Featured

වැඩේ වැරදුනොත් මට වෙන්නේ අපවත් වෙන්න!

“ජනාධිපති තුමා අලුත් ව්‍යවස්ථාවෙන් ෆෙඩරල් හරි ඔය කියන වෙන මොනවා හරි දෙන එකක් නෑ නේද දායක මහත්තයෝ…නැත්නම් මට වෙන්නේ අපවත් වෙන්න..” යනුවෙන්  මල්වතු පාර්ශවයේ මහානායක හිමියෝ  තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ මීට දින දෙකකට පමණ පෙර දළදා වහන්සේ වැදපුදා ගැනිමට ගිය මහානායක හිමියන් සමග ඉතාම හිතවත් සිරිසේන පිළේ අමාත්‍යවරයෙකුගෙන් විමසු බව නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි එම අමාත්‍යවරයා අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත හරහා රට දෙකඩ කිරිමේ සීමාවද ඉක්මවා යන බව පෙන්වා දිමට  තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක හිමියෝ හමුවිමට විමල් විරවංශ මහතා ගිය  අවස්ථාවේ අඩ නින්දේන් ඇහැරුනු අයෙකු මෙන් හැසිරෙන මහා නායක හිමියන් දිගින් දිගටම කියා සිටියේ තමන්ට අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද ඉතාමත් විශ්වාස බවයි. ඒ හේතුවෙන් අනවශ්‍ය භියක් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතිකර නොගන්නා ලෙසටද මහානායක හිමියෝ විමට අවවාද කළා.

නමුත් මහානායක හිමියන්ගේ එම ප්‍රකාශයන් රටේ ජනතාව අතර දැඩි ලෙස විවේචනයට ලක්වු අතර මහානායක හිමියන් බැහැදැකීමට ගිය යහපාලනයට කඩේ ගිය අය පවා එම ප්‍රකාශය පිළිබඳව සිය අප්‍රසාදය පලකර තිබේ.මහානායක හිමියන් බැහැදැකීමට ගිය සියලුම දෙනා අවධාරණය කර ඇත්තේ අගමැති මෙන්ම ජනපති සම්බන්ධයෙන්ද විශ්වාසය තැබිය නොහැකි බවයි.

mahanayaka-1 mahanayaka-2 mahanayaka-3 mahanayaka-4 mahanayaka-5 mahanayaka-6 mahanayaka-7 mahanayaka-8 mahanayaka-9

Top