Featured

සම්බන්ධන්ලාගේ දෑත්වල ලේ – චම්පික රණවක

“අද සම්බන්ධන්ලා රුද්‍රකුමාරන්ලා බලාගෙන ඉන්නේ ඉතිරි වෙලා ඉන්න කොටි ත්‍රස්තවාදීන් 10,000 ක් වන්නියේ කැලෑවලට ගෙනිහිල්ලා අර වල දාල තියෙන ආයුධ අරගෙන නැවතත් ක්ලේමෝ බෝම්බ බොම් බෝම්බ පිපිරෙන යුගයක් ඇති කරන්න -චම්පික රණවක

සම්බන්ධන්ලා ජිනීවා නොයන්නේ ඇයි?

සමහරු අද කියනව ‘බලන්න අනේ සම්බන්ධන්ලා ජිනීවා ගියේ නෑනේ ‘ කියල. ඇයි සම්බන්ධන්ලා ජිනීවා යන්නේ නැත්තේ? පසුගිය කාලය පුරාම රාජ්‍ය නොවන සංවිධාන , අන්තර්ජාතික සංධාන සියල්ලම ජිනීවා නගරයේ ශ්‍රී ලංකාව පිළිබඳ විස වපුරනවා.
මේ අන්තර්ජාතික සංවිධාන විසින් කැඳෙව්වා ටීඑන් ඒ නායකයො ටික.කොළඹ තියෙන තානාපති කාර්යාල ඔවුන් ගෙනත් කිව්වා ‘ඔයගොල්ලො ගිහින් එහේ කොටි කොඩි වනන්න එපා.අපි ඔයගොල්ලන්ගේ වැඩ ටික කෙස් ගහට එහේ කරගෙන යන්නම්. ඔයගොල්ලො කොටි කොඩි වනන්න ගියොත් රාජපක්ෂ ආණ්ඩුවට ඒක වාසියි.ඒ නිසා ඔයගොල්ලො එහේ යන්න එපා. ඔයාලගේ ජොබ් එක අපි කරන්නම්. ඔයගොල්ලො කැමති අයට අපේ සංවිධාන හරහා එහේ ගිහින් කතා පවත්වන්න දෙන්නම්.”

අපේ සමහර අය ‘අනේ සම්බන්ධන් ජිනීවා ගියේ නෑනේ හරි හොඳයිනේ’ කියල කියන්න හදනව. ඇත්තටම ජිනීවා ගිහින් කොටි කොඩි වනපු එවුන්ට වඩා ද්‍රෝහී අරමුණ තියෙන්නේ සම්බන්ධන්ලගේ සුමන්තිරම්ලගේ අතේ. මොකද ඔවුන් අර ජාත්‍යනතර කුමන්ත්‍රණකරුවන්ගේ උවමනාව නිසයි මෙහේ නැවතෙන්නේ. නැවතිලා අර රාජ්‍ය නොවන සංවිධාන ටික හරහා ලංකාව වටලෑමට අවශ්‍ය ඉඩ කඩයි ලබා දුන්නේ.

