Breaking
20 Apr 2025, Sun

ශ්‍රිලනිපයේ පතිවත පරික්ෂාව

“රාමායනෙය් රාම කුමරු සිතාවගේ පතිවත පිළිබද පරික්ෂාවේ දී සීතාව ගින්දරට පැනලා තමන්ගේ පතිවත රැකගත් බව ඔප්පු කරා. ඒක තමයි දෙන්න පුළුවන් භයානකම පරික්ෂාව මොකද එකේ කියන විදිහට පතිවත රැක්කා නම් ගින්දරට පැන්නම පිච්චෙන්නේ නෑ. දැඩි අවධානම්කාරි ජිවිතයත් මරණයත් අතර පරික්ෂාවක්. එවැනි අග්නි පරික්ෂාවකට ශ්‍රිලනිප ඇමතිවරුන් වැට් බදු ඡන්දය තිබේන දවසේ පත්වෙනවා. මෙවැනි දුර්දාන්ත පනතකට අත ඔසවන අයට අනතුරු අගවනවා කිසිම මන්ත්‍රිවරයෙකුට ජනතාවගෙන් සමාවක් නම් ලැබෙන්නේ නෑ. ඊට පස්සේ මන්ත්‍රිතුමා ගමට ගියාම ජනතාව කියාවි “වැට් බදු සුන්දර වරදකි – කිසි දා සමාවක් නම් නැති. පෙන්නලා ඒ බද්දේ හැටි දුන්නු වද හොඳටෝම ඇති. තමන්ගේ දේශපාලන ජිවිතය අවසන් කරගන්නවාද නැද්ද කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැට්බද්දේ ඡන්දේ දවසේ තීරණය කරන්න සිද්ද වෙනවා.”

අද පැවැති මාධ්‍ය හමුවකදි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා කල ප්‍රකාශය

“වැට් බදු පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුවේ පණතක් ඇමති මණ්ඩල අනුමැතිය ලබාගෙන ඉදිරිපත් කල යුතුවුවත් මේ පණත ඇමති මණ්ඩල අනුමැතිය ලබා නොගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුනේ. අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කල අවස්ථාවේ කරුණු දැක්වුවා නියමිත පටිපාටිය අනුගමනය කර නැතුවයි මේ වැඩ බැරි ආණ්ඩුව දෙවැනි වතාවටත් වැඩේ අනාගෙන තියෙන්නේ. මුල්ම වතාවේ පනතක් ගෙන්න ඔනදේට චක්‍රෙල්කනයක් ගෙනාවා. ඒක විමල් විරවංශ මන්ත්‍රිතුමා ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ අභියෝගයට ලක් කල නිසා ඒක වැරදියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණ තින්දු කලා. දැන් පනත ගෙන අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොකර පාර්ලිමේන්තුවට සෘවම ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා බොහෝ විට ඇමති මණ්ඩල අනුමැතිය ලබා ගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරාවි. එහෙම නොකලොත් 10 සහ 11 විවාද කර අවසානයේ දී ඡන්දය විමසනවා.”

“ජනාධිපතිතුමා පොලොන්නරුවේ දී ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා ජනතාව පෙලන අයුරින් බදු පැනවීමට තමන් ඉඩ දෙන්නේ නෑ කියා. මේක ජනතාව පෙලන බද්දක්. අපිට ඉංග්‍රිසි යුගයේ බලු බද්ද ආවට පස්සේ මෙවැනි පිඩාකාරි බද්ධක් ඉතිහාසයේ දැකලා නෑ. ඒ නිසා ජනපතිගේ නායකත්වය පිලි ගන්නා ශ්‍රිලනිප ආණ්ඩු පාර්ශවය මේ බද්දට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ යුතුයි. අගමැතිගේ නායකත්වය පිලි ගන්නවා නම් බද්දට පක්ෂව ඡන්දය පාවිච්චි කළ යුතුයි. ජනපතිතුමා කියනවා මම මේ බද්ධට විරුද්ධයි. අගමැතිතුමා කියනවා ජත්‍යන්තර මුල්‍ය අරමුදලක් සමග ඇතිකරගත් එකගතාවක් නිසා මේ පනත මේ අයුරින්ම සම්මත කර ගන්න ඕනේ කියලා. මේ ශ්‍රිලනිප ඇමතිවරුන්ගේ සැබෑ නායකයා ජනපති ද අගමැති ද කියා සොයා බැලෙන අග්නි පරික්ෂාවක් බවට වැට් බදු ඡන්දය පත් වෙනවා.

