Breaking
7 Apr 2025, Mon

සබ්මැරීන් දෙකක් රැගෙන ඇමරිකානු විශේෂ නෞවුකාව කොළඹට

ඇමරිකානු විශේෂ නෞවුක විධානයට අයත් පැසිෆික් විෂේශ ප්‍රහාරක භලගනයේ සේවයේ යොදවා ඇති (USS Frank Cable (AS-40)) මෙහෙයුම් සඳහා භට පිරිස් හා සැපයුම් ප්‍රවාහනය කරන නෞකාව ඉන්ධන පුරවාගැනීමෙ මුවාවෙන් කොලඹ වරායේ බන්ඩාරනායක ජැටියට පැමිණිමට නියමිතයි.

මෙම නෞකාවේ ඇති විශේෂත්වය නම් මෙහි ආරක්ශාවට නිතරම ඇමරිකානු නාවුක හමුදාවේ සබ්මැරීන් දෙකක් රැගෙන යාමයි මන්ද යත් මෙම නවුකාව ප්‍රවාහනය කරනුයේ සාමන්‍ය සොල්දාදුවන් නොව ඇමරිකානු විශේෂ බලකායන්ට අයත් හමුදා සෙබලුන් වීමයි තවද කලාපයේ ඇමරිකාවට ඇඟිලි ගැසිය හැකි යුදමය තත්වයකදී සැපයුම් ලඟවනතුරු එකදිගට දින 30ක සටනක් පවත්වාගෙන යාමට අවශ්‍යවන සියලුම අධිතාක්ෂණික යුධ මෙවලම්, සියලුම ප්‍රමානයේ නියමුවන් රහිත යානා චන්ද්‍රිකා තාක්ෂණික යුද ඔත්තු බැලීමේ මෙවලම් හා අති ප්‍රභල සන්නිවේදන යුධෞපකරණයන්ගෙන් මෙම නෞකාව සමන්විතයි මීට අමතරව මධ්‍යම ප්‍රමානයේ රෝහලක් ද මෙහි අන්තර් ගත වෙනවා.ඇමරිකානු රහස් ඔත්තු සේවයේ නාවුක මෙහෙයුම් අංශයේ හිටපු උපදේශක (Capt. Drew St. John) කපිතාන් ඩ්‍රෙව් ස්ට් ජොන් මෙම නෞවුකවේ කපිතාන් ලෙස ක්‍රියාකරයි

2006 දෙසැම්බර් 1 වනදින දරුනු අනතුරකට මුහුනදීමෙන් පසු මෙම නවුකාව යලිත් 2007 ජනවාරියේ රහසිගතවම යලි පැසිෆික් කලාපයට පැමිනෙනවා එක්සත් එමිරෙඩ්ස් රාජ්‍යයේ තුරයා චන්ද්‍රිකා තොරතුරුවලල්ලට මෙම නෞකාව 2008 වසරේ හසුවනතුරුම ඉතා රහසිගතව නවසීලන්තය මූලික කරගත් ඇමරිකානු රහස් කඳවුරක් හා සම්බන්ධව විශේෂ මෙහෙයුම් වල නියැලී තිබෙනවා

තවද ආණ්ඩුව මාරුවත් සමඟ ලංකාවට පැමිනෙන 3 වන විශේෂ ප්‍රහාරක නෞකාවයි.කොලඹ වාරායට පැමිනීමෙන් පසුව ත්‍රීකුණාමල චීනවරාය හා සම්බන්ද ක්‍රියාන්විත කිහිපයක් සඳහා මේ නැව දින 24ක කාලයක් ලංකා මුහුදේ රැඳෙනු ඇති.

උකුස්සා
1-uss-frank-cable-as-40 USS-Frank-Cable-Arrives-in-Hong-Kongs-Harbor

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.