Anonymous Reporter

විජයදාස රාජපක්ෂ පට්ට හොරෙක්

විජයදාස රාජපක්ෂ කියන්නේ හොරෙක් වංචාකාරයෙක් යැයි තමන් නොබියව පවසන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ඇවන්ට්ගාඩ් සිද්ධිය හරහා අල්ලස් ගත් කෙනෙක් යැයි තමන් මීට පෙරද මහරගම වේදිකාවකදී පවා අනාවරණය කල බව කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළා.

ඇවන්ඩ්ගාඩ් සිද්ධිය පිටුපස වජිර අබේවර්ධන ඇමතිවරයා ද සිටින බවත් ඇවන්ට්ගාඩ් යුධ නෞකාව සම්බන්ධයෙන් පොලීසිය කළේ ලකුණු දමා ගැනීමක් යැයි තිලක් මාරපන ඇමතිවරයා කියන්නේ නම් පොලීසියේ ක්‍රියාකලාපය ගැනද පරීක්ෂණයක් කළ යුතු බවද ෆොන්සේකා මහතා අවධාරණය කළා.

මෙම නැව කටයුතු කර ඇත්තේ අන්තර්ජාතික සමුද්‍රීය නීතිවලට පටහැනිව බවත්, එසේ නීති කඩ කර කටයුතු කිරීමට අවශ්‍ය ඉඩ සලසාදීමට ආරක්ෂක අමාත්‍යංශයේ සිටියේ කවර ජගතෙකුදැයි හෙතෙම ප්‍රශ්න කළේය.

දීපවාලි දවසේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීමට යනවාදැයි මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට සරත් ෆොන්සේකා මහතා පැවසුවේ එවැන්නක් කිරීමට ජනපතිට බලයක් ඇති බවයි.තමන්ද නිදහස් කළේ එසේ යැයි ෆොන්සේකා සදහන් කළා.

Top