Breaking
22 Feb 2025, Sat

සජිත් අපි එක්කයි අවුලක් නෑ…..

පාර්ලිමේන්තුව තුල තමන්ගේ බලය ගිලිහී යාමට අවස්ථාවක් නැති බව අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපති ඇතුලු තමන්ගේ සමීපතමයන් කිහිප දෙනෙකු සමග අනාවරණය කර තිබේන බව LNN දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඊයේ රාත්‍රීයේ විශේෂ සාකච්ඡාවක් එම පිරිස සමග පවත්වමින් මහින්ද රාජපක්ෂ සදහන් කර ඇත්තේ ස්වාධීන වු මන්ත්‍රීවරුන් මෙන්න සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම තමන්ට නිරන්තරයෙන් සහය දෙන බවයි.

” සජිත්,මෛත්‍රී මේ විදියට වැඩ කරගෙන ගියදෙන්,අපිට ප්‍රශ්ණයකට තියෙන්නේ TNA එකයි JVP එකයි. එක බැලනස් කරන්න ක්‍රමයක් අපිට නෑ… නමුත් එතන පාර්ලිමේන්තු බලය අධුයි ඒ නිසා අවුලක් නෑ “.

විධායක ජනාධිපතිධුරයේ බලතල සීමා කෙරෙන සහ පාර්ලිමේන්තුවට වැඩි බලතල පැවරෙන යෝජනාවක් පලමු කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවත් එය පාර්ලිමේන්තුවට ගෙන එම හරහා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට සහ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කෙරෙන යෝජනා ඇතුළත් විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් යට යනු ඇති බවයි එහිදි සාකච්ඡා වි ඇත්තේ.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් තමන් සජිත් ප්‍රේමදාස සමගද සාකච්ඡාකල බව එහිදි මහින්ද අනාවරණය කර තිබේ.’

විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කෙරෙන සහ පාර්ලිමේන්තුවේ බලතල ශක්තිමත් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එම හරහා රටේ ජනතාව සහ ජාත්‍යන්තර මතය වෙනස් කිරිමට හැකි බව එහිදි මහින්ද පෙන්වා දි තිබේ.

“මේ වැඩෙන් ආපහු බලය අපි ලගම තමා ඉතුරු වෙන්නේ ” අවසානයට මහින්ද නැගිට ගොස් තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.