Breaking
24 Feb 2025, Mon

ශ්‍රීලනීපයේ මෛත්‍රීගේ බත් බැලයන්ට කොන්දක් තිබේද? විශ්වාසභංගය ශ්‍රීලනිපයට “ලිට්මස් පරීක්ෂණයක්”

මුදල් ඇමතිවරයා එක් අතකින් මෙරට අහිංසක වැසියන්ගේ ආර්ථිකය සූරා කෑමට රීරි යකෙකු සේ කටයුතු කරන අතරම අනෙක් අතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මානවවාදී – දේශජ ආර්ථික ප්‍රතිපත්තියට මහසෝන් ප්‍රහාරයක් එල්ලකරමින් සිටින බවයි. එබැවින්, පසුගිය මහමැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයින්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි අපගේ ද එම ඡන්ද පදනම් කොට ජාතික ලැයිස්තුවෙන් පැමිණි සියලුදෙනාගේ ද අවිවාදිත වගකීම වනුයේ මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂ වෙමින් එජාප ග්‍රහණයෙන් ශ්‍රීලනිප දර්ශනය හා පාක්ෂිකයා රැකගැනීම උදෙසා එක් පෙරමුණකට රොක්වීම බව නිවේදනයක් නිකුත් කරමින් ඒකාබද්ධ විපක්ෂය අවධරාණය කරයි

විශ්වාසභංගය ශ්‍රීලනිපයට ලිට්මස් පරීක්ෂණයක්

 

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති නිවේදනය

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගොනු කරනු ලැබූ විශ්වාස භංග යෝජනාව මාස පහක (05) ක කාලයක් රැකවල් කොට තිබූ න්‍යාය පුස්ථක සිර මැදිරියෙන්අට වැනිදා (08) නිදහස් කිරීමට නියමිතව තිබේ. හෙට දිනයේ, හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා එය න්‍යාය පුස්ථක සිර මැදිරියට නැවත ගාල් නොකරනු ඇතැයි අපි සැක මුසුව වුව ද විශ්වාස කරමු.

ඒකාබද්ධ විපක්ෂය සමන්විත වනුයේ පසුගිය අගෝස්තු මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් අනාගතයට සහතිකයක් මැතිවරණ ප්‍රකාශය ගුරු කොට, ජන වරම ඉල්ලා සිටි නියෝජිතයින්ගෙනි. ජනතාව ලක්ෂ 48 ක ජන වරමකින් ඔවුන් සන්නද්ධ කළ බව අප නිරතරුව සිහිපත් කරනුයේ කෘතවේදීත්වය පෙරදැරිවය. මුදල් අමාත්‍යවරයාට එරෙහි අප විශ්වාසභංගයේ  මූලික පදනම වනුයේ ඔහු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කොට ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආර්ථික හා දේශපාලන දර්ශනය මුලුමනින්ම උඩුයටිකුරු කොට තිබීමය.

අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආර්ථික රාමුව ද මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ අය වැය ලේඛන ද්විත්වය ද VAT ප්‍රධාන, මහජන පීඩක බදු පැනවීමේ චක්‍රලේඛ හා ගැසට් නිවේදන සියල්ල ද එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික හා දේශපාලන දර්ශනය රට තුළ තහවුරු කිරීම වෙනුවෙන් ඉදිරිපත්කරනු ලැබූ ඒවා බව නොරහසකි. ඊට අමතරව, සිය පළමු අය වැය ලේඛනයෙන්ම දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට ද 3% සෞඛ්‍යට ද වෙන් කළ බව පවසා මුදල් ඇතිවරයා විසින්  නොමඟහරිනු ලැබුවේ සන්ධාන නායක ගරු ජනාධිපතිවරයාය.

මේ අනුව අපට මනාව පැහැදිලි වන්නේ කුමක්ද?  මුදල් ඇමතිවරයා එක් අතකින් මෙරට අහිංසක වැසියන්ගේ ආර්ථිකය සූරා කෑමට රීරි යකෙකු සේ කටයුතු කරන අතරම අනෙක් අතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මානවවාදී – දේශජ ආර්ථික ප්‍රතිපත්තියට මහසෝන් ප්‍රහාරයක් එල්ලකරමින් සිටින බවයි. එබැවින්, පසුගිය මහමැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයින්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි අපගේ ද එම ඡන්ද පදනම් කොට ජාතික ලැයිස්තුවෙන් පැමිණි සියලුදෙනාගේ ද අවිවාදිත වගකීම වනුයේ මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂ වෙමින් එජාප ග්‍රහණයෙන් ශ්‍රීලනිප දර්ශනය හා පාක්ෂිකයා රැකගැනීම උදෙසා එක් පෙරමුණකට රොක්වීමය.මේ අනුව, 8 වැනිදා විශ්වාස භංගය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු සන්ධාන මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය පරීක්ෂාකරනු ලබන ලිට්මස් පරීක්ෂණයක් වනවා ඒකාන්තය.

ආණ්ඩුව නියෝජනය කරනු ලබන අපගේ මිත්‍රවරුනි, ඔබ සැබැවින්ම ජනතාව පෙලන බදු වලට එරෙහි වන්නේද? ඔබ සැබැවින්ම ගුවන්ගතකරනු ලබන ජීවන වියදමට එරෙහි වන්නේද? ඔබ සැබැවින්ම ජාතික ආර්ථිකය කාබාසිනියා කිරීමට එරෙහි වන්නේද? එසේ නම් ශ්‍රීලනිපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරනු ලබන ඔබගේ ඡන්දය නිසැකවම; දෙගිඩියාවකින් තොරවම විශ්වාස භංග යෝජනාවට පක්ෂව පාවිච්චි කළ මැනවි.

1951 දී එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිඳුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් වශයෙනි. ඒ අනුව, ශ්‍රීලනිප යනු එජාපයට විරුද්ධ පදය විනා සමාන පදය නොවන බව තේරුම් ගැනීමට දැනුදු ප්‍රමාද නැත. ජුනි 8 වැනිදා එයට සුදුසුම දිනයකි.

ඩලස් අලහප්පෙරුම පා.ම.

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

2016.06.06

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.