Breaking
27 Jan 2025, Mon

සජිත්,රනිල්ට උගුලක් අටවයි-එජාප අභ්‍යන්තර පරිපාලනය බිඳවැටේ!

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ අභ්‍යන්තර ගැටුම නැවතත් කරලියට පැමිණෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.එඅක්සත් ජාතික පක්ෂය තුල හිටපු නියෝජ්‍යා නායක සජිත් ප්‍රේමදාස සතුව තිබු තරමක එකාධිකාරය අග්‍රාමාත්‍ය,එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉතා සියුම් අකාරයෙන් බිඳවැට්ටිමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් සජිත් යලිත් අභ්‍යන්තර ගැටුම ඇති කිරිමට කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 25 කට වඩා වැඩි කාලයක් ස්වේච්ඡාවෙන් තම සේවාවන් සැපයූ වෘත්තීයවේදීන් සහ තවත් පක්ෂයේ විවිධ තනතුරු දරණ 30 කට අධික සංඛ්‍යාවක් ඉල්ලා අස්විමට සුදානමක් පවතින අතර එම ඉල්ලා අස්විම් හරහා පක්ෂයේ අභ්‍යන්තර පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැට්ටවිම සජිත් ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායමේ එකම අරමුණ වි ඇති බවයි අප වාර්තාකරු නාවරණය කළේ.

අවස්ථා ගණනාවක පක්ෂය නායකත්වය බිඳවැටීම සදහා මාධ්‍ය හරහා විවිධ කුමන්ත්‍රණ දියත් කල සජිත් මෙවර එය පක්ෂය තුල ක්‍රමිකව මෙහෙයවා පක්ෂයේ අභ්‍යන්තර පරිපාලනය කඩාවැටීම හරහා පක්ෂයේ බලය ඇල්ලිම සදහා මෙම කුමන්ත්‍රණය දියත් කර තිබේන අතර සජිත් පිළේ ප්‍රභලයන් කිහිප දෙනෙකුද මෙම කුමන්ත්‍රණය පසුපස සිටින බවයි දැනට වාර්තා වි ඇත්තේ.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.