Featured

වැගපිටිය දොට්ට දමනු! රනිල්ගේ ඉල්ලිමට මෛත්‍රී බෑ කියයි

රාජපක්ෂ පවුලේද අතිශය සමීපතමයෙකු වන ඩබ්. එච්. කේ. වැගපිටිය මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය තුල සිටීම වත්මන් ආණ්සුවේ ක්‍රියාකරිත්වයට බාධාවක් හෙයින් එම පුද්ගලයා ඉවත්කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කල නියෝගයක් ටෙලිකොම් සභාපතිවරයා වන ජනාධිපතිවරයාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරමක අර්බුධකාරී තත්වයක් හට ගෙන ඇතයි වාර්තාවේ.

ව්‍යාපාරිකයකු වන ලාෆ් ගෑස් අධිපති ඩබ්. එච්. කේ. වැගපිටිය ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරනු ලැබුවේ පසුගිය දින සීයයේ ආණ්ඩු කාලයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙනි. මෙම ව්‍යාපාරිකයා රාජපක්ෂ පවුලේද අතිශය සමීපතමයෙකු විය. ඔහු විමල් වීරවංශගේ නායකත්වයෙන් පවතින මවුබිම ලංකා පදනමේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙකි. පසුගිය කාලයේ සීපා ගිවිසුමට එරෙහිව වීරවංශගේ සැලැස්මකට අනුව පලකළ පුවත්පත් දැන්වීම් සඳහා මුදල් ලබා දුන්නේ ඔහු බවටද තොරතුරු තිබේ.

මෙවනි පසුබිමක් ඇති පුද්ගලයෙකු ටෙලිකොම් ආයතනය වැනි වැදගත් රාජ්‍ය ස්තානයක අසුන්ගෙන සිටීම ආණ්ඩුවට එතරම් සුබ තත්වයක් නොවන බව කියා සිටින අගමැතිවරයා ඒ පිලිබඳව පසුගියදා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයන් කිහිප දෙනෙකු සමගද සාකච්චා කිරීමෙන් අනතුරුව වෑගපිටියව ඉවත් කිරීමේ අවශ්‍යතාවය ටෙලිකොම් සභාපතිවරයා වන ජනාධිපතිවරයාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන මහතාට දැනුම් දුන්නද ඔහු එය ප්‍රතික්ෂේප කර තිබේ.

මහා භාණ්ඩාගාරය සතු 51%ක කොටස් හැරුණු විට වැඩිම ටෙලිකොම් කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන (45%ක කොටස්) මලයාසියාවේ ‘මැක්සීස්’ ආයතනයේ සාමාජිකයන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාව සම්බන්දව එකඟවී ඇති අතර ඔවුන්ගේද අදහස වී ඇත්තේ වෑගපිටිය වැනි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා විමල් වීරවංශ වැනි අය සමග ගනු දෙනු කරන පුද්ගලයින් ටෙලිකොම් ආයතන තුල සිටීම බයානක තත්වයක් බවයි.

බන්දුල කුමාරප්පෙරුම

Top