Featured

විග්නේශ්වරන්ට,සෙයිද් අල් හුසෙයින්ගෙන් ලිපියක්,රහසිගත හමුවක් ලගදිම

දෙමළ ජනතාවගේ අභිප්‍රායන් මල්පල ගැන්විම සදහා වෙනම රාජ්‍යක් වෙනුවෙන් සටන් වදින උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් හට කොන්දේසි විරහිතව සහය ලබාදිමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසෙයින් කැමත්ත පලකර විශේෂ ලිපියක් එවා ඇති බව උතුරේ අප විශේෂ දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටි.

තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවත් එම සංචාරයේදි විග්නේෂ්වරන් සමඟ පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වීමටද තමන් සුදානම් බව එම ලිපිය හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසෙයින් දැනුම්දි තිබේ.

මේ අතර උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති දෙමළ ජනතා සංසදයේ 2වන සභාවරය හෙට (27) වන දින පැවැත්වීමට නියමිත අතර, දෙමළ ජනතාවගේ ජාතික ජනවාර්ගික ගැටළුවට විසඳුමක් දැකීම සඳහා වන විද්වත් කමිටුවක් පිහිටුවීමට නියමිතය.

ඉන්දියානු කරණය වි තිබේන ද්‍රවිධ ජාතික සන්ධානය වෙනුවට යුරෝපය සමග එක්ව ඉදිරියටම ගොස් ඉක්මනින්ම ස්වාධින ඊළමක් වෙනුවෙන් ගමන් කිරිම සදහා සාම්ප්‍රදායික ද්‍රවිධ ජාතික සන්ධානයට අභියෝග කිරිම සදහා ‘දෙමළ ජනතා සංසදය’ යන නමින් දෙමළ ජාතික සන්ධානයට විකල්ප කණ්ඩායමක් පිහිටුවීම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් කටයුතු කරමින් සිටින අතර සම්පුර්ණයෙන් ඇමරිකානු මැදිහත් විම මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියට සහය දක්වමින් පසුගියදා දිවයිනට පැමිණි දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල්ද සී.වී.විග්නේෂ්වරන් පෞද්ගලිකව හමුවි සාකච්ඡා කර සිටියා.

Zeid Ra’ad Zeid Al Hussein

C. V. Vigneswaran

Top