LNN SPY

ශ්‍රිලනිප මෛත්‍රී පිළට ජනපතිගෙන් හදිසී කැදවිමක්!… 2020 ජාතික ආණ්ඩුව ඔනේ රනිල්…. ජනපතිගේ පණිවිඩය අරන් යාපා මහින්ද හමුවෙයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ආණ්ඩුව වසර 2020 වනතෙක් පවත්වාගෙන යෑමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (11) තීරණය කර තිබේ.

මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග අරලිය ගහ මන්දිරයේදී අද (11) මෙම සාකච්ඡාව පැවැත්වීය.ජාතික ආණ්ඩුවේ ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින් මෙම තීරණය ගනු ලැබ තිබෙන අතර මෙම තීරණය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ සිටින සියලු පක්ෂවල නායකයන්ට ද දැනුම් දෙනු ලැබිණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත තීරණය දැනුම් දීම සඳහා අද (11) සන්ධ්‍යාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ද නියමිතව තිබේ.පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලවලින් ජාතික ආණ්ඩුවට ලබා දී තිබෙන පණිවුඩ කෙරෙහි දැඩි අවධානය යොමු කර ඉදිරි දින කිහිපයේදී වෙනස්කම් කිරීම සඳහා ප්‍රබල තීරණ කිහිපයක් ගැනීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ගැන සහ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් කොළඹට කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේනවා.තවමත් නිළ වශයෙන් ඉදිරිපත් වි නොමැති අගමැතිවරයාගේ ඉල්ලිම සම්බන්ධයෙන්ද එහිදි සාකච්ඡා කරන බව ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨයෙකු අප දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතර විශේෂ හමුවක් හිටපු ජනාධිපතිවරයාගේ තංගල්ල “කාල්ටන්” නිවසේදී ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිදු වී තිබේ.ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙසේ හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම් දීමකට අනුවය.

ඒ අනුව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් සමග ඉදිරියේදී ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති අතර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් එහිදී මහින්ද රාජපක්ෂ මහතා හමුවේ කරුණු පැහැදිලි කර තිබේ.

Top