LNN SPY

විධායක අගමැති මහින්ද? 20 සම්මත කිරිමේ ජවිපෙ මෙහෙයුමක් … විධායකට එරෙහිව මහින්ද වැට උඩ

Published on: Apr 29, 2018- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට විධායක අගමැති විමට අවස්ථාවක් හෝ දි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සදහා 20 වැනි ව්‍යවස්ථ සංශෝධනය සම්මත කර ගැනිමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

20 වැනි ව්‍යවස්ථ සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ පැවැති සාකච්ඡාවේදි පක්ෂ නායක අනුර කුමාර දිසානායක පෙන්වා දි ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසී කිරිම සදහා අවස්ථා ගණනාවක ජනතා විමුක්ති පෙරමුණ විවිධ උපක්‍රම භාවිතා කලද එය අසාර්ථක වූ බවත් මේ වර පවතින දේශපාලන අස්ථාවර භාවය භාවිතා කරමින් විධායකය අහෝසි කිරිමට පොටක් පෑදි ඇති බවයි.

ඒ අනුව 20 වැනි ව්‍යවස්ථ සංශෝධනය සම්මත කර ගැනිමට හිටපු ජනාධිපතිවරයාගේ සහය අනිවාර්යයෙන් අවශ්‍ය බවත් එ සදහා උපක්‍රමයක් ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඊට සමගාමීව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් ඇතුළත් කිරිමට ඒකාබද්ධ විපක්ෂයේ ගෙන එන යෝජනාව සංශෝධනයට සමගාමිව ගෙන එමට ජවිපෙ දේශපාලන මණ්ඩලය එකඟතාවක්ද ඇතිකරගෙන තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

ඒ අනුව ඉදිරි දිනවලදී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් සමග සාකච්ඡා කිරිමටද ජවිපෙ දේශපාලන මණ්ඩලය එකඟතාවකට පැමිණ තිබේ.

බන්දුල ගුණවර්ධන 

ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දීම සදහා මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ තම සගයකු වන බන්ධුල ගුණවර්ධන ලවා ප්‍රකාශයක් සිදුකල අතර ඒ හරහාද ජවිපෙ වත්මන් මතය නිරූපණය වි තිබේ.

බන්ධුල ගුණවර්ධන මහතා කීවේ එක් කොන්දේසියක් යටතේ එයට සහය දෙන බවයි. එම කොන්දේසිය නම් සංශෝධනය සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් පැවැත්විය යුතුය යන්නයි.

වාසුදේව නානායක්කාර

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට තම පක්ෂයද එකඟ නමුත් එම ධුරය අවසන් කළ යුත්තේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇවෑමෙන් බවය.

“ජවිපෙ යෝජනාවට අපේ පක්ෂයේ යෝජනා දෙකක් තිබෙනවා. එකක් ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි දැනටමත් ප්‍රකාශ කර ඇති පරිදි මේ යෝජනාව සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනේ. අනෙක තමයි අද අපි කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුත්තේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් පසුවයි. ඒ කරුණුත් ජවිපෙ යෝජනාවට ඇතුළත් වුණොත් අපි ඊට පක්ෂව ඡන්දය දෙන්න සූදානම් “- වාසු

කුමාර වෙල්ගම

ඒකාබද්ධ විපක්ෂය තුළ මේ සම්බන්ධව විවිධ මත පැවතියද අවසානයේ සාකච්චාවෙන් එම සියලු මත විධායකය අහෝසි කිරීමේ මතයට ගෙන එන බව වෙල්ගම  ප්‍රකාශ කර සිටියේය.

20ට  එරෙහි විමල් පෙරමුණ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන සටන්පාඨය විපක්ෂය බේදභින්න කිරීමේ කුමන්ත්‍රණයක් බව රාජපක්ෂ කල්ලිය සමග ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ඒ අනුව මුලින්ම සටනට බැස්සේ ජාතික නිදහස් පෙරමුණේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ජාතික සංවිධාන එකමුතුවේ පිරිසයි. එහි නායකයින් වන වෛද්‍ය වසන්ත බණ්ඩාර වෛද්‍ය ගුණදාස අමරසේකර හා මොහාන් සමරනායක මහත්වරුන් පුවත්පත් සාකච්ඡාවක් කැඳවා කීවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඊළම්වාදීන්ට උඩගෙඩි දීමක් බවයි. මෙය රට බෙදීමට පාර කැපීමක් බවයි. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද වහාම නිවේදනයක් නිකුත් කළේ ඉහත අදහසම සනාථ කරමිනි. එමගින් කීවේ මේ මොහොතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කතා කිරීම ද්‍රෝහී ක්‍රියාවක් බවයි.

2015 ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන බවට මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කිරිමත් සමග බොහෝ පාර්ශ්ව එහි එල්ලී මෛත්‍රි දිනවීම වෙනුවෙන් සිය දේශපාලන අරගලය පාවාදුන්හ. ජනතා විමුක්ති පෙරමුණ අනියම් ලෙස මෛත්‍රි පාල සිරිසේන දිනවීම පිණිස රාජපක්ෂ විරෝධී සටන්පාඨ පමණක් ඔසවා ගෙන ගිය අතර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද අරගලය හුදු විධායක ක්‍රමය අහෝසි කිරීම දක්වා පල්ලම් බස්වන ලදී. රාජපක්ෂ පාලනයේ හොරු ඇල්ලීම පිළිබද ජ.වි.පෙ. දිගින් දිගටම ප්‍රකාශ කළද එය ඇත්තවශයෙන්ම රාජපක්ෂ පාලනයේ වංචා දූෂණ හෙළිදරව් කිරීමේ ක්‍රියාදාමයකට වඩා ප්‍රචාරක ව්‍යාපෘතියක් ලෙස ආණ්ඩුවේ මැතිවරණ ජයග්‍රහණවලට වාසි ගෙන දෙන ලදී.

නමුත් වසර 3 ඉක්ම යනවිට මෛත්‍රිපාල සිරිසේන විධායක ක්‍රමය අහෝසි කිරීම අමතක කළා පමණක් නොව යළිත් වරක් එම ධුරයට තරග කිරීමට කැසකවමින් සිටී. ඒ අතර ජ.වි.පෙ. නැවතත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය ඉදිරියට ගෙන යාමට උත්සාහ දරන අතර ජා.නි.පෙ. ඇතුළු රාජපක්ෂවාදීන් එය ආණ්ඩුවට එරෙහි එක් පිලකින් අභියෝග කිරීමට බාධාවක් ලෙස සළකන බව පෙනේ.

විමල්, ගම්මන්පිල විරෝධතාව් හමුවේ හැකිලෙන මහින්ද

විමල් වීරවංශ, උදය ගම්මන්පිල,ආදීන් 20ට එරෙහිව අවි අමෝරාගෙන සිටිම හේතුවෙන් මහින්ද විධායකය අහෝසී කිරිම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරිම සම්බන්ධයෙන් හොරගල් අහුලමින් සිටි.

මහින්ද රාජපක්ෂ මහතාට මේ වනවිට විරෝධය හොඳින්ම දැනී ඇති බව පැහැදිලිය එ නිසාම “තවමත් තීරණයක් ගෙන නෑ. ඒකාබද්ධ විපක්ෂයේ විවිධ අය විවිධ මත දරණවා. වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසිවෙයි කියා කවුරුත් බියවිය යුතු නැතැ’යි මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය හරහා තහවුරු වේ.

Top