Breaking
23 Feb 2025, Sun

සක‍්‍රයාගේ පුත‍්‍රයා බන්දුල නටන්නේ ‘‘රෝ ’’ පදයට…. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම රෝ නාටකයක් … විමල්ගේ ජාතික සංවිධාන දුම්මල වරම අතට ගනී…..

20 වන ව්‍යවස්ථා සංශෝධන නාටකයේ පිටපත ලියන්නේ ‘‘රෝ’’ සංවිධානය බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර චොදනා කරනවා.

අද (19) ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර සදහන් කළේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නැමති පරණ කුණු මස් කැබැල්ල ව්‍යවස්ථා උගුල මත අටවන්නේ මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඊට කොටුකර ගැනීමට බව ඉතා පැහැදිලි බවයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු 2015 ‘සිට රග දක්වන යහපාලන නාට්‍යයේ අවසන් ජවනිකාව ලෙස හැදින්වීම වරදක් නොවේ. මේ නාට්‍යයේ පිටපත ලියන්නෙ ඉන්දියාවේ රෝ ඔත්තු සේවාව විසින් බව මේ වන විට ඉතා හොදින් ඔප්පුවෙලා තියෙනව. ඔවුන් විසින් යහපාලන නාට්‍ය පිටපත ලියන්නේ ව්‍යවස්ථා සංශෝධනයෙන් අවසන් කරන්න බව ඉතා පැහැදිලියි. මේ නාට්‍යයේ විවිධ ප‍්‍රතිවිරෝධතා තිබෙන පිරිස් එකට රගපාන බවද සත්‍යකි. පළමු වටයේදී ප‍්‍රධාන නළුවාගේ භූමිකාවට තෝරා ගන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්මයාය. එහෙත් දැන් අවසන් ජවනිකාව හෙවත් 20 වැනි සංශෝධන ජවනිකාව රගපාන්න එතුමාට නොහැකි බව දැන් ඉතා පැහැදිලියි. විශේෂයෙන් බැදුම්කර මගඩි චෝදනාව, පෙබරවාරි 10 පුංචි මැතිවරණ ප‍්‍රතිඵලය සහ විශ්වාසභංගය ඇතුළු මෙකී නොකී හේතු නිසා එතුමාට ප‍්‍රධාන නළුවාගේ භූමිකාව අහිමි වෙනව. දැන් ඒ සදහා තෝරාගෙන තිබෙන්නෙ අනුර කුමාර දිසානායක මහතාය.

නළුවා මාරු කිරීම මගින් ප්‍රේක්ෂකයාට කුණු බිත්තර ප‍්‍රහාරයෙන් බේරෙන්න පුළුවන් බව රෝ සංවිධානයෙ අධ්‍යක්‍ෂ මහත්වරු ඉතා හො`දින් දනිති. ඔවුන්ගේ තීරණය නිවරදි බව බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා වැනි අය මාධ්‍යට කරන ප‍්‍රකාශ වලින් පැහැදිලි වේ. සමහරවිට එතුමා රගපාන්නෙ නාට්‍ය පිටපතේ තියෙන චරිතයක් වෙන්න පුළුවන්. එතුමලාට උපදෙස් දෙන දයාන් ජයතිලක වැනි මහත්වරු මෙම නාට්‍යයේ රගපානවා පමණක් නොව පිටපත ලියන්නත් දායක වන බවට කිසිදු සැකයක් නැත. දැන් පෙනෙන හැටියට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ භූමිකාව අවසන් ජවනිකාවෙන් ඉවත් කළා විය හැකියි. ඒ වෙනුවට හැකිනම් හිටපු ජනාධිපතිතුමා පසුබිම් කථනයකට හෝ යොදාගන්නට අධ්‍යක්‍ෂවරු උත්සාහ කරන බවටද සැකයක් නැහැ.

