Featured

සන්ධාන මහා ලේකම්ගේ කොලුවා බේරා ගන්න විදුහල්පති බොරු කියයි

කොළඹ විශාකා විද්‍යාලයට සහ බිෂොප් විද්‍යාලයට කොළඹ රෝයල් විදුහල් සිසුන් පිරිසක් තාප්පයෙන් බලහත්කාරයෙන් පැන අශෝබන ලෙස හැසිරුනු සිසුන් අතර මෛත්‍රීගේ බත්බැලයෙකු වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව ලේකම් මහින්ද අමරවීර මහතාගේ පුත්‍රයාද සිටින අතර මහින්ද අමරවීරගේ බලපෑම මත බොරු සාක්ෂි දි නිදහස් කිරිමට එම විදුහල්වල විදුහල්පතිවරුන්ට සිදුව තිබේ.

ඒ අනුව කොළඹ විශාකා විද්‍යාලයට සහ බිෂොප් විද්‍යාලයට කොළඹ රෝයල් විදුහල් සිසුන් පිරිසක් තාප්පයෙන් බලහත්කාරයෙන් පැන අශෝබන ලෙස හැසිරුනේ එම විදුහල්වල විදුහල් පතිවරුන්ගේ කැඳවීමකට අනුව බව ඔවුන් පවසා තිබේ.

ඒ එලෙස හැසිරුණු ශිෂ්‍යන් 14 දෙනකුට විරුද්ධව පවතී නඩු විභාගයක් අවසන් කිරීම සඳහායි.සිද්ධිය වූ දිනයේ අත්අඩංගුවට ගත් සිසුන් 14 දෙනාගෙන් දෙදෙනෙක් පමණක් අප මත නිදහස් කර ඉතිරි 12 දෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙසේ නිදහස් කර ඇත්තේ යහපාලන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය වරයෙක් වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව ලේකම් මහින්ද අමරවීර මහතාගේ පුත්‍රයා සහ තවත් ඔහුගේ හොදම යහලු සිසුවෙකි.

අදාළ සිදුවීම සම්භන්දයෙන් විශාකා සහ බිෂොප් විද්‍යාලවල විදුහල්පතිනියන් මුල් අවස්ථාවේ ඉතා තදින් කටයුතු කළද යහපාලනයේ ඉහලම තනතුර දරන්නාගෙන් ලැබුන දුරකථන ඇමතුමක් නිසා ඔවුන්ට තමන්ට සිදුවන පුද්ගලික අපහාස පිළිබඳව පවා නොසලකමින් එසේ ප්‍රකාශ කිරීමට සිදුව ඇත.

Top