සම්බන්ධන්ලාගේ අත්වල ලේ…

සම්බන්ධන් සුමන්තිරම් ඇතුළු කොළඹ හොඳින් ජීවත් වෙන අයට අපි එක පණිවිඩයක් දෙන්න ලෑස්තියි. මොකද පැති දෙකක ඉඳන් මේක කරන්න බෑ මහත්වරුනි. ශ්‍රී ලංකාවේ ඒකීයභාවය වෙනුවෙන් 26000 ක් ජීවිත පූජා කලා තව දහස් ගණනක් අහිංසක ජනතාව මිය ගියා. ඒ ත්‍රස්තවාදී වැඩපිළිවෙලට වගකිවයුතු කෙනෙක් සම්බන්ධන්. ඔහු ඒ විසකුරු අදහස පතුරවලා ඒ තැනට ප්‍රභාකරන් තල්ලුකරන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ දේශපාලනය ගෙන ගිය චරිතයක් ඔහු. ඔහුට අද කියන්න බෑ ‘අපි හරි අහිංසකයි.අපි ගාන්ධිවාදීයි.අපි විතරක් නෙවෙයි චෙල්වනායගම්ලගේ ඉඳන් අපි කාග්වත් අතේ ලේ තැවරිලා නෑති කට්ටිය කියල.’
ප්‍රභාකරන්ගේ විෂකුරු දේශපාලනයට අවශ්‍ය පසුබිම හදලා ඒ මහා ලේ සාගරයට පාර විවෘත්ත කලේ සම්බන්ධන්ලා. ඒ නිසා ප්‍රභාකරන්ලා සිදුකල ඒ සෑම ඝාතනයකම වගකීම ඔවුන්ට තිබෙනවා. සම්බන්ධන්ලාගේ දෑත් පුරා ඒ ලේ තැවරිලා.

බටහිරයන් අප වටලෑවේ ඇයි

රාජ් රාජරත්නම් කියල කොටි ත්‍රස්තවාදියා ගැන එක්සත් ජනපයද තොරතුරු හොයා ගත්තා. ඔවුන් දන්නව මේ මූල්‍ය කටයුතු සිදුවූ ආකාරය ගැන.රාජ් රාජරත්නම්ලා කොටි අරමුදල් ගැලියන් අරමුදලෙන් ඇමරිකා ඩිමොක්‍රටික් පක්ෂයට කියක් දුන්නද රිපබ්ලිකන් පක්ෂයේ අයට කීයක් දුන්නද කියල. අද ඔබාමාගේ රාජ්‍යතන්ත්‍රයේ වැඩකරන බොහෝ පිරිස් පහුගිය මැතිවරණ සමයේ කොටින්ගේ ආධාර ලබාගත් අය බව පැහැදිලිව දන්නවා. හිලරි ක්ලින්ටන්ට ලබා දුන් මුදල් අවසානයේ නැවත බාර දුන්න සියල්ල හෙළි උනාට පස්සේ. අද බ්‍රිතාන්‍ය යුරෝපය වගේම ඇමරිකා එක්සත් ජනපදයෙත් චන්ද කරන්නේ මේ රටේ ජනතාවගේ ලේ තැවරුණු ත්‍රස්තවාදීන්ට අයත් සල්ලිවලින් කියන එක අපට බොහොම හොඳින් පැහැදිලියි දැන්. ඒ නිසා ඒ අයට කෘතගුණ සලකන්න ඒ දේශපාලකයොන්ට අද සිද්ධ වෙලා තියෙනව..

ඒ නිසා බ්‍රිතාන්‍යයේ වේවා ඇමරිකාවේ වේවා ප්‍රංශයේ වේවා මානව හිමිකම් අගයන අයගෙන් අපි ඉල්ලනවා.අහිංසකයන් සිය දහස් ගණනකගේ ලේ තැවරුණු ඒ සාහසික ත්‍රස්තවාදී කල්ලියේ මුදල්වලින් දේශපාලනය කරලා ඒ මානව සමාජයට එරෙහි අපරාධයට හවුල් වෙන්න එපා කියල.

ඒ වගේම අපට මතකයි යුද්ධයේ අවසන් මොහොත එනකොට ,මැයි මාසේ එලඹෙන කොට ඉතාම පැහදිලි වුනා අප්‍රේල් මාසේ වෙච්ච සටනින් පස්සේ. තීපන් මියගිහිල්ලා ,එල්ය්ටීටීඊයේ සියලුම ප්‍රධාන නායකයින් සියලු දෙනාම පාහේ ආනන්දපුරම්වලදි ඇද වැටුනට පස්සේ ඔවුන් දැනගත්තා ඔවුන් අවසන් කියල. ඒක තමයි අපේ නූතන විජිතපුර සටන. එදා ගැමුණුන් එළාර සටනේදී විජිතපුරය තමයි ඉරණම තීන්දු වුනේ එළාරගේ.වේලුපිල්ලේගේ ඉරණම තීන්දු උනේ 2009 අප්‍රේල් තුන් වනිදා ඒ ආනන්දපුරම් වල වෙච්ච සටනයි.