එදා 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ ජවනිකාවේදී යොදාගත් සියලූ ශිල්ප ක‍්‍රම 20ටත් යොදා ගන්නා බවට ද සැකයක් නැත. එදා වේදිකාවේ ශිල්ප හරඹ දැක්වූ විජයදාස රාජපක්ෂ නම් වූ සටන් නළුවා මෙදා 20 වැනි සංශෝධන ජවනිකාවේදී දුෂ්ඨයාගේ චරිතයට තෝරාගෙන පේ‍්‍රක්ෂකයා නොමග යැවීමට ද අධ්‍යක්‍ෂවරු උත්සාහ කරනු පෙනේ. දැනටමත් ඔහු සමස්ථ කුමන්ත‍්‍රණය ගැන කතා නොකර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ වරද ගැන පමණක් කතාකරන්නේ එහි පෙරහුරුවක් ලෙස බවටද සැකයක් නැත.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම නැමති පරණ කුණු මස් කැබැල්ල ව්‍යවස්ථා උගුල මත අටවන්නේ මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඊට කොටුකර ගැනීමට බව ඉතා පැහැදිලියි. බන්දුල ගුණවර්ධන මහත්මයාලාගේ බොළද කතා වලින් ඒ බව තහවුරු වෙනව. ඔහු කියනවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එකවිට කරනවානම් 20 වැනි සංශෝධනයට සහාය දෙන බව.

ඒවා ඇසෙන විට ‘‘රෝ ’’ සංවිධානයේ අධ්‍යක්‍ෂවරු සිනාසෙන්නේ කොතනින්ද කියා සිතාගත නොහැකියි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නනම් ජ.වි.පෙ විසින් ඉදිරිපත් කරන පනත් කෙටුම්පතට පළමුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් එය සම්මත විය යුතුයි. ඉන් පසුව එය ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතුය. නමුත් ජනමත විචාරණයෙන් සම්මත වීම අවශ්‍ය නොවන බෙදුම්වාදීන්ට අවශ්‍ය ඊනියා සුළු සංශෝධන විශේෂ බහුතරයෙන් පමණක් සම්මතකොට ක‍්‍රියාත්මක කිරීමට ඒ මගින් බාධාවක් එල්ලවන්නේ නැහැ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ක‍්‍රම දෙකක් තිබේ. පළමුවැන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත්කොට තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් සම්මත කිරීමය. දෙවැන්න 20 වැනි සංශෝධනය මගින් 19 වැනි සංශෝධනයේ ප‍්‍රතිපාදන නැවත සංශෝධනය කොට පාර්ලිමේන්තුව ක්‍ෂණිකව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලබා දීමය. එවිට එම ක‍්‍රියාව ජනාධිපතිවරයාගේ අනුකම්පාවට යටත්වේ. ඒ අනුව බන්දුල ගුණවර්ධන මහතා කියන කොන්දේසි දෙක එකවිට ඉටුකිරීමට සක‍්‍රයාගේ පුත‍්‍රයාවන වයිමාටවත් නොහැකි බව කුඩා ළමයෙක්ට වුවත් තේරුම්ගත හැක. නමුත් ඒ කොන්දේසිය ඉදිරියට දමා විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීමනම් වූ කුණුමස් කැබැල්ලට අත තබන විට 20 වැනි සංශෝධන උගුලට රටම ගොදුරුවන බව එතුමාට වැටහෙන්නේ නැත. ඒ මගින් අර්බුදයට ලක් වන්නේ එතුමාට ආචාර්ය උපාධිය ලබාදුන් චීන විශ්ව විද්‍යාලය පමණක් නොවේ. සමස්ථ ඒකාබද්ධ විපක්ෂයටම ඊට වගකීමට සිදුවනු ඇත. ඒ පාවාදීම ඔවුන් විසින් කරනු ලබන අවසන් පාවාදීම බවටද විවාදයක් නැත. එය ඒ තරමට බරපතල පාවාදීමකි.

