Featured

විජේදාසට මලපනී -සදරුවන්ට කුණු බැනුම්,නිවුස් එක ලිව්වේ තුසිත හල්ලොලූව ගඳයා පාවාදෙයි

යෝෂිතට ඇප දෙන්නැයි එජාප ප්‍රබල ඇමැතියෙකු විනිසුරුට බලපෑම් කරලා..! යනුවෙන් ලංකා ඊ නිවුස් අද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉලක්ක කර මඩ පුවත්ක පලකිරිම සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ අද මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඉදිරියේම ලංකා ඊ නිවුස් කතෘ හැටියට පෙනී සිටින සදරුවන් සේනාධිරට ස්පිකර් ඔන් කරමින් දුරකථනයෙන් පරුෂ වචනයෙන් බැන වැදි තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.අදාළ සිද්ධිය සිදුවන අවස්ථාවේ  අප විශේෂ වාර්තාකරුද එම ස්ථානයේ සිටි අතර “තමුසේට මම කොච්චර උදව් කරලා තියේනවද තමුසේලා මෙහෙම බොරු ලියන්න එපා …එක එකාගෙන සල්ලි රගෙන …අමන වැඩ කරන්න එපා …ඔයි…”යනුවෙන් බැනවැදි තිබේ.

එවිට එම් ඇමතුමට පිළිතුරු දුන් සදරුවන් අදාළ පුවත තුසිත හල්ඔලුව විසින් ලියා තහවුරු කර තමන්ට පලකරන ලෙසට බලපෑම් කල බවයි.

බලු ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය තමා සතු කර ගැනීමට වෙල් විදානේ ෆෝන්සේකා ගිනී පෙලෙල්ල වතුරේ ඔබා රනිල්ගේ සිරිකොත ගුබ්බැයමට රිංගවා සභාපතිකම් ලබාගැනිමට සුට් පවා මසාගත් කුප්‍රකට ජාවාරම් කාරයෙකු මෙන්ම සරත් ෆොන්සේකාගේ ලේකම්වරයා ලෙස පෙනී සිටින සේනක සිල්වා ෆොන්සේකාට එජාප මන්ත්‍රීකම ලබාදීමට විරුද්ධව එජාපයේ අරගල කරන අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉලක්ක කර මුදල් ලබාදි අසත්‍ය පුවතක් නිර්මාණය කිරිමට කටයුතු කර තිබේ.ඒ සදහා මොබිටෙල් සමාගමේ නිකම් පඩිගත් සිරිසේනලාගේ සහෝදර සමාගමට මඩ ගැසිමට ගොස් කණෙන් අල්ලා දොට්ට දැමු ඊ නිවුස් මාෆියා පුවත් මවන්නා ලෙස කටයුතු කරන තුසිත හලොලුව යොදාගෙන තිබේන බවද අමාත්‍යවරයාඅනාවරණය කර තිබේ.

<<<<උපුටා ගැන්ම ලංකා ඊ නිවුස් >>>>

කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හෙවත් සීඑස්එන් නමින් රූපවාහිනී ක්‍රීඩා නාලිකාවක් ආරම්භ කරමින් රාජපක්ෂලා විසින් සොරකම් කරන ලද මහජන මුදල් හෙවත් කළු සල්ලි කෝටි 52 ක් පමණ සුදු කර ගැනීමේ ජාවාරමක් කළ බවට චෝදනා ලබා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යෝෂිත රාජපක්ෂට නීති විරෝධී ලෙස ඇප ලබා දෙන්නැයි වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රබල එජාප ඇමැතිවරයෙක් කඩුවෙල මහේස්ත්‍රාත්වරයාට බලපෑම් කර ඇතැයි ලංකා ඊ නිව්ස් අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

නීති ගරුක විනිසුරුවරයා ඇමැතිවරයාගේ බලපෑම නොතකා හැර නීතියට අනුව ක්‍රියා කරන බවට ඇමැතිගේ මූණටම පවසා තිබේ. මුදල් විශුද්ධි කරණ චෝදනාව යටතේ අත් අඩංගුවට පත් අයෙකුට මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබා ගත නොහැකිය. ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයෙනි.

මෙකී ඇමැතිවරයා පසුගිය කාලයේදී රාජපක්ෂලා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කිරීම ගැනත්, නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන ඇමැතිවරයෙකු ලෙසත් සිවිල් සංවිධාන නායකයන්ගේ දැඩි විවේචනයට ලක්වූවෙකි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ කර ගන්නවාට ද ඔහු දැඩි විරෝධයක් පෑවේ ය.

<<<<උපුටා ගැන්ම අවසන් >>>>

WIJAYA

Top