Featured

වෙනම රාජ්‍යයකට ඉන්දිය සහය ගන්නේ නෑ-එක මගේ වැඩක්

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය දෙකක්‌ පිහිටුවිම සදහා තමන් ගෙනයන සටන සදහා ඉන්දිය රජයේ හෝ තමිල්නාඩුවේ සහය තමන්ට අනවශ්‍ය බවත් ඒ පිළිබඳව තමන් ඉන්දියාවේ නියෝජිතයන් දැනුවත් කර ඇති බව  උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් මහතා ඉන්දිය නියෝජිතයන්ට දැනුම් දි තිබේන බව අනාවරණය වි ඇති බව ඉන්දීය අප වාර්තාකාරිණි අසෝ ඛාන් පවසනවා.

ඒකිය රටක් තුළ බලය බෙදීම අසාර්ථක බවත් අවශ්‍ය වන්නේ ෆෙඩරල් ක්‍රමයක් බව උතුරු පළාත් ,ප්‍රධාන අමාත්‍ය සි .වි විග්නේෂ්වරන් ප්‍රමුඛ බෙදුම්වාදීන් පෙන්වාදෙමින් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර පසුගිය 12 වැනිදා එය  උතුරු පළාත් සභාවේදී ඡන්ද විමසීමක් පවත්වා සම්මත කර ගැනීමට මුලදි කටයුතු සුදානම් කර තිබුනද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බැගෑපත් විම හමුවේ එය 28 වැනිදා දක්වා කල්දමා තිබේ.

ශ්‍රී ලංකාව ප්‍රාන්ත 02 ක් ලෙස වෙන්කල යුතු බව උතුරු පළාත් සභාව යෝජනා කර තිබේ. එහි උතුරු නැගෙනහිර මුස්ලිම් ස්වාධීන ඒකකයක් ලෙසත්, දකුණේ ජනතාවට ස්වාධීන ඒකකයක් ලෙසත් අනුමත කල යුතු බව ඇතුලු යොජනා රැසක් එ හරහා ඉදිරිපත් කර තිබුනා.

එම අනාවරණය කියවන්න –රට පලමුවරට දෙකඩ වේ-රට බෙදන යොජනා මෙන්න

අදාල රාජ්‍ය දෙකක්‌ පිහිටුවිම සදහා ඉන්දිය රජයේ මැදිහත් විම සම්බන්ධයෙන් අප වාර්තාකාරිණිය කල අනාවරණයන්ට අනුව අදාළ යෝජනාවලිය සදහා ඉන්දිය සහය සම්පුර්ණයෙන්ම් ප්‍රතිකේෂ්ප කිරිමට සි .වි විග්නේෂ්වරන් කටයුතු කර ඇති අතර ඔහු එහිදි පෙන්වා දි ඇත්තේ 30 වසරකට වැඩි කාලයක් කොටි සංවිධානය ඉන්දිය රජයේ උපදෙස් මත කටයුතු කිරිමේ වස්න් ප්‍රථ්පලය 2009 වසරේදි සම්පුර්ණයෙන්ම අවසන් වු බවත් ඒ අනුව ඉන්දිය රජයේ උපදෙස් පිලිපැදිමට තරම් තමන් මොඩයෙකු නොවන බවත් ය.

කෙසේවෙතත් මෙම තින්දුව හේතුවෙන් ද්‍රවිධ ජාතික සන්ධානය තුල බෙදිම උග්‍ර අතට හැරෙමින් තිබේන බවත් අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සි .වි විග්නේෂ්වරන්ට කල ආරාධනාවද ඔහු ප්‍රතිකේෂ්ප කර ඇති අතර එමනිසා සිරිසේන ජනාධිපතිවරයා ඔහු මුණ ගැසිමට උතුරේ සංචාරය කිරිමට නියමිත බවද වාර්තා වේ.

අදාළ යෝජනාවලිය එතුලු සමස්ත ක්‍රියාවලියම යුරෝපා සහය මත ක්‍රියාත්මක කරන බවත් උතුරේ ජනතාවගේ බලාපොරොත්තුව ප්‍රථම වතාවට ඉතාමත් කෙටි කාලයකදි ඉටුවන් බවද  උතුරු මහ ඇමැතිවරයා අවධාරණය කල බවද අප ඉන්දිය වාර්තාකාරිණිය සදහන් කළා.

ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ රුද්‍රකුමාරන් ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ තමල්නාඩු නියෝජිතයා වන අග්නි සුබ්‍රමනියම් යහපාලන රජයේ අනුග්‍රහය මත කටුනායක හරහා පැමිණ පසුගියදා යාපනයේදි   උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව පසුගිය රජය සමයේදි  රජය තහනම් කළ ඊළාම් සංවිධානයකි.

කියවන්න –සම්බන්ධන්, විග්නේෂ්වරන් ගැටුම උග්‍ර අතට – ඉන්දියාවේ වචනයටත් පයින් ගහයි

 

Top