Featured

ව්‍යවස්ථා සභාවට තිබ්බාට තින්දු ගන්නේ වෙන අය…

ව්‍යවස්ථා සභාවට නියෝජිතයන් ලෙස පත්ව රටේ ජනතාවට ගැලපෙන තින්දු තිරණ ගැනිමට නොහැකි තත්ත්වයක් තිබේන බව දැක දැකම එයට සහභාගි විම අණුවන කමක් බැවින්  නව පොලිස්පති පත් කිරිම පිළිබඳව ව්‍යස්ථා සභාවට සහභාගි විම ප්‍රතිකේෂ්ප කළ බව ව්‍යවස්ථා සභාව නියෝජිතය කරන අද නොපැමිණි  සාමාජිකයන් තිදෙනාගෙන් එක් අයෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන සිවිල් සමාජිකයන් තිදෙනා වන්නේ ආචාර්ය ඒ.ටී. ආරියරත්න,ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් වන් අතර ඔහුන් තිදේනාගෙන් පැමිණ සිටියේ  ඒ.ටී. ආරියරත්න මහතා පමණි.

ප්‍රගීත් අතුරුදහන් කල,පසුගියදා සිල්වියාගේ යටිපතුල් ලෙවකා යන අතරතුර රාජගිරියේදි තරුණයෙකු යටකර පලාගිය,පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ඉදිරිපත් ව තිබේන අමාත්‍ය පාඨ්ළී චම්පික රණවකගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ලෙස පත් කරන ලෙස ජනාධිපතිවරයාට බලපැම් කරමින් තිබේන නිසාම ව්‍යවස්ථා සභාවේ සාමාජික පාඨලි චම්පික ඇමැති නව පොලිස්පති තෝරා ගැනීමේ රැස්වීමට සහභාගී නොවිය යුතු යැයි එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා දැමුම් දි තිබියදි අද එම අවස්ථාවට සහභාගි වු ප්‍රා නායකයා තමන්ගේ හුරතලා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත් ජයසුන්දර මීළඟ පොලිස්පති ලෙස පත්කලයුතු බව තරයේම අවධාරණය කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත් ජයසුන්දර මීළඟ පොලිස්පති ලෙස පත්විම තමන්ගේ කැමත්ත පමණක් නොව ජනාධිපතිවරයාගේද එකම කැමත්ත එය බවද ප්‍රා නායකයා පෙන්වා දි තිබේ.

ප්‍රා නායක අමාත්‍ය චම්පික රණවක සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා කල අනාවරණය ………………….

“පොලිස්පතිවරයා අප්‍රේල් මාසයේ 11 වෙනිදා විශ්‍රාම යන්න නියමිතයි. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙක් පොලිස්පති ධුරය බලාපොරොත්තුවෙන් සිටිනවා. පොලිස්පතිධූරට ජනපති විසින් නියම කරන නම තෝරගන්නවද ප්‍රතිෂේපිත කරනවද කියන එක තීරනය කරන්නේ ව්‍යවස්ථාධායක සභාව. අපි දැක්කා නීතිපති තනතුරුට නම් යෝජනා කරද්දි ව්‍යවස්ථාධායක සභාව දෙකට බෙදිල දෙදෙනෙක් වෙනුවෙන් පොර බැදුවා. එතන දේශපාලණයක් තියෙනවා. නීතිපති තනතුර බලාපොරාත්තු වන ඇතැම් පුද්ගලයෝ ව්‍යවස්ථාධායක සභාවේ සාමාජිකයන්ගේ පසුපස යමින් ඒ තනතුර ඉල්ලා සිටි බව ව්‍යවස්ථාධායක සභාවේ සාමාජිකයන්ම ප්‍රකාශකලා. පොලිස්පති තනතුරටත් අද ඒ තත්වය ඇතිවෙලා තියෙනවා. ඊලග පොලිස්පතිවරයා තීරනය කිරීමේ භාරදූර වගකීම තියෙන ව්‍යවස්ථාධායක සභාවේ පොලිස් විමර්ශණ හතරක සැක කරුවෙක් වාඩිවෙලා ඉන්නවා. ඉස්සරනම් කිව්වේ හොරාගෙ අම්මගෙන් පේන අහන්න එපා කියල. දැන් සැකකරුවෙක් තමයි පොලිස්පති තීරණය කරන්නේ.”

