Breaking
6 Feb 2025, Thu

විමල් 2කට වැටේ…. තිලංග,විජේදාස ගේදර… කොළඹ දිනන ලැයිස්තුව ගැන රාජපක්ෂලා අතර සාකච්ඡාවක්!

Published on: Jun 11, 2020 – කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින පොහොට්ටුවේ අපේක්ෂකයන්ගේ පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් පොහොට්ටුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකු අතර පැවති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අගමැති මහින්ද රාජපක්ෂගේ මෙහෙයවිම මත මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර බත්තරමුල්ල පොහොට්ටු කාර්‍යාලයේ බැසිල්ගේ සමික්ෂණ අංශයේ ප්‍රධානියෙකු මෙන්ම මහින්ද රාජපක්ෂගේ පුත්‍රයන් තිදෙනාගෙන් එක් අයෙකු ද එම අවස්ථාවට එක්ව තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ. ජනාධිපතිවරණයේ ප්‍රතිපල සහ පසුගියදා බැසිල් රාජපක්ෂ විසින් සිදුකරන ලද සමීක්ෂණයේ තොරතුරු මත මෙම සාකච්ඡාව සිදුකර තිබෙන අතර ඒ අනුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට කොළඹ දිස්තිරික්කය තුල උපරිමයෙන්ම මන්ත්‍රීධුර 11ක් ලබාගැනිමට හැකියාව ඇති බවයි ඔහුන්ගේ මතය වි ඇත්තේ.

එහිදි කොළඹ දිස්ත්‍රික්කයේ අංක එක මේවර විමල් විරවංශට අහිමිවනු ඇති බවත් ඊට ප්‍රධානතම් හේතුව වන්නේ රැස්විම් පැවැත්විමට ඇති අවම හැකියාව බවද සාකච්ඡාවට ලක්ව ඇති අතර කොළඹ එක වන්නා සම්බන්ධයෙන් මේ දක්වා පුර්ව නිගමනයකට පැමිණිමට නොහැකි බවත් සාකච්ඡා වි තිබේ.

ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත්, ධනසිරි අමරතුංග, උදය ගම්මන්පිල, ගාමිණි ලොකුගේ, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, සරත් වීරසේකර, දිනේෂ් ගුණවර්ධන, මධුර විතානගේ, සමන්ලාල් ප‍්‍රනාන්දු, අනුර ප‍්‍රනාන්දු(වියත්මග ) යන අය ඉහල මනාප ලබාගනිමින් පාර්ලිමේන්තුවට තෙරිපත්විය හැකි බවත් එයට ඇති සම්භාවිතාව 99%ක් බවද අනාවරණය වි තිබේ.

මන්ත්‍රීධුර 12ක් ලබා ගැනිමට යම් හෙයෙකින් පොහොට්ටුවට හැකියාවක් ලැබුනහොත් ඒ සදහා තිලංග සහ විජයදාස අතර සටනක් පවතින බවත් එහිදි වඩාත් අවස්ථාව ඇත්තේ තිලංගට පමණක් බවද එහිදි අනාවරණය වි තිබේ.අදාළ සාකච්ඡාවේ පැමිණි පත්විම් සම්බන්ධයෙන් අගමැතිවරයා දැනුවත් කිරිමට කටයුතු කරන බවත් මෙම සාකච්ඡාව යලිත් සති දෙකකට පසුව පවත්වන බවද එම අවස්ථාව නියෝජනය කල රාජපක්ෂ පුත්‍රයා සදහන් කර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.