Anonymous Reporter

වෙලේ විදානේ 2010 ජනාධිපතිවරණයෙදි බිලියන 2කට කෙලවලා -අනුරගෙනුත් ගේම ඉල්ලයි -විජයදාස යහපාලන රෙදි ගලවයි

ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී බිලියන 02ක් යටි මඩි ගසා ඇති බව අධිකරණ අමාත්‍ය,ආචාර්ය විජයදාස රාජපක්ෂ අදඅනාවරණය කළා.ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව කළ ප්‍රකාශය හේතුවෙන් තමාගේ කීර්ති නාමයට හානියක් සිදුව ඇති බැවින් ඊට එරෙහිව නඩු පවරන ලෙස තමාගේ නීතිඥයින්ට උපදෙස් දී ඇති බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මිලියන 500 ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව අධිකරණ අමාත්‍ය,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සදහන් කළා.

“2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන් මෙහෙය වූවේ එජාපය විසින් බවත්, එම මැතිවරණ ව්‍යාපාරයට රුපියල් මිලියන 2000ක් පමණ ලැබුණු බවත්, පැවසූ ඇමතිවරයා ඉන් රුපියල් මිලියන 100ක් පමණ තම හිතවත් ව්‍යාපාරිකයින්ගෙන් ලබාදුන් ඒවා බවද පැවසුවේය.ව්‍යාපාරිකයින්ගෙන් ලැබුණු මුදල් මුල් අවස්ථාවේදී ෆොන්සේකා මහතා අත තැබූ විට මෙතරම් මුදලක් යැයි කියා ඔහු පුදුමයට පවා පත්වූ බවද විජයදාස රාජපක්ෂ කියා සිටියේය.”

“ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට නොගැනීම, ‍ෆොන්සේකා හා අමනාපයෙන් සිටින කිහිප දෙනෙකු අත්අඩංගුවට නොගැනීම, 2010 ජනාධිපති මැතිවරණයේදී කොම්පියුටර් ජිල්මාට් කතාව සම්බන්ධයෙන් සහය නොදැක්වීම, ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් කර තමන්ට එම ධූරය ගැනීමට සහය නොදීම, මුදලක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් උසාවියකින් දුන් තීන්දුවක් අනූව ක්‍රියා නොකිරීම යනාදී කාරණා ඒ අතර වන බව ඇමතිවරයා පැවසීය.”

“තවද 2010 ජනාධිපතිවරණයෙන් අනතුරුව ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමේ සිට නිදහස් කර ගැනීම දක්වා තමන් දැඩි දායකත්වයක් ලබාදෙමින් තමාගේ වැඩ ද පාඩු කර ගත් බව පැවසූ විජයදාස රාජපක්ෂ මහතා එසේ උපකාර කළ තමාට අද මෙවැනි චෝදනා එල්ල කරන බව පෙන්වාදුන්නේය.”

“ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු රඳවා සිටියේ කොහිදැයි කවුරුත් නොදත් බවත්, ඒ ගැන සොයාබලා ඔහු සිටින ස්ථානයට යාමට හිටපු ජනපතිගෙන් අවසර ගත්තේ තමන් විසින් බවද ඇමතිවරයා පැවසීය.ඒ අනූව ඔහු රඳවා සිටි නාවික හමුදා මූලස්ථානයේ තෙවැනි තට්ටුවට යාමට කිසිවෙකුට ඉඩනොදුන් බවත්, එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර එහි යාමට තමාටත් ෆොන්සේකා මහතාගේ බිරිඳටත් අවසර ගත්තේ තමා යැයිද ඔහු සිහිපත් කළේය.”