“ආණ්ඩුවේ ඇමතිවරුන්ට තවම වැට් බද්දේ අර්බූදය තේරෙන්නේ නෑ. “රාජපක්ෂ ආණ්ඩුව කාලයේ වැට් බද්ද 20%ටත් තිබුණා. අපි 11% සිට 15% දක්වා 4%ක් විතරයි වැඩි කලේ. ඔය සුළු වැඩි වීමට මේ තරම් කෑ ගහන්නේ ඇයි?” කියලා ඇමතිවරු අහනවා. මේ විරෝධය තිබෙන්නේ 4%ට වැඩි කලාට නොවේ. වෙනත් හේතු දෙකකට.”

“රාජපක්ෂ ආණ්ඩුව සමයේ යම් කාලයක් වැට් බද්ද 20% තිබුණා තමයි. නමුත් බද්දට යටත් වුණේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 250ට වැඩි ව්‍යාපාර විතරයි. ඒ අනුව සිල්ලර වෙළඳාමෙන් බද්දට යටත් වුණේ සුපිරි වෙළඳසැල් හතරක් විතරයි. නමුත් දැන් වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 12ට වැඩි නම් වැට් බදු ගෙවන්න ඕනෑ. ඒ කියන්නේ ගමේ පෙට්ටි කඩේත් දැන් වැට් බදු ගෙවන්න ඕනෑ. මෙන්න මේකටයි ව්‍යාපාරික ප්‍රජාව කඩ වහලා කළු කොඩි දාලා විරුද්ධ වෙන්නේ. එහෙම නැතුව 4%ක් බද්ද වැඩි කළා කියලා නොවේ. බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ දුකට හේතුව දන්නේ නැතුව දුකින් මිදීමේ මාර්ගය පාදා ගන්න බෑ කියලායි. ඒ නිසා මේ ඇමතිවරු මුලින්ම වැට් බදු දුකට හේතුව සොයා ගන්න ඕනෑ. ”

ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැට් බද්ද හඳුන්වා දීමෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බලවත් අසාධාරණයක් කරලා තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බහුතරයකට ආදායමක් නෑ. දරුවන් දෙන යමකින් තමයි ජීවත් වෙන්නේ. ඒ අය තමයි නිරතුරුව ලේ මුත්‍රා පරික්ෂා වලට යොමු වෙන්නේ. සැත්කම් වලට යොමු වෙන්නේ. තමන්ගේ මාසික වියදම හිටි හැටියේ 15%කින් වැඩි වෙලා මේ අය ලොකු පීඩාවක ඉන්නේ. ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කළේ නම් කිව්වේ රාජපක්ෂ ආණ්ඩුව ධනපතියන්ට සහණ දෙමින් පුංචි මිනිස්සුන්ට බදු අයකරනවා අපේ ආණ්ඩුවක් අවම පුංචි මිනිහාගෙන් බදු අයකරනවා වෙනුවට ධනපතියන්යටයි බදු පනවන්නේ කියලා. මේ අහිංසක පුංචි මිනිසුන්ට බද්ද බරක් වෙන විට විමල් වීරවංශ මන්ත්‍රිතුමා අධිකරණයට ගිහිල්ලා ඒක නතර කර ගත්තා. දැන් කාටත් බලා ගන්න පුළුවන්. කතාවෙන් නොවේ ක්‍රියාවෙන් පුංචි මිනිහා ගැන බලන්නේ කවුද කියලා. අපේ විපක්ෂ නායකතුමා ඇත්තටම ඉන්නේ විපක්ෂයේ ද ආණ්ඩුවේද කියලා බලා ගන්න අග්නි පරික්ෂාවක් බවට මේ වැට්බදු පනත පත්වෙනවා.”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.