Featured

විධායක ජනපති ක්‍රමය අහෝසි කරලා මම අගමැති කමට ඡන්දේ ඉල්ලනවා

එක්සත් ජාතික පක්ෂයේ පිහිටෙන් විධායක ජනාධපති ධූරයට පත්ව එහි සියලුම බලතල අසීමිත ලෙස භාවිතා කර මෛත්‍රීගේ අවසානය දක්වා රැගෙන ගොස් හදියේම අහෝසි කිරිමට ගන්නා හදිසි උත්සහය සම්බන්ධයෙන් තමන්ට සැක සහිත බවත් එම නිසා වහාම ඒ සම්බන්ධයෙන් සොයා බැලිම සදහා කමිටුවක් පත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තින්දු කර තිබේ. ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ සමිපතම කණ්ඩායම සමග ඊයේ රාත්‍රියේම සාකච්ඡාවක් කැඳවා ඇති අතර එහිදි අගමැතිවරයා පවසා ඇත්තේ මේම හදිසි තින්දුව පසුපස යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව තමන්ට ඉවෙන් මෙන් දැනෙන බවයි.

හදිසියේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැදවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිමටත් එය තමන්ගේ ධූර කාලයෙන් පසුව අහෝසී කිරිමටත් ගත් ගත් තින්දුව සැක සහිත බවත් විධායකය අවසන් කරනවානම් ඒ සදහා දින කිහිපයක් ප්‍රමාණවත් බවත් අගමැතිවරයා පෙන්වා දි තිබෙනවා.

ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේනව එජාප ජනතාව දිනවුයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර තමන්ට(රනිල් ) පුර්ණ විධායක බලතල සහිත අගමැතිවරයෙකු ලෙස කටයුතු කිරිමට අවස්ථාව හිමි වේ යන බලපොරොත්තුව සහිත බවද අගමැතිවරයා පෙන්වා දි තිබේ.

හදිසියේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැදවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ අවධාරණය කර ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිමට තමන් සුදානම් බවත් පසුව මහා මැතිවරණයක් පවත්වා එම මැතිවරණයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් විමට සුදානම් බවත් ය.

රටම රැවටු ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2020 ජනවාරි 09 දා ය.

Top