Featured

සක්කරයාගේ පුතා වයිමා කිව්වත් ශ‍්‍රී.ල.නි.පය දෙමුහුන් ආණ්ඩුවේ ලැගලා ඉන්න තුරු අපි එකතුවෙන්නේ නැහැ

රටට හා ශ‍්‍රී.ල.නි.පයට එක ලෙස ආදරය කරන්නේ නම් පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර දෙමුහුන් ආණ්ඩුවෙන් ඉවත් වී පෙන්වන්නැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා ආණ්ඩුවේ සිටින ශ‍්‍රී.ල.නි.ප ඇමතිවරුන්ට අභියෝග කරයි.

ශ‍්‍රී.ල.නි.ප ආන්ඩුවක් හදන බවට කටින් බතල සිටුවන්නේ නැතිව එය ක‍්‍රියාවෙන් ඔප්පු කිරීමට ඔවුනට තවමත් අවස්ථාව තිබෙන බවද රණතුංග මහතා තව දුරටත් පෙන්වා දෙයි.
වර්තමාන දේශපාලන තත්වය පැහැදිලි කිරීමට සඳහා මිනුවන්ගොඩ හොරම්පැල්ලේ පැවති. රැස්වීමකදි රණතුංග මහතා මේ බව සඳහන් කලේය ඊයේ (24) මෙම රැස්වීම පැවැත්වුනි.

එක්සත් ජාතික පක්‍ෂය ඵල නොකියා පලා බෙදත්දීත් ශ‍්‍රී.ල.නි.ප ඇමතිවරුන්ට කිසිදු විලි ලැජ්ජාවක් නොමැතිව ඔවුන් සමග ලගින බවත් මේ තත්වය යටතේ ඉදිරි ඔනෑම මැතිවරණයකදි එකාබද්ධ විපක්‍ෂයට වෙනම තරග කිරීමට සිදුවනු ඇති බවත් පෙන්වා දුන් රණතුංග මහතා එකාබද්ධ විපක්‍ෂය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් තරග වැදි එලබෙන ඕනෑම මැතිවරණයකදි ආණ්ඩුව ස්ථීර ලෙසම පරාජය කරන බවද අවධාරණය කලේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයා මෙසේද කිවේය.

ආණ්ඩුවේ ලැගලා ඉන්න ශ‍්‍රී.ල.නි.ප ඇමතිවරුන් අද ජනතාව අතර බොරු මතයක් වපුරණවා ශ‍්‍රී.ල.නි.පයේ මහින්ද පාර්ශවයයි මෛත‍්‍රී පාර්ශවයයි ඉදිරි මැතිවරණයෙදි නැවත එකතු වෙනවා කියලා සක්කරයාගේ පුතා වයිමා කිව්වත් ශ‍්‍රී.ල.නි.පය මේ දෙමුහුන් ආණ්ඩුවේ ලැගලා ඉන්න තුරු අපි ඔවුන් සමග එකතුවෙන්නේ නැහැ. ආණ්ඩුවේ ලැගලා ඉන්න ශ‍්‍රී.ල.නි.ප ඇමතිවරුන් මේ විදිහට ජනතාව අතර බොරු මත වපුරන්නේ ඔවුන්ගේ දේශපාලන බංකොලොත් බාවය වසා ගන්නයි. මොලේ කලදක් තියෙන් කෙනෙකුට මේ ආණ්ඩුවට එකතු වෙනවාද? මොලේ කලදක් තියෙන් කෙනෙකුට මේ ආණ්ඩුවට උදව් කරන්න පුළුවන්ද මේක ජනතාවගේ ආණ්ඩුවක් නෙවෙයි. මේක ජනතාවට වින කරන ආණ්ඩුවක් ශ‍්‍රී.ල.නි.ප ප‍්‍රතිපත්ති රකිනවා යැයි කෑ මොර ගහන ශ‍්‍රී.ල.නි.ප ඇමතිවරු කොහොමද රෙදි ඇදගෙන මේ ආණ්ඩුව ඇතුලේ ඉන්නේ