එදා 19 වැනි සංශෝධනය ගෙනඒමේදී මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සදහා 20වැනි සංශෝධනය වහාම ගෙන එන බවට ආණ්ඩුව පොරොන්දු විය. නමුත් ඒ පොරොන්දු ඉටු නොවීය. ඒ වෙනුවට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත්ව නොතිබූ බරපතල සංශෝධන රාශියක් පාර්ලිමේන්තුවේ කාරකසභා අවස්ථාවේදී බලහත්කාරයෙන් ඇතුළු කරනු ලැබීය. අද ඒකාබද්ධ විපක්ෂයේ සිටින බෙහෝ මන්ත‍්‍රීවරු එදා බෙහොම අසරණව බලා සිටියහ. මෙදා සිදුවන්නේද එයමය. මෙදා පාර්ලිමේන්තුව විසුරුවි හරින යෝජනාව 20 වැනි සංශෙෘ්ධනය සම්මත කළ විගස ගෙන එන බවට ‘‘කොළ සහ රතු අලි’’ විසින් පොරොන්දු ලබාදෙනු ඇත. සමහරවිට එකකට පසු එකක් සම්මත කිරීම ස`දහා ඒ දෙකම එකවිට ඉදිරිපත් කිරීම මගින් තවදුරටත් විපක්ෂය ගොනාට ඇන්දවීමට ඔවුන් කටයුතු කරනු ඇත. අවසානයේදී විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම ජනමත විචාරණයක් දක්වා කල් යන අතර බෙදුම්වාදීන්ට අවශ්‍ය සංශෝධන ප‍්‍රමාණය බලහත්කාරයෙන් හෝ විපක්ෂය ගොනාට අන්දවා සම්මත කරනු ඇත.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ පසුව යහපාලන ව්‍යාපෘතියේ මූලික අරමුණ ඉටුවේ. ඉන් පසුව ප්‍රෙක්ෂකාගාරයේ ගුටිකෙළි මැද රගදැක්වෙන නාට්‍යයේ නළු නිළියන් කවුරු වුවත් එහි ප‍්‍රතිඵල කුමක් වුවත් ‘‘රෝ ’’ අධ්‍යක්ෂවරුන්ට ගැටළුවක් නැත. ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ යෝජනාව සම්මත කළ ත් නොකළත් ඔවුන්ට ප‍්‍රශ්නයක් නැත. 20 වැනි සංශෝධනයට පක්ෂව මිලදී ගන්නා යම් මන්ත‍්‍රීවරුන් තම මන්ත‍්‍රී පදවිය වසර 5 කට පෙර නිම කිරීමට එකග නොවීමට බොහෝ දුරට ඉඩ ඇත. එසේ වුවහොත් යෝජනාව සම්මත නොවේ. යෝජනාව සම්මත වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණය පැවැත්වෙන්නේ වර්තමාන ජනාධිපතිතුමා සහ වර්තමාන මැතිවරණ කොමිසම යනුවෙන් හදුන්වන මැතිවරණ කොමසාරිස් යටතේය. එම තත්වය බෙහෝවිට 2015 අගෝස්තු තත්වයට යම් පැතිකඩවලින් සමානවේ. එහි ප‍්‍රතිඵලය කුමක් වුවත් නාට්‍යයේ අධ්‍යක්ෂ වරුන්ට ගැටළුවක් නැත.

මෙම නාට්‍යයේ වෙස් වලාගත් චරිත ර`ග පෑමට ‘‘රෝ ’’අධ්‍යක්‍ෂවරුන් විසින් තෝරාගෙන ඇති විපක්ෂයේ යම් නායකයින් හැසිරෙන ආකාරය තේරුම් ගැනීම පේ‍්‍රක්‍ෂකයාට පහසු නැත. විටෙක ඔවුන් විහිළු කාරයන් ලෙස රගපාන අතර විටෙක වීරයින්සේ කඩුව වනති. නමුත් ඔවුන් එසේ විවිධ චරිත රගපාමින් පේ‍්‍රක්‍ෂකයා ‘‘අන්දවන්නේ’’ ඉන්දු – ඇමෙරිකානු බෙදුම්වාදී න්‍යායපත‍්‍රයට රට ගොදුරු කෙරෙන තෙක් කාලය මැරීමට බව පැහැදිලිව පෙනේ. රට අනතුරට හෙළා බලය ලබා ගැනීමේ එම දුෂ්ඨ උපක‍්‍රමය තුළ ඔවුන් අවසානයේදී රගපාන්නේ දුෂ්ඨයාගේ භූමිකාව බව වැඩිකල් නොගොස් පේ‍්‍රක්‍ෂකයා විසින් තේරුම් ගනු ඇත.

http://198.211.112.164/archives/16683

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.