Featured

සජිත්ට හෙනහුරා පහත් වේ- රෝසිට කෙලීය හැටිත් මාට්ටු

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වයට සිටින එකම හෙනහුරාගේ බලය බිදිම සදහා රනිල්වාදින් සියුම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා. ඒ අනුව තම්න්ගේ දිස්ත්‍රික්ක පරාජය වු සියලුම් මන්ත්‍රීවරුන්හට කැබිනට් අමාත්‍ය ධුර ලබා නොදි සිටිමට කලින් ගත් තින්දුව එලෙසින්ම ක්‍රියාත්මක කිරිමයි. ඒ අනුව  එක්සත් ජාතික පක්ෂය හම්බන්තොටින් ලද පරාජය වෙනුවෙන් සජිත් ප්‍රේමදාසට ද කැබිනට් නොවන අමාත්‍ය ධුරයක් ලබාදිම හරහා සජිත්ගේ තටු කැපිය යුතු බවයි රනිල් වාදින් පෙන්වාදි ඇත්තේ.

සජිත් ප්‍රේමදාස  වටා සිටි ශිරාල් ලක්තිලක හා මෛත්‍රී ගුණරත්න වැනි ප්‍රබලයින් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමත් සමඟ ඔහු පක්ෂය තුළ හුදකලා කලා මෙන්ම පසුගියදා පැවති මැතිවරණයේ සංවිධානාත්මකව ප්‍රේමදාසට හිතවත් රෝසි සේනානායක මැතිවරණ‍යෙන් පරාජයට පත් කිරිමට හැකියාව ලැබිම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සිය අනුගාමිකයන්ට ස්තූතියද පලකර තිබේ.

ඒ අනුව රෝසි සේනානායක තමන්ගේ මනාප sසම්බන්ධයෙන්දක්වන සැකය තවදුරටත් මෙම සාකච්ඡා හරහා සාධාරණීකරණය වි තිබේ.(ඡන්ද වංගු ගහපු හැටි රෝසීත් කියයි- මම අධිකරණයට යනවා)

නමුත් සජිත්ට එකවරම කැබිනට් අමාත්‍ය ධුරය ලබා නොදි සිටියහොත් අකිලට,සාගලට කැබිනට් අමාත්‍ය ධුර ලබාදිමද ගැටලුවක් වන බව රනිල් පෙන්වා දි තිබේ.

Top