Featured

සල්ලි ගත්තේ මම විතරද? මෛත්‍රී ඉන්නකම් මම බය නෑ

Published on: Dec 8, 2015- තමන් සහ අමාත්‍ය පාඪ්ළී චම්පික රැක ගැනිම සදහා ජනාධිපතිවරයා ඔනෑම දෙයක් කරන බව තමන් ඉර-හඳ මෙන් විස්වාසය කරන බව සොඛ්‍ය අමාත්‍ය,ඇවන්ගාඩ් කප්පම්කරු,කක්කුස්සි කටා හෙවත් රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇවන්ගාඩ් ව්‍යාපාරය හරහා කප්පම් ගත් බවට පසුගියදා අනාවරණය වු යහපාලන කැබිනට් අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න,පාඨ්ළි චම්පික රණවක,අර්ජුන රණතුංග අතරින් රාජිතට සහ චම්පිකට එරෙහිව සැකයෙන් තොරව ඔප්පු කලහැකි සාක්ෂි පමණටත් වඩා ලැබි තිබේන බව රහස් පොලිසියේ ඉහලම නිළධාරියෙකු අනාවරණයි කල බව අප පසුගියදා අනාවරණය කිරිමෙන් පසුව මේ සම්බන්ධයෙන් රාජිතගේ හිතවත් මාධ්‍යවේදීයෙකු කල ප්‍රශ්ණ කිරිමේදි ඔහු මේ බව පවසා තිබේ.

මේ අතර ඇවන්ට්ගාඞ් මුහුදු ආරක්‍ෂණ සමාගමේ සභාපතිවරයා FCID යට කැඳවිම හරහා කෙසේ හෝ රජයේ සාක්‍ෂිකරැවෙකු කර ගැනිමට ජනාධිපතිවරයා කටයුතු යොදවා ඇති බවද අමාත්‍ය වරයා පවසා තිබේ.

චම්පික රණවකට සහ රාජිත අමාත්‍යවරයාට ඇවන්ගාඩ් සමාගමෙන් එල්ල වන කප්පම් ගැනිමේ චොදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියා විමසු අවස්ථාවේ රාජිත පවසා ඇත්තේ….

“සල්ලි ගත්තා කියලා ඔය එක එක්කෙනාට කතා කියන්නේ…මහින්ද,ගොඨා…ඒ විතරක්ද මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් මිනිස්සු කතා කියන්නේ වැඩිය ගනණ් ගන්න එපා….” “අනික සල්ලි ගත්තානම් ගත්තේ මම විතරද….නෑ නේ ”

මේ අතර ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය විනාශ කොට දමා එම ව්‍යාපාරය සිරස මුදලාලි කිලී මහරාජා යටතට පත් කිරිමේ දැවැන්ත මෙහෙයුමේ කඩේ යන්නා බවට පත්ව සිටින පක්ෂයේ අවාසනාවට පහල වු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අද තමන් ගත් කප්පම් වසා ගැනිම සදහා ඇවන්ගාඩ් කප්පම් ගත් අය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබේ.

“ඇවන්ගාඩ් ආයතනයෙන් මාධ්‍යවේදීන් මුදල් ලබාගත් බවට ආන්දෝළනයක් රට තුළ තිබෙනවා. අපේ රටේ මාධ්‍යවේදීන් බොහෝ දෙනෙක් ඉතා ප‍්‍රශස්ත මට්ටමින් සිය පෑන හසුරුවන අතර සුළු පිරිසක් තමන්ගේ වරප‍්‍රසාද වෙනුවෙන් පෑන හසුරුවනවා. එවැනි මාධ්‍යවේදීන් පුවත්පත්වලත් වෙබ් අඩවිවලත් කටයුතු කරනවා. ඔවුන් පිළිබඳ විස්තර අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කරන්න අපි සූදානම්. ඒ පිළිබඳ ඉඟියක් මට ලබාදෙන්න පුළුවන්. පසුගියදා වංචා-දූෂණ සම්බන්ධයෙන් මා පාර්ලිමේන්තුවේදී විවාදයකට සහභාගි වුණා. පුවත්පත් දෙකක් හැර අනෙකුත් සියලු පුවත්පත් පසුවදා වාර්තාකර තිබුණේ ඇවන්ගාඩ් ගනුදෙනුව නීත්‍යානුකූලයි කියලා. සමහර මාධ්‍ය ආයතන ඇවන්ගාඩ් වර්ණනා කරමින් ලිපි පළකළා. එවැනි ලිපි පළකරන්නේ කොහොමද? සමහර වෙබ් අඩවි වංචා-දූෂණ ගැන කෑ ගසමින් ඇවන්ගාඩ් රකිනවා. ඇවන්ගාඩ් ගනුදෙනුව දූෂණයක් පමණක්නොව ඒ තුළ දේශපාලනයකුත් තිබෙනවා. හෙට දින ඇවන්ගාඩ් මගින් අපේ රටේ මාධ්‍ය හසුරුවනවා නම් දේශපාලනය තීරණය කරනවා නම් එම සංස්කෘතියට අපි විරුද්ධයි. ඒ නිසා ඇවන්ගාඩ් ආයතනයෙන් මුදල් ගත්තේ මාධ්‍යවේදීන් දේශපාලනඥයින් මේ රටේ ජනතාවගේ දැනගැනීම පිණිස හෙළිදරව් කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ මේ ප‍්‍රවේශය මාධ්‍යයට එරෙහි ප‍්‍රවේශයක් නොවෙයි. අපි ඉතා වගකීමෙන් කියනවා, මාධ්‍ය මර්දනය සිදුකරන වෙලාවේ මාධ්‍යයට හඬක් නැති වෙලාවේ මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටියේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි කියලා.”

Top