Breaking
23 Feb 2025, Sun

වැස්සේ මෝටර් සයිකලෙන් ආ තරුණ ජෝඩුව මුල පිරූ වෙනස(මෝඩ ටොයියන්ගේ අවධානයට )

වෙනසකට මුල පුරා වසරක් ගත වී ඇති බව අගමැතිතුමා සහ ජනාධිපතිතුමා විසින් මතක් කර දීම හොඳ දෙයකි. එදා රට තිබුණ තැන සහ අද ඇති තැනත් දැන් මේ වෙනස්කම් කරන්නේ රට කොතැනට ගෙනයාමටද බවත් ඒ මතකය ඔස්සේ අපට අවබෝධ කරගත හැකිය. එදා වැස්සේ තෙමීගෙන මෝටර් සයිකලයක් පැදගෙන ආ තරුණ ජෝඩුවක් පැතුවේ තමන්ගේ ආණ්ඩුවක් තුල අඩු මිළට වාහනයක් මිළදී ගැනීමටය. අද ත්‍රී වීලර් රථයේ සිට සියළු වාහන වල මිළ ලක්‍ෂ ගණනින් වැඩිවී ඇත. සමහර වාහන දශ ලක්‍ෂ ගණනින් වැඩි වී ඇත. වාහන වලට අය කෙරෙන ආදායම් බදු වැඩි වී ඇත. ලබාගත හැකි වාහන ණය ප්‍රතිශතය සීමාවී ඇත. මෝටර් සයිකලයෙන් රථ වාහනයකට මාරුවීමට සිතා සිටි පහල මධ්‍යම පංතියේ දහස් ගණන් තරුණ ජෝඩු වල අපේක්‍ෂා භංග වී ඇත.

RW_LSඑසේ වුවත් මේ අවුල් ආණ්ඩුව ජනතාව ඇන්ඳීම තවමත් නවත්වා නැත. වැස්සේ මෝටර් සයිකලෙන් ආ තරුණ ජෝඩුව ගණයේ සුප්‍රබුද්ධ රූපවාහිනී ප්‍රචාරක දැන්වීම් තවමත් ප්‍රචාරය වේ. එයින් අපට කියා දෙන්නේ ඕපන් ක්ලෝස් (විවෘත/සංවෘත) ගැන නොසිතා රට හැදිය යුතු යැයි කියාය. රවි කරණානායකගේ අය වැය මෙන්මම මේ කියන දේද සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගැනීමට අපහසු සුප්‍රබුද්ධ ගණයේ එකක් වුවද ගොනා හැරෙන්නේ කුමකටදැයි මෙරට මිනිස්සුන්ට සිතා ගත හැකිය. ඉදිරියේදී මේ අවුල් ආණ්ඩුව විසින් රටේ භෞතික සහ මිනිස් සම්පත් පමණක් නොවේ ජනතා ස්වාධිපත්‍යයද විදේශිකයින්ට සූරා කෑමට ඉඩදෙනු ඇත. එසේ නැතිව මේ ආණ්ඩුවට පැවැත්මක් නැත.

අය වැයෙන් නොකීවද මේ අවුල් ආණ්ඩුව විසින් විදේශ කළු සල්ලි මෙරටට ගෙන ඒමට ඉඩදී ඇත. ඒ මුදල් වලට පොළියක්ද ගෙවන බව සඳහන්ය. පොළිය ගෙවන්නේ කෙසේදැයි නෙකියවුණද රටේ ජනතාවගේ විශාම වැටුප්ද කොටස් වෙළද පොලේ ආයෝජනය වීමට නියමිත බව සඳහන්ය. දැන් විදේශිකයින්ට මෙරට ඉඩම් අයිති කරගැනීමට බද්දක් අය කරන්නේ නැත. තහනම්වූ කොටි හිතවාදී සංවිධාන රැසක තහනම ඉවත් කෙරී ඇත. විදේශගතව සිටි දෙමළ ජාතිවාදීන්ට දැන් නීතියානුකුලව මෙරටට පැමිණිය හැකිය. ඔවුන්ට ලඟදී නිදහස්වුනු කොටි ත්‍රස්තවාදීන් සමඟ රිසි සේ ගණුදෙනු කල හැකිය. ඒ අතර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන කථා කෙරෙයි. ව්‍යවස්ථාවට අනුව පළාත් සභා මධ්‍යයට බැඳ තබාගැනීමට හැක්කේ විධායක ජනධිපති බලතල වලට පමණි. මේ සියල්ලෙන් පෙනී යන්නේ රට ආර්ථිකව සහ දේශපාලණිකව පාවා දෙමින් පවතින බව නොවේද? ඕපන් ක්ලෝස් ප්‍රචාරක දැන්වීම් වලින් ජනතාව එයට නම්මවා ගත හැකිවෙයිද? අඩු තරමින් වැස්සේ මෝටර් සයිකලෙන් ආ තරුණ ජෝඩුව මෙරටට කල දේ පිළිබඳව මතකයක් මෙරට ජනතාවට තිබෙන තාක්කල් එය කල නොහැකි විය යුතුය.

