Featured

වසර 7කට පසුව රට පාවාදුන් සිරිසේන,ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ මානුෂීය මෙහෙයුමේ දර්ෂණ මකලා

දකුණේ යුද ජයග්‍රහණයේ සැමරුම් කරද්දී උතුරේ ජනතාවගේ හිත් ‍රිදෙන බව පවසමින් ඓතිහාසික රණවිරු විජයග්‍රහණය පාවාදුන් “නල්ල මලේ ආරක්ෂක ලේකම්” හෙවත් කොන්ද පණ නැති රූකඩ ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනයාගේ ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි අද ඊළමට මග පෑදුවේ 30 වසරක සාපරාධි මිණිමරු ප්‍රභාකරන්ගෙන් මේ රට බේරාගෙන වසර 7ක් ගෙවේන මොහොතේය.

අද එල්ටීටීඊ ත්‍රස්‌තවාදය පරාජය කළ මානුෂීය මෙහෙයුමේ විජයග්‍රහණයට අදාළව ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළවූ සියලුම මතකයන් ඉහළ නියෝගයකට අනුව ඉවත්කර තිබේ.ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය ක්‍රියාත්මක කෙරුණු දත්ත ගබඩා සහ හුවමාරු උපකරණ (සේවර්) මාරු කරන මුවාවෙන් මෙම දත්ත සියල්ලම මකාදමා ඇති බවයි අනාවරණය වි ඇත්තේ.

මේ අතර වන්නි මෙහෙයුමට අදාල විජයග්‍රහණය ආචාර පෙළපාලිය අත්හිටුවීම සාදරයෙන් පිළිගන්නා බව ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් ලන්ඩන් නුවර සිට මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.එසේම රජය ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු බවත් රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් මුදාහැරිය යුතු බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

අභිමානවත් යුද ජයග්‍රහණය පරාජිත අඳුරු යුගයකට සමාන තත්ත්වයකින් සැමරීමට නිවට නියාලු රුකඩයින් කටයුතු කරන විටදි දෙමළ ඊළාමය යාපනයේ විශ්වවිද්‍යාල කොටි සිසුන් සහ බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්පොරාවේ අමනයන් බ්‍රිතාන්‍යයේ කොඩියද රැගෙන ශ්‍රි ලංකාවට තර්ජනය කරමින් පෙලපාලි පවත්වා තිබේ.

රණවිරුවනී ඔබගේ ඉලක්කය දැන් සුදානම් කර ගැනිමට කාලය එළඹ ඇත…………….

kovai-1

clicghy-108

clicghy-104

uni-5 univer-sity

 

Top