලෝක වාර්තාලාභී වසන්ත සොයිසා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රමාණයට පරික්ෂණ කටයුතු නොකරන ලෙසට උතුරු මැද පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාට ප්‍රදේශයේ ඉහල දේශපාලකයෙකු බලපෑම් කරන බව ඒ මහතා අනාවරණය කර තිබේ.

සුදු පැහැති පොහොර උරවලින් සැකසූ ඇඳුම්වලින් සැරැසී නින්ජාවරුන් මෙන් කළු පැහැති රෙදිවලින් මුහුණු ආවරණය කරගෙන කළු පැහැති අත් ආවරණ පැලඳ තියුණු ආයුධ සහිතව අනුරාධපුර කඩ 50 මුදිතා මාවතේ පිහිටි පැනරෝමා සමාජශාලාව වෙත කඩා වැදුණු 25කට ආසන්න පුද්ගලයන් පිරිසක් අමානුෂික අන්දමින් කඩුවලින් කපා කොටා එහි හිමිකරු වූ කරාතේ උපදේශක හා ගිනස් ලෝක වාර්තාලාභී වසන්ත සොයිසා මහතාව පෙරේදා (24) රාත්‍රියේ 11.40ට පමණ ඝාතනය කර පලා ගොස් තිබේ.

වසන්ත ද සොයිසා මහතා ඝාතකයන් විසින් දරුණු ලෙස කපා කොටා ඝාතනය කර ඇති අතර ඔහුගේ සමාජ ශාලාවටද පහරදී බරපතළ ලෙස හානි කර තිබිණි. දෙදරු පියකු වූ සොයිසා මහතාගේ මුහුණ හඳුනාගත නොහැකි වන ලෙස ඝාතකයන් විකෘති කර තිබිණි.

ඝාතනයට පැමිණි පුද්ගලයන් පිරිස ඔවුන් පැමිණි කුඩා ට්‍රක් රථය සමාජශාලාවට මීටර 150ක් පමණ දුරින් නවතා  තිබි සොයාගෙන තිබෙන අතර එම කුඩා ට්‍රක් රථය කොළඹ සිට ඉට දින දෙකකට පමණ පෙර රැගෙන ගිය එකක් බවද අනාවරණය වි තිබේ.

පොහොර උරවලින් සකසා ගත් ඇඳුම් හැඳ නින්ජාවරුන් ලෙස මුහුණ ආවරණය කරගත් ඝාතනයක් විනාඩි 7ක් ඇතුළත වසන්ත සොයිසා මහතා ඝාතනය කර ඔහුගේ සේවකයන්ටද පහරදී පැනරෝමා සමාජශාලාව මුළුමනින්ම විනාශ කර පලා යන අයුරු එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේනද රටපුරාම සමාජ ශාලා පවත්වාගෙන යන්නෙකු වන අතර පරාක්‍රම සමුද්‍රයේ වැවු රක්‍ෂිතයේ බලහත්කාරයෙන් අරලිය හෝටලය පවත්වාගෙන යන්නේද ඔහු විසිනි.

මේ වනවිට අප විශේෂ වාර්තාකරුවන් මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගනිමින් සිටින අතර සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තු වන්න

Top