අපිට විපක්‍ෂයේ ඉදලා පුරුදුයි. හැබැයි සමහර අයට විපක්‍ෂයේ ඉන්න බැහැ බලයට නැතිව ජීවත් වෙන්න බැහැ අද ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන් දිහා බලන්න මහින්ද මහත්තයා ඉන්නකන් ‘‘මහා රාජානෝ’’ කියලා දෙපතුල් ලග වැටුන අය අද මෛත‍්‍රී මහත්තයා ලගට ගිහින් මහින්ද මහත්තයට බැන අඩගහනවා. හෙට මහින්ද මහත්තයා නැවත මේ රටේ ජනාධිපති වුනොත් අගමැති උනොත් ඔය කට්ටිය මහින්ද මහත්තයා ලගට ඇවිත් මෛත‍්‍රී මහත්තයාට බනිනවා ඒක ඉර හද වගේ විශ්වාසයි මොකද ඒ අයට ඕනෑ රටට සේවය කරන්න නෙවයි. තමන්ගේ තනතුරු වරප්ප‍්‍රසාද රැකගන්නයි. මේ වගේ අයව අද ජනතාව හොදට අදුනගෙන ඉන්නේ.

මහින්ද යුගය තමයි මේ රටේ අපේ පක්‍ෂයේත් සුවර්ණමයි යුගය දැන් මෛත‍්‍රීපාල මහත්තයා අපේ පක්‍ෂයේ සභාපති වෙලා අවුරුදු 02 ක් වෙනවා රටේ ජනාධිපති වෙලත් අවුරුදු 02 ක් වෙනවානේ. මොනවාද පක්‍ෂයට රටට කලේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මාධ්‍ය නිදහස ගැන මහා ලොකුවට පම්පෝරි ගැහුවට කරපු දෙයක් නැහැ. කරන්නේ බටහිර රටවල හා ඩයස් පොරාව කියන විදිහට නටන එක විතරයි.

මේ ආණ්ඩුවට වැඩ බැහැ පම්පොරි විතරයි. මේ ආන්ඩුවේ මැති ඇමතිවරු අද මහා පරිමානයෙන් කොමිස් ගහනවා. හොරකම් කරනවා. මේ ආන්ඩුව බලයට ආවේ අපි හොරු කියලයි. ඒත් මේ ආණ්ඩුවේ ඉහල ඉදලා පහලටම තියෙන්නේ හොරකම විතරයි. මේ ආණ්ඩුව රටට කරන විනාශයට කවදාහරි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් වග කියන්නේ වෙනවා. ඒකයි අපි කියන්නේ කොන්දක් තියෙන්වානම් ශ‍්‍රී.ල.නි.පය දැන්වත් මේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි කියලා.

ලක්‍ෂමන් යාපා ඇමතිතුමා කියලා තිබුනා අපි අසූචි වලක ලැගලා ඉන්නවා වගෙයි කියලා. එක්සත් ජනතා නිදහස් සංධානයෙන් මහින්ද අගමැති කරනවා කියලා මිනිස්සුන්ගෙන් ඡුන්දය අරගෙන ජනතාවට පයින් ගහලා ආණ්ඩුවට ගිය අය ඉන්නේ අද අසූචි වලක තමයි ඕකෙන් ගොඩ ඒනන බැහැ මිනිස්සු ගොඩට එන්න දෙන්නෙත් නැහැ ඒක ඉලග ඡුන්දෙන් හොදට බලාගන්න පුළුවන්. ඒ අයට වෙන දේ.

ඊයේ පෙරේදා ඩිලාන් පෙරේරා ඇමතිවරයා කිව්වා සැප්තැම්බර් වෙද්දි අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ජනාධිපතිතුමා කියනවා පළාත් පාලන මැතිවරණයෙන් මාර්තු අපේ‍්‍රල් තියෙන්වා කියලා එතකොට සැප්තැම්බර් මාසයේ ආණ්ඩුවෙන් ඉවත්වෙලා වැඩක් තියෙන්වාද? මාර්තු අපේ‍්‍රල් ඡුන්දය තියෙන්වා. නම් ඡුන්දය තියෙන් වෙලාවෙත් ආණ්ඩුවේ කොටස් කාරයෙක් වෙලා ඉන්නවා නම් වැඩක් තියෙනවද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා. මේ ආණ්ඩුවත් එක්ක ගැට ගැහිලා ඉන්නවානම් මොනවා කිව්වත් අපේ සහාය ඔවුන්ට දෙන්නේ නැහැ. ඒක ස්ථීරයි. ශ‍්‍රී.ල.නි.ප ඇමතිවරු අද ගලේ පහරපු බලලූන් ගානට වැටිලා කර කියා ගන්න දෙයක් නෑ ඒකයි මේ අය මේ වගේ කථා කියන්නේ කිය කියා ඉන්න දෙයක් නැහැ. කොන්දක් තියෙනවා නම් අද වුනත් ආන්ඩුවෙන් ඉවත් වෙන්න පුලූවන් රටට ආදරයක් තියෙන්වානම් ශ‍්‍රී.ල.නි.පය ආන්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය නම් පලාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර ආන්ඩුවෙන් ඉවත් වී පෙන්වන්නැයි මම මේ අයට අභියෝග කරනවා.