“මාස 3ක් තිස්සේ ෆොන්සේකා මහතා එසේ බැලීමට යාමට හැකිවූයේ තමාටත් ඔහුගේ බිරිඳටත් පමණක් යැයිද වෙනත් කිසිවෙකුටවත් එවන් අවසරයක් නොදී තිබියදී දෙස් විදෙස් තානාපති කාර්යාල දැනුවත් කරමින් ඔහුට අත්වූ ඉරණම ගැන කතා කළේ තමන් යැයිද කියා සිටියේය.ඒ අනූව ෆොන්සේකා මහතා වෙනුවෙන් මේසා විශාල වැඩ කොටසක් කළ තමාට ඔහු මෙලෙස චෝදනා නැඟීම අමුතු දෙයක් නොවන බව පෙන්වාදුන් ඇමතිවරයා ඔහුගේ භාෂා විලාෂය ගැනද අප්‍රසාදය පළ කළේය.”

“ඉංග්‍රීසියෙන් ෆීල්ඩ් කියන්නේ වෙල බවත්, මාෂල් කියන්නේ විධානය, අණදීම බවත්, පෙන්වාදුන් ඇමතිවරයා ඒ අනූව‍ වෙලේ විධානේලාගේ ‍චෝදනා තමන් බැහැරකරන බවද පැවසීය.කෙසේ හෝ ඇවන්ට්ගාඩ් සිද්ධියට තමන්ට බැණ වැදුණාට කමක් නැතැයි ද කියා සිටි විජයදාස රාජපක්ෂ මහතා නීතිපතිට, සොලිසිටර් ජනරාල්වරයාට බැණ වැදී මෙම පරීක්ෂණ කඩාකප්පල් නොකරන ලෙසද ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටියේය.”

“මේ ගැන තමන්ට එල්ල කරන ‍චෝදනාවලට මේ ආකාරයට මාධ්‍ය කැඳවා උත්තර දිය හැකි නමුත් අනෙක් නිලධාරීන්ට එසේ කිරීමට අවස්ථාවක් නොලැබෙන බවද පෙන්වාදුන්නේය.තමන්ගේ ආදායම් වියදම් අවශ්‍ය ස්ථානවලට ලබාදී ඇති බවද පැවසූ ඇමතිවරයා ඇවන්ට්ගාඩ් යට ගැසීමට තමන්ට මුදල් ගැනීමේ අවශ්‍යතාවයක් නැතැයිද කියා සිටියේය.”

“එසේම අනුර කුමාර දිසානායක මහතා ද ඇවන්ට්ගාඩ් සිද්ධිය ගැන චෝදනා නගා ඇති බවත්, මේ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ඔහුට ද තමන් අභියෝග කළ බවත්, ඇමතිවරයා පැවසීය.කෙසේ වෙතත් අනුර කුමාර මහතා තවමත් විවාදයකට ආවේ නැති බවත්, විවාදයේදී පරාජය වුවහොත් තමන් මන්ත්‍රීධූරයෙන්ද ඉවත් වන බවත්, හෙතෙම කියා සිටියේය.”

“රාජිත සේනාරත්න ඇමතිවරයා වැනි අය ඇවන්ට්ගාඩ් සිද්ධිය ගැන දැඩිව අදහස් පළ කරන බව මාධ්‍යවේදීන් ප්‍රශ්න ක‍ළ අවස්ථාවේ ඇමතිවරයා කියා සිටියේ එහි දූෂණයක් සිදුවී නැතැයි තමන් නොකියන බවයි.එසේම ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම ආවාට ගියාට කළ හැකි දෙයක් නොවන බවත්, ඒ ගැන පැහැදිලි සාක්ෂි අවශ්‍ය බවත්, මේ ගැන තමන් ජනපති, අගමැති පවා දැනුවත් කර ඇති බවද, නීතිපතිවරයා පවා පවසා ඇත්තේ සාක්ෂි නැතිව එසේ කළ නොහැකි බව යැයිද ඇමතිවරයා කියා සිටියේය.ඉකුත් රජය මෙන් පළිගැනීමේ ක්‍රමවේදයක් යහපාලනය තුළින් ජනතාව බලාපොරොත්තු නොවන බවද ඔහු පෙන්වාදුන්නේය.”

“තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට තමන් කිසිදු බාධාවක් සිදුකර නැති බවද, පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යාමට අදාළ අංශවලට උපදෙස් දී ඇති බවද විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේය. ”

විජයදාස රාජපක්ෂ පට්ට හොරෙක්

Top