“අපි දන්නවා ලෙස්ට ජේම්ස් පීරිස් මැතිතුමන්ගේ ඡායාරූපයක් විකෘති කරමින් කූඨ ලේකණ හැදුවා කියා රණවක ඇමතිතුමන්ට චෝදනාවක් තියෙනවා. ඒවගේම 2015 පෙබරවාරි 03 වෙනිදා සිරස නාලිකාවේ විකාශනය වුණු සටන වැඩසටහනේදී අවිබලයෙන් මැර බලයෙන් මේ ආණ්ඩුව පෙරලන්න කියල රටේ ජනතාවගෙන් රණවක ඇමතිවරයා ඉල්ලා සිටියා කියල චෝදනාවක් තියෙනවා. ඒ වගේම ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම පිළිබදව රහස්පොලීසිය විමර්ශණ කරනවා. ඒ සම්බන්ධයෙන් රණවක ඇමතිතුමන්ගේ නම පසුගිය කාලයේ බරපතල ලෙස කියවුනා. සිව්වෙනුව මෑතකදී සන්දීප් ගුණවර්ධන තරුණයා හදිසි අනතුරකට ලක්කොට පලායාම පිළිබද එතුමන්ට චෝදනාවක් තියෙනවා.”

“මෙවැනි පොලිස් විමර්ශණ හතරක සැකකරුවෙක් මීලග පොලිස්පතිවරයාව තෝරනවනම් පොලීසියෙන් මේ විමර්ශණ වලට සාධාරණයක් ඉටුවෙයිද? ව්‍යවස්ථාදායක සභාවෙන් පොලිස්පතිවරයා තෙරීම සාධාරණව සිදුවෙයිද? රණවක ඇමතිවරයා තරුණයෙක් යටකර පලාගියා කියන පරීක්ෂණය භාරව සිටින්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්ද මහතායි. ඔහුත් පොලිස්පති දූරය බලාපොරෝත්තු වෙනවා. දැන් චම්පිකගේ අනාගතය තියෙන්නේ පූජිත අතේ. පූජිතගෙ අනාගතය තියෙන්නේ චම්පික අතේ. මෙවැනි හෙයියං මාරුවක් ලංකා ඉතිහාසයේ තියා ලෝක ඉතිහාසයේවත් වාර්ථාවනවාදැයි මා දන්නැහැ. මා දන්නාතරමින් පොලිස් විමර්ශන හතරක් තියා එක්කවත් තියෙන කෙනෙක් ලෝක ඉතිහාසයේවත් පොලිස්පතිවරයෙකු තෝරාපත්කරගැනීමකට දායක වෙලා නෑ.”

[box type=”success” ]පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා පත් නොකිරිමට කටයුතු කරන ලෙස ඉල්ලා රාජ්‍ය නොවන සංවිධාන වල් බල්ලන් ජනාඪ්හිපතිවරයාට බලපෑම් කරමින් සිටින බව ජනාධිපති මන්දිරයේ සිටින අප විශේෂ වාර්තාකරු අනාවරණය කලා. ඔහුන්ගේ එකම ඉල්ලිම වි ඇත්තේ ප්‍රා නායක මෙන්ම අස්වාභාවික ලිංගීක ක්‍රියාකාරම් හෙළි කිරිම හේතුවෙන් ප්‍රගීත් අතුරුදහන් කල,පසුගියදා සිල්වියාගේ යටිපතුල් ලෙවකා යන අතරතුර රාජගිරියේදි තරුණයෙකු යටකර පලාගිය,පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ඉදිරිපත් ව තිබේන අමාත්‍ය පාඨ්ළී චම්පික රණවකගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ලෙස පත් කරන ලෙසයි.[/box]

Read Now- පොලිස්පතිවරයා පත්කරන්න වල් බල්ලන්ගෙන් ජනපතිට බලපෑම්

Top