Featured

විල්පත්තු සංවර්ධනය කරගෙන යන්න ජනපති මට කිව්වා(Video)

විල්පත්තු ආශ්‍රිතව කරගෙන යන සංවර්ධන කටයුතු කිසිදු බාදාවකින් තොරව පවත්වාගෙන යන ලෙස තමන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසු බව මහත් ආන්දෝලනයකට තුඩුදී තිබේන විල්පත්තු රක්ෂිතය විනාශ කිරිමේ ප්‍රධාන මෙහෙයුම්කරු වන කර්මාන්ත හා වානිජ කටයුතු ආමත්‍ය රීෂාඩ් බදියුදීන් අප වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

විල්පත්තු වන විනාශය පිළිබඳ පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ඇතුලු පරිසර සංවිධාන රැසක් පසුගිය කාලසිමාව තුල ගැටුනු අතර එහි උච්චතම අවස්ථාව වුයේ හිරු ටී වී සලකුණ වැඩසටහන අතරතුර කැලෑ විනාශ නොකල බවට කුරාණයේ අත තබා දිවුරන ලෙසට ආනන්ද සාගර හිමියන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට පැවසිමයි.

පසුව ඊට පසුදිනම බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති “ශිල්ප 2014” ජාතික හස්ත කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වු ජනාධිපතිවරයා සමග ඇති වි ඇති තත්ත්වය පිළිබඳව තමන් සාකච්ඡා කළ බවත් එහිදි ජනාධිපතිවරයාට ඇතැම් භික්ෂුන් තමන්ව මුස්ලිම් ජනයා අතර අප්‍රසාදයට ලක්කිරිමට කටයුතු කරන බවත් විල්පත්තුවේ මුස්ලිම් ජනතාවට ඉඩම් ලබාදිම ජනාධිපතිවරණයේ මැතිවරණ පොරොන්දුවක් බවද ඇමතිවරයා පෙන්වා දි තිබේ.එම සාකච්ඡාව අවසන් වුයේ “විල්පත්තු ආශ්‍රිතව කරගෙන යන සංවර්ධන කටයුතු කිසිදු බාදාවකින් තොරව පවත්වාගෙන යන ලෙස තමන්ට” සදහන් කිරිමෙන් බවද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අප වාර්තාකරුට අනාවරණය කර තිබේ.

Min. Rishad refuses to Swear On the Holy Quran

Top