Featured

විදේශ විනිශ්චයකරුවන් ගේනවා-මමත්,ජනපතිත් ඉන්නේ එක මතයක

විදේශ විනිශ්චයකරුවන් ගෙන්විම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විරෝධතාවක් පෙන්විමට ප්‍රධානම හේතුව වි ඇත්තේ මේ වන විට ශ්‍රීලනිපය තුල ඇතිවි ඇති අර්බුදය බවත් විදේශ විනිශ්චයකරුවන් ගෙන්විම සම්බන්ධයෙන් ජනපති මෙන්ම තමන්ද දරණ්නේ ජාත්‍යන්තර මතයම පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කර තිබේ.

මානව හිමිකම් කඩවීම් පිළිබඳව ජාත්‍යන්තරයෙන් එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් ඇතිවන විමර්ශන කටයුතුවලදීත් එමෙන්ම එම අධිකරණ කටයුතුවලදීත් විදේශ විනිශ්චයකරුවන් මෙරටට ගෙන්වීම පිළිබඳ තමාගේ එකඟත්වයක්‌ නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කල ප්‍රකාශ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ අමාත්‍ය මංගල සමරවිර අතර හදිසි සාකච්ඡාවකදි මේ පිළිබඳව අනාවරණය වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

පසුගියිදා පානදුර නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 70 වන ජාතික උපසම්පදා විනය කර්ම මහෝත්සවයට එක් වෙමින් මහා විරයෙකු ලෙස සිරිසේන කියා සිටියේ විදේශීය අධිකරණයකට, විනිසුරුවරයෙකුට හෝ කිසිදු සංවිධානයකට අපේ රටේ අභ්‍යන්තර පරිපාලනයට සහ අධිකරණයට ඇඟිලි ගැසීමට ඉදිරියටත් ඉඩ නොතබන බවයි.

පසුගියදා ජගත් මානව හිමිකම් මණ්ඩලය හමුවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර දෙමළ ඩයස්පෝරා නායකයන්ද සහභාගි වූ සභාවක් අමතමින් කියා සිටියේ යුද්ධයෙන් පීඩාවට පත් වුවන් සඳහා යුක්තිය ඉටු කිරීමට විදේශීය විනිශ්චයකාරවරුන් කැඳවා ගැනීමේ ඉඩකඩ බැහැර කොට නැති බවයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් මෛත්‍රී පාර්ශවයෙන් මංගලට බරපතල ලෙස ප්‍රහාරයන් එල්ල වු අතර මංගලගේ මෙම ප්‍රකාශයන් මහින්දගේ ඒකාබද්ධ විපක්ෂයට උත්තේජනය සපයන බවටද මෛත්‍රී පිළ ජනාධිපතිවරයාට දැනුම් දි තිබුනා.

මේ අතර දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් සහ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියා නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් මන්ප්‍රීට් සිං මේ සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර මෙරට යුද සමයේ සිදුවූ දෑ පිළිබදව සොයා බලන වගවීම් යාන්ත්‍රණය සම්බන්ධයෙන් සියලූ ජන කොටස්වල විශ්වාසය තහවුරු කිරීම සදහා ඊට විදේශීය දායකත්වයක් අත්‍යාවශ්‍ය බව බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය අමාත්‍ය ලේකම් හියුගෝ ස්වෙයර් එරට පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාව පිළිබඳ විවාදයකදී කරුණු දක්වමින් පවසා තිබේ.මෙම ස්ථාවරය පිළිබඳ බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකා රජයට දැනුම්දී ඇති බවත් එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා හරහා ද ඒ පිළිබඳ පණිවුඩයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන බවද ස්වෙයර් අනාවරණය කර තිබේ.

මේ අතර යුද අපරාධ චෝදනා පරීක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් අධිකරණයේ කටයුතු ආරම්භ කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකා රජයට මාස නවයක කාලයක්‌ ලබා දී තිබේන අතර මෙම හයිබ්‍රිඩ් අධිකරණය මෙරට පිහිටුවීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ට දැඩි බලපෑම් එල්ල කර ඇත්තේ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය යෙදවූ ජාත්‍යන්තර විනිසුරුවන් හයදෙනා බව අනාවරණය වී තිබේ.

Top