Featured

සංහිඳියාව රෙද්ද පල්ලෙන් බේරේ……යාපනයේ සිංහල සිසුන් වෙනත් විශ්වවිද්‍යාලවලට

පසුගියදා දෙමළ කොටි අන්තවාදින් ගේ පහරකෑමට ලක්වු යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන් හට තමන් කැමති විශ්වවිද්‍යාලයකට මාරු විමට අවස්ථාව ලබාදිමට කටයුතු කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට උසස් අධ්‍යාපණ අමාත්‍යවරයා නියෝග කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

උතුරේ විශ්වවිද්‍යාලය වල සිංහල සිසුන්සදහා වැඩි ඉඩක් ලබාදිම හේතුවෙන් දමිල සිසුන් අපහසුතාවට ලක්වන බවත් පසුගියදා ගැටුමේ ආසන්තම හේතුව නැටුම් කණ්ඩායකම් හේතුවෙන් සිදුවුව යුද්ධයෙන් පසුව දිගින් දිගටම සිංහල සිසුන් යාපනයේ විශ්වවිද්‍යාල වෙත් පැමිණිම දමිළ සිසුන්ගේ අධ්‍යාපණ අයිතිවාසිකම් වලට බලපැම් එල්ල කර ඇති බව ද්‍රවිධ ජාතික සන්ධාන දේශපාලකයන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ.

විද්‍යාපීඨ සිංහල ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබුණු මෙම පිළිගැනිම සදහා උඩරට වෙස් නැටුම් කණ්ඩායමක් සහභාගී කරවාගත් අතර දමිළ සිසුන් “අඩෝ..ඔබලා කොහොමද එහෙම එවා මෙහේ කරන්නේ ” යනුවෙන් එයට විරෝධය පළකරමින් කෑ කෝ ගසමින් අනතුරුව එම ස්ථානයට කඩා වැදුණු කාලා පීඨ දෙමළ සිසුන් විසින් විශ්ව විද්‍යාල ආචාර්ය්‍යවරුන් බලා සිටියදීම පහරදීම සිදුකර තිබෙන අතර වීදුරු කඩා බිද දමමින් විශ්ව විද්‍යාල ගොඩනැගිවලටද හානිකරනු ලැබුවා.

යාපනයේ සිදුවූ සියල්ල රහසක් නැතුව අම්මලා තාත්තලා හෙළිකරයි

Top