ආණ්ඩුව අද සුපිරි ඇමතිකෙනෙක් හදන්න හදන්නේ වෙන මොකුත් හින්දා නෙවෙයි. එක්සත් ජාතික පක්‍ෂයට ඕනෑ දේ කරන්නයි. ඇමතිවරු වැඩ කරනවානම් සුපිරි ඇමතිලා අවශ්‍ය නැහැ මේකෙන් තේරෙන්නේ ආණ්ඩුවේ ඇමතිවරු වැඩ කරන්නේ නැහැ කියන එකයි. කොහොම වුනත් අපිට ඕනෑ සුපිරි ඇමති කෙනෙක් නෙවෙයි බටහිරට කොන්ද නමන්නේ නැති ඔවුන්ගේ පදයට නටන්නේ නැති සුපිරි ජානාධිපති කෙනෙක් අපි මේ සුපිරි ඇමති හදන පනතට සම්පූර්ණයෙන්ම විරුද්ධයි අපි ඒකට විරුද්ධව පාර්ලිමේන්තුව තුලදීත් ඉන් පිටද දීත් කටයුතු කරනවා. මේ ආණ්ඩුවට ඡුන්දේ දීපු කවුරුහරි කෙනේ හම්බ වුනොත් අපට දැන් අහන්න තියෙන්නේ ‘‘ඔබට සතුටුයි දැන් කියලා’’ හාල් 95 යි හාල් මාපියාවක් රටේ තියෙන්නේ ජනාධිපතිතුමාගේ සහෝදර සමාගම මේ හාල් මාපියාවේ වී මාපියාවේ ප‍්‍රධාන පුරුකයි. ඒක ප‍්‍රසිද්ධ රහසක් ඒ අයට ඕනෑ විදිහටයි මේ රටේ වී මිලදි ගැනීම හාල් වෙලද පොලට නිකුත් කිරීම කරන්නේ. කිව්වේ නම් කොහොමද? ගෙවියවයි. පාරිබෝගිකයාවයි. දෙන්නම රකිනවා කියලයි. ඒත් මේ ආන්ඩුව ගොවියයි පාරිභෝගිකයයි දෙන්නවම ගසා කනවා. මිනිසුන්ගේ බත් පතිනුත් ගසා කන ආණ්ඩුවක් බවට මේ රනිල් මෛත‍්‍රී දෙමුහුන් ආන්ඩුව පත් වෙලා ඉවරයි. අද රටේ ජනතාවට වහා බොන්නයි වෙලා තියෙන්නේ.
අද රුපියල මස්ත බාල්දු වෙලා ආර්ථිකය කඩා වැටිලා. කිව්වේ නම් නළුවෙක් නෙවෙයි මොලයක් කියලා දැන් නම් පෙනෙන්නේ ආන්ඩුවේ ලොක්කන්ට අල ගෙඩියක් තරම්වත් මොලේ නැහැ කියලයි. රටේ හැමදේකම මිල වැඩිවෙලා ඒත් ඒ මිල වැඩි වීමට සාපෙක්ෂව පඩි වැඩි වීමක් වෙලා නැහැ ජනතාව හිගා නොකා හිගා කන තත්වයට පත් කරපු මේ ආන්ඩුව ජනතාවගේ අතේ තියෙන තුට්ටු දෙකටත් බදු ගහලා දඩ ගහලා මංකොල්ල කනවා. මේ රටේ මිනිස්සු දැන් දන්නවා ‘‘වෙනස කියලා ආණ්ඩුව ඔවුන්ව රවට්ටපු බව රටේ ජනතාව බලන් ඉන්නේ කොයි වෙලාවෙද මැතිවරණයක් තියන්නේ කියලයි. වෙන මොකටවත් නෙවෙයි. මේ ආණ්ඩුවට හොද පාඩමක් උගන්වන්න එන ඕනෑම මැතිවරණයකදි මේ ආණ්ඩුව ගෙදර යවන්න රටේ ජනතාව පෙල ගැහිලා ඉවරයි. එ ජනතාවට නැගිටීමට නායවත්වයක් දෙන්න මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් යුතු ජනතා බලවේගයට අපිත් ලැහැස්තියි.

ප‍්‍රදීප් අනුර කුමාර

Top