Breaking
24 Feb 2025, Mon

ශ්‍රී ලංකා හමුදාව පාවාදුන් “ජුදාස්‌” ට විදේශ රටක ඉහළ ධුරයක්‌

ලොව වෙනත් රටවල් නම් එවැනි හමුදා නිලධාරීන්ට රාජද්‍රෝහීත්වය මත නඩු පැවරේ. එහෙත් මෙරට එවැන්නක්‌ සිදු වී නැත. මෙම හිටපු හමුදා මේජර් ජෙනරාල්වරයා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුවේ සාක්‌කි දී දේශපාලන රැකවරණ පතා තිබුණි. ඔහුගේ දිවුරුම් ප්‍රකාශය නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනාවක්‌ ගෙන ඒමට ඇමරිකාවට හැකි විය.

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුවේ දිවුරුම් ප්‍රකාශයක්‌ දුන්නේ මෙරට මේජර් ජෙනරාල්වරයෙකි. යුද අපරාධ සියෑසින් දුටු බව ඔහු පවසා නැතත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුවේ පැවසූවේ සිවිල් වැසියන්ව හමුදාව මරා දැමූ බවයි. විනය හේතූන් මත මොහුගේ සේවය නතර වූවත් පසුගිය වසරේදී ඔහු දේශපාලන පළිගැනීමකට ලක්‌ වී ඇති බව කියමින් යළිත් සිය ධුරය ලබා ගත්තේය.

යුද හමුදාවේ ඉහළ පෙලේ නිලධාරීන් අතර මොහු “ජුදාස්‌” නමින් ප්‍රසිද්ධියට පත්ව සිටියේය. වන්නි මෙහෙයුම යටතේ තමාට ඕනෑම රහස්‍ය නියෝගයක්‌ ලබා ගැනීමේ බලතල තිබූ බව දක්‌වමින් ඇමරිකානුවන් රැවටූ මේ මේජර් ජෙනරාල්වරයා කොටි හමුදා නායකයන් ඝාතනය කරන ලෙස නිල නොවන අයුරින් නියෝගයක්‌ නිකුත් වූ බව තමාට වාර්තා වූ බව ඇමරිකානුවන් හමුවේ කියා සිටියේය.

මේ “ජුදාස්‌” ගැන තොරතුරු හෙළිවෙත්ම ඔහු යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගියේය. ඉන් පසු ඔහු සිය වාසගම වෙනස්‌ කළේය. අද ඔහු විදේශ රටක ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉහළම ධුරයකට පත් වී සිටී.

මේ නිසා මෙම නිලධාරියාගේ පාවාදීම ගැන තොරතුරු දන්නා හමුදාවේ නිලධාරීන් මවිතයට පත් වී ඇත. මෙම පසුබිම මැද රාජ්‍ය රහස්‌ පනත උල්ලංඝණය කළ මොහුට එම පනතට එරෙහිවීම ගැන නඩු පැවරුනේ නැත. සිය අතීතය වසන් කර ගැනීම සඳහා මේ හිටපු මේජර් ජෙනරාල්වරයා සිය පැරණි වෙස්‌ මුහුණ වෙනුවට අලුත් වෙස්‌ මුහුණක්‌ දාගත්තේය. එහෙත් ඔහු ශ්‍රී ලංකා හමුදාව විදේශිකයන්ට පාවාදීම යටපත් කළ හැකිද?

වන්නි මෙහෙයුමේ අවසාන සතියේ සිදු වූ බව කියන යුද අපරාධ පිළිබඳ විමර්ශනය සඳහා ශ්‍රී ලංකා රජය දේශීය යාන්ත්‍රණයක්‌ ආරම්භ කිරීමට තීරණය කර තිබියදී ශ්‍රී ලංකා හමුදාව පාවාදුන් හිටපු මේජර්ජෙනරාල්වරයාට ඉහළ ධුරයක්‌ ලැබීම අනුමත කළ හැකිද?

ලොව වෙනත් රටවල් නම් එවැනි හමුදා නිලධාරීන්ට රාජද්‍රෝහීත්වය මත නඩු පැවරේ. එහෙත් මෙරට එවැන්නක්‌ සිදු වී නැත.

මෙම හිටපු හමුදා මේජර් ජෙනරාල්වරයා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුවේ සාක්‌කි දී දේශපාලන රැකවරණ පතා තිබුණි. ඔහුගේ දිවුරුම් ප්‍රකාශය නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනාවක්‌ ගෙන ඒමට ඇමරිකාවට හැකි විය.

පසුගිය දිනෙක ඔහු වෙබ් අඩවියක තමා පිළිබඳ තොරතුරු පළ කර ගනිමින් හමුදාවේ සිටි අත්දැකීම් ලැබූ නිලධාරියා තමා බව පෙන්නුම් කිරීමට ක්‍රියා කළේය.

යුද හමුදාව තුළ මෙතෙක්‌ භාවිතා කළ නම වෙනුවට වෙනත් නමක්‌ ඔහු භාවිතා කළත් හමුදාවේ නිලධාරීහු ඔහු කව්දැයි හඳුනා ගනු ලැබීය. මේ තත්ත්වය මත රජයේ යාන්ත්‍රණයේ මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ මූලික වගකීම විය යුත්තේ මේ හිටපු මේජර් ජෙනරාල්වරයා පිළිබඳ විමර්ශනය කිරීමයි. එහෙත් ආරක්‍ෂක බලධාරීන් මෙතෙක්‌ ඒ ගැන කිසි අවධානයක්‌ යොමු කර නැත.

මෙරට සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද මේ හිටපු හමුදා මේජර් ජෙනරාල්වරයාගේ අතීතය හා ඔහු කළ ද්‍රෝහිකම් ගැන දැඩි අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

රාජ්‍ය රහස්‌ හෙළි කළ බවට චෝදනා එල්ල වූ ඇමරිකානු හිටපු සී. අයි. ඒ. නිලධාරි ස්‌නෝඩන් අල්ලා ඇමරිකාවට ගෙනවුත් නඩු ඇසීමට ඇමරිකානු බලධාරීන් තවදුරටත් උත්සාහ කරන බව හෙළි වී ඇත.

එසේ නම් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුවේ දිවුරුම් ප්‍රකාශයක්‌ දුන් මෙම හිටපු හමුදා නිලධාරියාද දඬුවම් ලැබිය යුතුයි.

එහෙත් ඔහුට තානාපති සේවයේ ඉහළ ධුරයක්‌ ලැබීම විශ්මයජනක ක්‍රියාවකි.

මෙයට පෙර අතුරුගිරියේ මිලේනියම් සිටි බුද්ධි නිවස පරීක්‍ෂා කළ හිටපු සහකාර පොලිස්‌ අධිකාරී කුලසිරි උඩුගම්පොළට එරෙහිව රාජ්‍ය රහස්‌ පනත උල්ලංඝණය කිරීම සම්බන්ධව නඩු පවරා තිබුණි.

එකී නීතිමය ක්‍රියාදාමය ඉහත කී හිටපු මේජර් ජෙනරාල්ටත් බලපායි. එහෙත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ක්‍රියාදාමය පිළිඹිබු කරමින් එම හිටපු මේජර් ජෙනරාල් නීතියෙන් ගැල වී ඇත.

එහෙත් මෙරට ජාතික ආරක්‍ෂාවේ සිට දේශපාලන කටයුතු සඳහා මැදිහත් වන විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා මෑතකදී අටවාගත් සංවිධාන මුනිවත රකින බව සනාථ වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.