Featured

සන්ධානයට ද්‍රෝහිකම් කල විශ්වා සෙත්තපොච්චි

මහින්ද රාජපක්ෂ මහතාගෙන් පලිගැනීම සදහාත් එක්සත් ජාතික පක්ෂ ලපයි සිපයි රනිල් වික්‍රමසිංහ හා ජාත්‍යන්තරය සතුටු කිරිම සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විනාශයට ඇද දමමින් පසුගිය මහා මැතිවරණයේ අවසන් පැය 24 තුලදි මහින්දගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගැනිමට ගිය එතිහාසික ජයග්‍රහණය ආපසු හැරවිමට මෛත්‍රීගේ ගූ බට්ටන් වෙමින් සන්ධානය පාවාදුන් මහාචාර්ය විශ්වා වර්ණපාල මිට ස්වල්ප වෙලාවකට පෙර සිය ජිවිත ගමන අවසන් කර ගත්තා.

මිය යනවිටත් සන්ධානයේ මහලේකම්වරයා ලෙස මහාචාර්ය විශ්වා වර්ණපාල කටයුතු කල අතර මෛත්‍රීගේ සහ චන්ද්‍රිකාගේ පදයට නටමින් රූකඩයක් මෙන් මානසිකව විද වු විශ්වා අවසානයේ මියගියේ සමස්ත ලාංකිය දේශපාලනයේ නොමැකෙන සටහනක් තැබු සන්ධානයේ ද්‍රෝහියෙකු ලෙසිනි.

කිසිදු නීත්‍යානුකූලභාවයකින් තොරව නීති විරෝධීව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් ශ්‍රීලනිපයේ සහ එජනිසයේ ලේකම්ධූරවලින් ඉවත්කිරීමටත් ඒ සඳහා දුමින්ද දිසානායක සහ විශ්වා වර්ණපාල යන මහත්වරුන් පත්කිරීමටත් කටයුතු කලේ විධායක බලය භාවිතා කරමිනි.

 

Top