RW_LS_01ඊනියා වෙනසට මුල පිරුවේ දූශණය සහ භීශණය මුල් කරගෙනය. මීට වසරකට ඉහතදී යහපාලනවාදීන් ආර්ථිකය ගැන හෝ බලය බෙදීම පිළිබඳව කථා නොකිරීමට වග බලා ගත්හ. කොටින්ම ඡන්ද ප්‍රචාරක රැළි වලදී රාජපක්‍ෂ සමයේ ආර්ථික සංවර්ධනය එලෙසම කරගෙන යන බවට ජනතාවට පොරොන්දු වන්නට යහපාලනවාදීන්ට සිදුවිනි. මන්ද සාමාන්‍ය මිනිසුන්ට කෙසේ වෙතත් සාමාන්‍යයෙන් යූඑන්පියට ඡන්දය දෙනවුන්ට රාජපක්‍ෂ සමයේදී ආර්ථික අතින් අඩු පාඩුවක් නොතිබුනු බැවිනි. ඉදිරියේදී මෙරට ආර්ථික අතින් අඩු පාඩුවක් නැති පංතිය ගණනින් තව තවත් සංකෝචනය වනු ඇත. රණ විරුවන් පාවා නොදෙන බවට පමණක් නොවේ ඔවුන්ගේ ගෞරවයද ආරක්‍ෂා කෙරෙන බවට පොරොන්දු විනි. මන්ද මෙරට සාමාන්‍ය මිනිසුන් පමණක් නොවේ සාමාන්‍යයෙන් යූඑන්පියට ඡන්දය දෙනවුන් පවා රටේ ඒකීය භාවය ආරක්‍ෂාවිය යුතුය යන ස්ථාවරයේ සිටින බැවිනි.

යහපාලනවදීන් තවමත් කථා කරන්නේ දූශණය සහ භීශණය ගැනය. ඔවුන් සමහරක්ට අනුව රටේ ප්‍රධානම ප්‍රශ්ණය හිටුපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සිල් රෙදි බෙදූ හැටි සොයා ගැනීමය. ඒ අතර මහ බැංකු බැඳුම්කර වංචා සහ කළු සල්ලි ඔස්සේ මෙරට ආර්ථිකයත් ජෙනීවා අධිකරණ හරහා මෙරට ෙසේවරීභාවයත් පාවා දෙමින් පවතී. මේ කරුණු මෙලෙස සිදුවන්නේ අහම්බයෙන් වත් නොසිතු විරූ පරිදිවත් නොවේ. මේ දෑ මෙසේ සිදුවන බව ජාතිකවාදීන් විසින් ජනවාරි 8 දාට පෙර පෙන්වා දුනි. මෙරට ආර්ථිකව සහ දේශපාලණිකව යටත් කර ගැනීම ඉංදියාව සහ බටහිර රටවල අවශ්‍යතාවය වේ. වැස්සේ මෝටර් සයිකලෙන් ආ තරුණ ජෝඩුව මෙන් යහපාලනවාදීන් ඒ බව අපට නොකියා අප එතැනට ගෙනයමින් සිටියි. වසරක් තිස්සේ මේ ජෝඩුව සමඟ ගමණක් ගිය මෙරට ජනතාවට යන්නේ කොහේදැයි දැන්වත් අවබෝධ විය යුතුය.

වංශපුර දේවගේ ජානක

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.