Breaking
23 Feb 2025, Sun

සහ්රාන්ට කාෂ්මිරයට පලා යන්න උදවු කලේ රිෂාඩ්ගේ සොහොයුරු…! හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයා හමුදාපතිටත් දැනුම් දිලා…. මරාගෙන මැරෙන්න කලින් ඉන්සාෆ් කෝටි හතර හාමාරක් දිලා…

Published on: Jun 24, 2020-පාස්කු ප්‍රහාරයෙ කුමන්ත්‍රණ කරු මෙන්ම මහ මොළකරු වන තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහ්රාන් හෂීම් නමැත්තාට 2017 වර්ෂයේ දි මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවේ කාෂ්මීරය වෙත පලා යෑමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්ඛාන් බදියුදීන් උපකාර කර ඇති බව හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයෙක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අනාවරණය කර තිබේ.

වර්ෂ 2017 මාර්තු මාසයේ දිනෙක මඩකළපුව කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සහ්රාන් හෂීම් නමැත්තා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී, රිෆ්ඛාන් බදියුදීන් යන අය මෙලෙස කාෂ්මිරයට පලාගොස් තිබේ.

කාත්තන්කුඩි අල්ලියාර් ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයට අදාළව වරෙන්තුකරුවකු වූ සහ්රාන් හෂීම් එම ප්‍රදේශයෙන් පැන ගොස් මාවනැල්ල සහ කුරුණෑගල යන ප්‍රදේශවල සැගවී සිට පසු අවස්ථාවක මන්නාරම් ප්‍රදේශයට ගොස් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලා ගොස් ඇති බවද ඔහු අනාවරණය කර තිබේ.

පසුව 2018 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට සහ්රාන් හෂීම් නැවත ලංකාවට පැමිණ තිබේ.

වරෙන්තු ලැබ සිටි සහ ජාතික ආරක්ෂාවට බලපෑම් කළ හැකි පුද්ගලයකුට රටින් පිටවීමට රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ සහෝදරයකු උපකාර කිරීම සම්බන්ධයෙන් එවකට යුධ හමුදාපතිවරයාව සිටි මහේෂ් සේනානායක දැනුවත් කර 2019 මාර්තු මස 22 වැනිදා ලිපියක් මගින් ආරක්ෂක ලේකම්වරයා සහ ජාතික බුද්ධි ප්‍රධානියා ද දැනුවත් කළ බවද හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයා සදහන් කලා.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක තුන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා ද ඊයේ (23) කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේ, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරුණා වූද වැල්ලම්පිටිය තඹ කම්හලේ අයිතිකරු වූද ඉන්සාෆ් අහමඩ් නමැත්තා පාස්කු ප්‍රහාරයට පෙර ජාතික තවුහිද් ජමාද් සංවිධානයට රුපියල් කෝටි හතර හාමාරක මුදලක් යොදවා ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බවය.

මෙම කෝටි හතර හමාරක මුදල කිසිදු කාරණයක් සඳහන් නොකර ඉන්සාෆ් අහමඩ් නමැත්තා ඔහුගේ ගිණුමෙන් ලබාගෙන ඇති බව ඔහුගේ ගණකාධිකාරීවරයා ප්‍රකාශ ලබා දී ඇතැයි ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොමිසමට දැනුම් දුන්නේය.මෙම ස්වයං ඝාතකයා ජාතික තවුහිද් ජමාද් සංවිධානයට මුදල් ලබාදීම සඳහා තම ගිණුමෙන් අවසන් වරට මුදල් ලබාගෙන ඇත්තේ ඉකුත් 2019 අප්‍රේල් මස 10 වැනිදා බවද සාක්ෂිකරු පැවසීය.

http://lankanewsnetwork.org/archives/20264

http://lankanewsnetwork.org/archives/20638

http://lankanewsnetwork.org/archives/24449

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.