Anonymous Reporter

ශිරාල් පව්.. වල්ගය නැති ගොනා වගේ…

කිලී මහරාජාගේ කොන්ත්‍රාත් ඉ‍ටුකරමින් සිටින ජනාධිපති සම්බන්ධීකරන ලේකම් දික්කසාද නඩු පිළිබඳ විශේෂඥ නීතිඥ ශිරාල් ලක්තිලක විසින් නඩත්තු කරන ‘විනිස’ නම් වෙබ් අඩවියක් හරහා තමන්ගේම ප්‍රතිරූපය සුද්ධබුද්ද කර ගැනීමට තරම් ශිරාල් ලක්තිලක බංකොලොත් වී ඇති බව ජනාධිපති කාර්යාලයේ සේවකයෝ පවසා සිටිති. මේවන විට තමන්ව වර්නණාකරන කිසිවකු හෝ නොමැති බැවින් ශිරාල් ඉතා අසරණ තත්වයකට පත්ව තිබෙන බව ඔහුගේ හිතවතියන්ද පවසා සිටිති.

ජනාධිපති කාර්යාල සේවකයන් පෙන්වා දෙන්නේ ශිරාල්ලා මෙතුවක් කල් මේ කාර්යාලයට වී සිදු කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය කෙලසන කටයුතු බවය. මේවන විට මේ අයගේ කටයුතු හා මේ අයගේ කියුම් අසා කටයුතු කිරීම නිසා ජනාධිපතිවරයාත් රටේ ජෝකරයකු තත්වයට පත් වෙමින් තිබෙන බවය.මේ තොරතුරු ලැබීමෙන් පසුව අප මේ වෙබ් ලිපිය බැලුවෙමු.

ශිරාල් තමන්ගේ වෙබ් අඩවිය මඟින් තමාවම ප්‍රසංසාවට ලක් කර ගැනීම වෙනුවෙන් කිසිදු පදනමක් නැති තොරතුරු ‍රැසක් ඉදිරිපත් කර අනෙක් පිරිසකට මඩ ගසා සතුටක් ලබන්නේ දැයි අපි නොදනිමු.

මේ දිනවල ශිරාල් ‍රැයක් දවාලක් නොමැතිව සිහිනෙන් පවා දොඩවන්නේ මහ බැංකු අධිපතිවරයා මහ පොලව නුහුලන මහා අපරාධයක් වංචාවක් සිදු කර ඇති බවය. ඒ කමක් නැත. ශිරාල් ගේ නන් දෙඩවිලි අප දන්නා කාලයේ පටන්ම තිබූ රෝගී තත්වයකි. එහෙත් ශිරාල් කියපු කිසි දෙයක් හරි ගියේ නැත. කාටවත් තේරුණේද නැත. කොටින්ම තේරුම් ගන්න දෙයක් තිබුණේද නැත. එහෙත් ඒවා ඉහළ සුදුසුකම් නිසාදෝ ශිරාල් අද ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයාය. කුරුදු පොලු පහර කෑමෙන් පසුවවත් එම තත්වයන් වෙනස් වෙයැයි අප සිතූ මුත් ඒ සුව කළ නොහැකි තරම් බරපතල තත්වයක් බව පෙනෙන්නට තිබේ.

එහෙත් මෙච්චර කාලයකට තමන් විසින් තමන්වම වර්නණා කර ගන්න තැනට ශිරාල් පත් වූයේ නැත. ඉතිං ශිරාල් පව් කියා කියනවා හැර අපට කියන්නට දෙයක්ද නැත.

කොහොම නමුත් ශිරාල් කියන්නේ, සුපිරිසිදු ශිරාල්ට මඩ ගසන්නේ රනිල් මහින්ද මංගල කල්ලියක් විසිනි. එසේම රනිල්ගේ මඩ ප්‍රචාරක කල්ලිය මංගල විසින් හදා රුවන් විසින් වඩා ඇත. මේ ලිපියේ මංගලගේ පුවත්පතක් ගැනද කියයි. වෙබ් කප්පිත්තන් ගැනද කියයි. මෙයත් හරියට ශිරාල්ගේ දුෂණ විරෝධී කතාන්දර වගේමය. අරූ හොරා මූ හොරා කියනවා මිස කරපු හොරකම මොකක්ද කළේ කොහොමද සාක්ෂි තියෙනවද ඒ ඔප්පු කළ හැකිද මේ කිසිවක් නැත. ඇත්තටම හොරකම වෙලාද කියා කිසිවකු හෝ ශිරාල්ගෙන් හිතවත් කමට ඇසුවොත් කියන්නේ බැලු බැල්මට හොරකම වෙලා වගේ තියෙනවා… දූෂණ විරෝධී හටන වෙනත් අය අතටගන්න තියෙන එක වලක්වලා එක අපේ අතට ගන්නයි අපි මෙවා මුලින්ම කියන්නේ… යනාදී වශයෙන් කතා කිහිපයක් ශිරාල් ලඟ තිබේ. හරියට නමක් ගමක් ඇතිව නිශ්චිත තොරතුරු මත මේ මඩ කතන්දරය ලියැවුනා නම් අපිට ශිරාලුත් සිරා පොරකි. දැන් වගේ මෝඩ ජෝක් ගොබිලෙක් වන්නේ නැත. මඩ ගැසීම ගැන ඉගෙන නොගෙන මේ වගේ ගොන් ජෝක් ලිපි නොලියා ඉන්නවා නම් හොඳය.

