Breaking
25 Feb 2025, Tue

සංහාර සැමරුම සංහාරය කරන්න “සිංහලේ”

බෙදුම්වාදී ඊළාම් රාජ්‍ය උදෙසා විග්නේෂ්වරන් , ආර් සම්බන්ධන් ඇතුලූ නඩය විසින් ඔවුන්ගේ පරාසායන් තුළ මේ වන විටත් සියලූ පිඹුරුපත් සකසා ප‍්‍රකාශකොට සම්මත කරගෙනද අවසන් බව සිංහලේ සංවිධානය නිවේදනයක් ඉකුත් කරමින් කියා සිටි.

“ජන සංහාර සැමරුම ’’ වහාම සංහාරය කළ යුතුය

බෙදුම්වාදී ත‍්‍රස්ථවාදි සන්නද්ධ අරගලය පරාජය කොට දකුණේ මෙන්ම උතුරේද සියලූ ජනතාවට සාමය උදා කොට සත් වසරක් සපිරෙන මොහොත වන විට කවුරුන් කොහොම කෙසේ කීවත් අලූ යට ගිනි සේ පවතින ඊළාම්වාදීන්ගේ ඊළාම් සිහිනය සහජීවන හා ඉතා සෞම්‍ය නොයේක් ලීලාවන්ගෙන් දැන් දැන් අතිශය භයානක ආකාරයෙන් ඉස්මතු වෙමින් පවති. එම ඉස්මතුවීම මොනතරම් සෞමය වූවක් බවට පත්කරගෙන ඇත්තේද කිවහොත් ත‍්‍රස්ථවාදී බෙදුම්වාදී කොටි ක‍්‍රියාකාරකම්වලට වචනයෙන් හෝ ක‍්‍රියාවෙන් විරුද්ධව නැගී සිටීම හුදු ආණ්ඩු විරෝධයක් ලෙස එකෙනෙහි හුවා දැක්වීමට තරම් බෙදුම්වාදි කල්ලි කණ්ඩායම් ශූක්‍ෂම වී ඇත්තේ පාලක කාරකාදීන්ගේද සෘජු සහ වක‍්‍ර සහය මොනවට ඔවුන් වෙත ලබාගෙනදැයි සාධරන සැකයක් මෙන්ම පැනයක්ද අප හමුවේ තබමිනි. ප‍්‍රභාකරන්ගේ කාර්යය ඊටත් වඩා සිය දහස් ගණනකින් තහවුරු වන පරිදි අද වන විට දෙමළ අන්තවාදී අවස්ථාවාදී බලලෝභී දේශපාලන නඩය විසින් දෙස් විදෙස් සහය ඇතිව ඉතා හොදින් ක‍්‍රියාත්මක කරමින් පවතී.

බෙදුම්වාදී ඊළාම් රාජ්‍ය උදෙසා විග්නේෂ්වරන් , ආර් සම්බන්ධන් ඇතුලූ නඩය විසින් ඔවුන්ගේ පරාසායන් තුළ මේ වන විටත් සියලූ පිඹුරුපත් සකසා ප‍්‍රකාශකොට සම්මත කරගෙනද අවසන්ය. ඔවුන් දැන් සිදු කරමින් පවතින්නේ ඊට අවශ්‍ය අවශේෂ අඩුම කුඩුම ටික දෙස් විදෙස් සහයෙන් සකසා ගැනීමයි. එහි ඇතැම් ජවනිකාවන් එක් එක් චරිත විසින් විටින් විට පණ පොවනු දැකිය හැකිය. විග්නේෂ්වරන් මහ මොළකරුගේද සහය ඇතිව සිවාජිලිංගම් නැමැති කොටි රූකඩය අළු ගසා දමා යළිත් හොල්මන් කරමින් ‘‘ජන සංහාර සැමරුම’’ නමින් සැමරුමක් සිදු කරමින් ත‍්‍රස්ථවාදී අරගලය නිමා කරන්නට සෑම අයුරින්ම කටයුතු කළ සියලූ කණ්ඩායම් වෙත ප‍්‍රබල පහරක් එල්ල කරන්නට සූදානම්ය. මේ රටේ ජන සංහාරයන් සිදු කළෙ මිනීමරු එල් ටී ටී ඊ ත‍්‍රස්ථ සංවිධානය බව අප අමුතුවෙන් සිහිකළ යුතු නැත. එසේ පවතිද්දී නැවතත් මොවුන් මේ උත්සාහ දරන්නේ උතුරේ පමණක් දෙමළ ජනතාව සංහාරය උනා යැයි පවසමින් ඒ සඳහා සැමරුමක් මේ රටතුළම ඔවුන්ට රිසි සේ සිදුකොට එයට මේ රටේ රාජ්‍ය පාලනය විසින් විරුද්ධ නොවීමම අවියක් කරගනිමින් ජාත්‍යන්තරය තුළ නැවතත් යුද්ධය සඳහා දේශපාලන නායකත්වය හා සන්නද්ධ නායකත්වයන් දුන් ත‍්‍රිවිධ හමුදාව ඇතුළු පිරිස් තාඩන පීඩණයට ලක් කිරීමට මං පෙත් විවර කර ගැනීමටයි.

ඒ නිසා සිවාජිලිංගම් ඇතුළු මෙම අන්තවාදී ත‍්‍රස්ථවාදී නඩය නැවතත් මළ කොටියන්ට පණ පොවමින් අර අදින්නේ නියමයෙන් හා අනියමෙන් ඊළම සඳහා කැස කැවිමයි. මෙනිසා මේ මොහේතේදී සියලූ දෙස් විදෙස් දේශපේ‍්‍රමී බලවේගයන් එකා මෙන් පෙළ ගැසී ජන සංහාර සැමරුම සහිත සියළු බෙදුම්වාදී ක‍්‍රයාකාරකම් තිඹිරිගෙහිදීම සංහාරය කරන්නට කටයුතු කළ යුතුමය.

පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි
මහ ලේකම්- සිංහලේ

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.