Breaking
23 Jan 2025, Thu

වැඩේ කෙලවෙන්නයි යන්නේ…..එජාපයේ කැළඹීමක්

එක්සත් ජාතික පක්ෂය  සංවිධානය කර තිබූ “අලුත් ශ්‍රී ලංකාවට ඉඩදෙන්න” විරෝධතා රැළියට සැළසුම් කළ තරම් පිරිසක් සහභාගී නොවීම පිළබදව එජාප ප්‍රබලයන් දැඩි ලෙස කැළඹීමට පත්ව ඇති බව සිරිකොත අභ්‍යන්තර තොරතුරු මාර්ග පවසයි.එම රැළියට අඩුම තරමින් විසිදහසක්වත් කොළඹට ගෙන්වීමට එජාප ප්‍රධානීන් සැලසුම් කර තිබුණද සහභාගී වී ඇත්තේ පන්දහසකට අඩු පිරිසකි. රැළිය පැවැත්වීමට කලින් සැලසුම් කර තිබූ හයිඩ් පිටියෙන් බාගයක්වත් පිරවීමට එම සෙනග ප්‍රමාණවත් නොවීම නිසා රැළිය ලිප්ටන් වටරවුමට හැකිළීමට සිදුව තිබේ.

අවශ්‍ය ප්‍රතිපාදන සහ ලංගම බස් රථ සිරිකොත මූලස්ථානය මගින් සපයා තිබුණත් සිතූතරම් පාක්ෂිකයන් පිරිසක් කොළඹට ගෙන්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන්ගෙන් කරුණු විමසීමට එජාප මූලස්ථානය සූදානම් වන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම සෑම යෞවන සමාජ සම්මේලනයකින්ම තරුණයන් දහස බැගින් සහභාගී කරවන ලෙස තරුණ සේවා සභාවට දැනුම් දී ඇතත් සමස්ථ රැළිය සදහාම ගෙන්වාගත හැකිව තිබෙන්නේ තරුණයන් දෙදහසකට ආසන්න පිරිසකි. ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව වෘත්තීයවේදින් විසිදහසකට ආසන්න පිරිසක් විසින් පසුගිය මස කොළඹදී පැවැත්වූ විරෝධතාවය පිළිබදව අදහස් දක්වමින් අගමැතිවරයා පවසා තිබුණේ එම විරෝධතාවට එරෙහිව එමෙන් දෙගුණයක් තරුණයන් සහ වෘත්තීයවේදීන් පාරට බැස්සවීමට තමන් සමත් වන බවයි. නමුත් එජාපයේ වෘත්තීය සමිත සංවිධාන කිහිපයක් හැරෙන්නට පිළිගත් වෘත්තීය සංගම් හෝ සංවිධාන එජාප රැළිය සදහා සහභාගී නොවීය.

සිරස ඇතුළු පුද්ගලික ජනමාධ්‍ය එජාප රැළිය සම්බන්ධයෙන් රිනාත්මක ප්‍රතිචාර දක්වා තිබීම සම්බන්ධයෙන්ද සිරිකොත ප්‍රධානීන් උරණව සිටින බවද පැවසේ. මාධ්‍ය මගින් වැඩි ඉඩක් ලබා දි තිබුණේ, බඹර පදමට මත්වූ පාක්ෂිකයන් පපරේ බෑන්ඩ් සද්දෙට (Lady Boy) ලා සමග රගදෙමින් පෙළපාලියේ යන දර්ශනවලටය.

Youth Manජන බලය පෙන්වීමට ගොස් එජාපය ඇන ගැනීම ගැන අදහස් දක්වමින් පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලකයන් පවසා ඇත්තේ අගමැතිවරයා ලෝකයම දිනා ගැනීමට දක්ෂයකු බවට උදම් ඇනුවත් ගම් මට්ටමේ, බිම් මට්ටමේ දුප්පත් පාක්ෂිකයන්ගේ හදවත දිනා ගැනීමට සමතෙකු නොවන බව තව දුරටත් පැහැදිළි වන බවයි. ඇල්මැරී සිටි එජාප පාක්ෂිකයන් ජනවාරි 8 දේශපාලන පෙරළියත් සමග උත්තේජනයක් ලැබූවද බලාපොරොත්තූ වූ තරම් වෙනස සනීප නොවීමත්, අඩු තරමේ පාක්ෂිකයන්ගේ ගැටළුවල හෝ විසදුම් ලබා දීමට එජාපය කටයුතු කර නොතිබීමත්, නිසා “කැපුවත් කොළ“ පැරණි පාක්ෂිකයන් අතලොස්සක් හැරෙන්නට මධ්‍යස්ථ පාක්ෂිකයන් පක්ෂය සහ නායකයන් ගැන තව දුරටත් කළකිරීමට පත්ව ඇති බවත්, මේ තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණයකට ගියහොත් පරාජය අනිවාර්ය වන බවත් එම දේශපාලකයන් පවසා ඇති බවයි වැඩිදුරටත් අනාවරණය වන්නේ.

නීතිඥ උදය ගම්මන්පිල මහතා හයිඩ් පාර්ක් පිටියේ පැවැති “ජන සටන” විරෝධතා රැලියේ දී  “අලුත් ශ්‍රී ලංකාවට ඉඩදෙන්න” රැළිය ගැන අදහස් දැක්වුවා…

මේ රැස්වීම් භූමියේම රැස්වීමක් පවත්වන්න තිබුණා. බස් නම් පෙරහැරෙන් ආවා තමයි. හැබැයි බස් වල සෙනග හිටියේ නෑ. ඒ රැස්වීමට හිටියේ උපරිමේ 4,000යි. හයිඩ් පිටියේ එදා රැස්වීම තිබුණා නම් මේ ජන ගඟ සමග සැසඳිලා ආණ්ඩුව කරන එජාපයේ හෙළුව පේනවා. ඒ නිසා නගර සභා පිටියෙන් හයිඩ් පිටිය දක්වා පෙලපාලියෙන් ආපු තරුණ සීයලා ආච්චිලා හයිඩ් පිටිය පෙනි පෙනී ආපසු හැරෙන් ගමනේ යා කියා නැවත ගියා ලිප්ටන් වටරවුමට….

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.