මහබැංකු කාතාවත් ඊට වෙනස් නැත. අප මීට කළින් ද පැහැදිලිවම පැවසූ ලෙසම මේ මහ බැංකු අධිපතිවරයාව එලවීමේ කුමන්ත්‍රණය රනිල් විරෝධි කිලි මහරාජාගේ කුණු කොන්ත්‍රත්තුවකි. එතැනින් එහා මෙහි කිසිදු සත්‍යයක් ඇත්තේ නැත. ජවිපේ වැනි මහරාජා හුරතලේට හදා ගන්නා පක්ෂද කරන්නේ මේ ටිකමය. නීතිය තමන්ට අවශය පරිදි අර්ථකතනය කර ගැනීමේ ජිල්මාර්ට් එක මේ යහපානයේ කට්ටිය මේ වන විට ප්‍රගුණ කර ඇති ශිල්පයක් නිසා හෙට දවසේදී ඕනෑම දෙයක් විය හැකිය. එහෙත් යුක්තිය සාධාරණය ඉ‍ටුවන්නෙ නැත.

කොහොම නමුත් ශිරාල් පව්.. වල්ගය නැති ගොනා වගේ…

ශිරාල් විසින් තමන්ගේ වෙබ් අඩවියේ පළ කළ ලිපිය

මංගල හදා රුවන් වඩා දුන් රනිල් වික්‍ර‍මසිංහගේ මඩ ප්‍ර‍චාරක බළකාය මේ දිනවල ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලකව පතුරු ගසනු දැකගත හැකිය. ඒ මහ බැංකු අධිපතිවරයා විසින් මහ දවල් සිදු කරන ලද මහා පරිමාණ මුල්‍ය වංචා රටට හෙළිකොට රනිල් වික්‍ර‍මසිංහගේ මිස්ටර් ක්ලීන් රෙදි ගලවා දැමීම හේතුවෙනි. සුචරිතවාදී රදළ මහත්මා දේශපාලනයේ සළකුණ ලෙස විරුදාවලි ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ නාන්නෙ නැති බව හෙළි වුයේ මහ බැංකු අධිපතිවරයාගෙ පැටිකිරිය හෙළිවීමත් සමග ය. එම හෙළිදරව් කිරීම ජනතා අරගලයක් දක්වා කැදවාගෙන යාමට පසුගිය වසරේ ශිරාල් ලක්තිලක සහ චම්පික රණවකගෙ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද දූෂණ විරෝධී පෙරමුණ විශාල කාර්යයක් ඉටු කළ බව රටම දන්නා කරුණකි. රාජපක්ෂවරුන්ගෙ දූෂණ සහ වංචා වැඩිම ප්‍ර‍මාණයක් රටට හෙළි කරන ලද්දේ වර්ථමානයේ උලපනේ සුමංගල හිමියන්ගෙ සභාපතිත්වයෙන් යුතු එම දූෂණ විරෝධී පෙරමුණයි. රනිල්-මහින්ද-මංගල එක්ව ගෙන යන දේශපාලන ව්‍යාපෘතියට දූෂණ විරෝධී පෙරමුණ වැනි සිවිල් සංවිධාන බාධාවක් බවත්, වහාම එවැනි සිවිල් සංවිධාන අඩපන කරන ලෙසට එජාප මඩ බලකායට ඉහළින් උපදෙස් ලැබී ඇත. එකම තැනකින් ක්‍රියාත්මක වන වෙබ් අඩවි කිහිපයක් ශිරාල්ට එරෙහි සංග්‍රාමයක් ආරම්භ කර ඇත්තේ ඊට අනුවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කොට එක්සත් ජාතික පක්ෂයට පහසුවෙන් බලයට පත්වීමට පාර කැපීමේ අරමුණ ඇතිව ක්‍රියා කරන ඒකාබද්ධ විපක්ෂය අලුත් පක්ෂයක් පිහිටුවීම හරහා කරමින් සිටින්නෙ රනිල් වික්‍ර‍මසිංහ ලවා තමන් විසින් සිදු කරන ලද මහාපරිමාණ දූෂණ වංචා යට ගසා ගැනීමය. ඊට නිදහස් පක්ෂය පමණක් නොව රටම වුවද පාවාදීමට සුදානම් බව ඒකාබද්ධ විපක්ෂය අගමැතිවරයාට දිවුරා පොරොන්දු වී ඇත. ජනවාරි අට වෙනසට පාර කපන ලද පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා වු ජනතා ව්‍යාපාරය විසින් පසුගියදා මහජන පුස්තකාලයේ සංවිධානය කරන ලද සම්මන්ත්‍ර‍ණය කඩාකප්පල් කිරීමද පුරවැසියන්ගෙන් නැගෙන දූෂණ විරෝධය යටපත් කිරීමට ගන්නා ලද අසාර්ථක උත්සාහයකි. ඉදිරියේදී රජයට මහත් හිසරදයක් වීමට නියමිත සිවිල් සංවිධාන ජාලය අඩපන කිරීමටත්, එකී සිවිල් සංවිධාන සහ ජනාධිපතිවරයා අතර විරසකයක් නිර්මාණය කිරීමේ වගකීම එජාපයට සම්බන්ධ වෙබ් අඩවි කප්පිත්තෙකුට බාරදී ඇත. පරිනත දේශපාලඥයෙකු වන ජනාධිපතිවරයාට පහරදීම පළක් නොවන නිසාවෙන් කුමන්ත්‍ර‍ණකරුවන්ගෙ ඉලක්කය වී ඇත්තේ ජනාධිපතිවරයාව ආරක්ෂා කරන ශිරාල් ලක්තිලක වැනි අයයි. ඔවුන්ගෙ නියෝජිතයන් ජනාධිපති ලේකම් කාර්යාලය තුළද සිටින බව මංගල සමරවීරට සම්බන්ධ පුවත්පතක්ද වාර්තා කොට ඇත.