මිලිබෑන්ඩ්ල් ලා කෘෂ්නර් ලා ආවා. හිලරි ක්ලින්ටන්ලා හැම පැත්තෙන්ම ඇවිත් අපට බලපෑම් කළා.සටන් විරාමය දෙන්න,මේඅ පරාධකාරය නිදහස් කරන්න කියල. මම කියනව රොබර්ට් බ්ලේක්ට. අපි අහනව ඔහුගෙන් ‘ඔබ කිව්වේ නැද්ද අපේ ආණ්ඩුවට.ඇමරිකන් මැරීන් හමුදා ගෙනල්ලා වේලුපිල්ලේ පොට්ටු අම්මාන් ඇතුලු කොටි නායකයින් 47 දෙනෙක් නැගෙනහිර යුරෝපීය රටකට ගෙනියන්න ඔබ උත්සාහ කලේ නැද්ද කියල . ඔහු උත්සාහ කළා ඒක.මේ තමයි ලෝකය පුරා නායකයො මරපු ත්‍රස්තවාදී සංවිධානයක නායකයන් පිරිසක් බේරගන්න අවසන් මොහොතේ ඇමරිකාව රඟපාපු රංගනය.ඒකට අපේ රජයත් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ආරක්ෂක ලේකම්තුමා ඇතුළු මේ පිරිස් ඒ බලපෑමට යට වුනා නම් අදත් පොට්ටු අම්මාන් ප්‍රභාකරන් සුසේයි ජීවතුන් අතර.අදත් ත්‍රස්තවාදය වසරකට 3000 ගාන බිලි ගන්නව මේ රටේ.අදත් ත්‍රස්තවාදය රටේ ආර්ථිකය විනාස කරනවා. දරුවන්ට දෙමාපියො අහිමි කරන ද්මාපියොන්ට දරුවන් අහිමි කරන රටක් ඇති කරනවා. අන්න ඒක අහිමි වීම නිසා තමයි ,තමන් හදාවඩා ගත්තු මේ ත්‍රස්තවාදී නායකයා බේරගන්න කරපු අන්තිම උතාහය වැරදුන නිසා තමයි අද මේ අපේ රටට දඬුවම් දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නේ.

චම්පික රණවක මහතා විසින් මීට කලකට ඉහත (2012-03-11) “”රට වටලන බටහිර කුරුමානම : රට සුරකින ජාතික පවුර වෙමු” යන මැයෙන් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී පළ කළ අදහස්…

මේ චම්පික රණවක මීට දෙවසරකට පමණ පෙර දැක්වූ අදහස් කිහිපයකි. නමුත් අද ඔහු සිටින්නේ කොතනද? බල කාමය වෙනුවෙන් මිනිසෙකුට කළ හැකි ලැජ්ජාසහගත දුෂ්ඨ පාවාදීමේ ඉම කොතනද යන්න චම්පික රණවක ප්‍රායෝගිකව අපට පසක් කර දෙමින් සිටී.අද බටහිර වටළෑමෙන් රට නිදහස් වී ඇතැයිද, දෙමළ ජාතික සංධානය බෙදුම්වාදය අත හැර ඇතැයිද , රනිල් වික්‍රමසිංහ මහතා ෆෙඩරල්වාදය අතහැර ඇතැයිද අද ඔහු පවසන කතන්දර පවසන්නේ කොතනින්ද. පැහැදිලිවම ඒ මුඛයෙන් නම් විය නොහැකිය…

සටහන : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය

Top