මෙලෙස යහපාලන ජාතික ආණ්ඩුව විසුරුවා හැරීමට දරන උත්සාහය පිටුපස මංගල සමරවීරගෙ අගමැති සිහිනයද ඇත. ඊට පසුගිය සමයේ ජනතා විමුක්ති පෙරමුණෙන් සහ පෙරටුගාමී පක්ෂයෙන් ඉවත් වු කිහිපදෙනෙක්ද දරදිය අදිමින් සිටින බව දැනගන්නට ඇත. රනිල් වික්‍ර‍මසිංහ ජනාධිපති පුටුවේ වාඩි කිරීමට ගෙවන මිල ලෙස මංගලට අගමැතිකම ලබා ගැනීමත් සජිත් ප්‍රේමදාස වැනි ගම් මට්ටමේ වැඩ කරන නායකයින් පක්ෂය තුළ කොන් කිරීමත් රනිල්-මහින්ද-මංගල හවුලේ මීළග උප්පරවැට්ටිය යි. අප පසුගිය වසරේ වෙනසකට මුල පුරන ලද්දේ දහසක් බලාපොරොත්තු පෙරදැරිවය. නිදහස හා සමානාත්මතාවය මුලික කොටගත් යහපාලිත සමාජයක් බිහි වනු දැකීම අප සැමගේ අපේක්ෂාව විය. නමුත් දැන් සිදුවෙමින් පවතින්නෙ අප මහන්සියෙන් ගොඩනගන ලද යහපාලන ආණ්ඩුව නපුංසක දේශපාලකයන් විසින් විනාශ කිරීමයි. ඊට ආර්ථික අපහසුකම් සහිත මාධ්‍යකරුවන් කිහිපදෙනෙක්ද සම්බන්ධව ඇති අතර ඔවුන්ට සුලු මුදලක් අතමිට මොලවා සිය හාම්පුතුන්ගෙ විරුද්ධවාදින් පතුරු ගැසීම පවරා ඇත. අවසානයේ රනිල් වික්‍ර‍මසිංහගෙ බල තන්හාව ඔහුව විනාශය කරා රැගෙන යන බව නම් නිශ්චිතය. අප කවුරුත් ආස වන්නෙ අහිංසක රනිල්ට මිස බටලන්ද වධකගාරයේ වයින් බොමින් මිනී මරන දෙස බලා සිටි ඒකාධිපති රනිල්ට නොවේ.

-LankaDaily-

Top