Breaking
25 Feb 2025, Tue

ස්ටාර්ලිං සමග සටනකට මහින්ද සුදානම්

ජෝෂප් ස්ටාර්ලිං නායකත්වය දරණ ලංකා ගුරු සංගමයේ, මධ්‍යම පුවත්පත වන ‘‘ගුරු හඬ’’ පුවත්පතේ ලිපියක් මගින් ලංකා ගුරුසේවා සංගමයට හා ජනතා විමුක්ති පෙරමුණට අභූත චෝදනා එල්ල කර ඇති බවත් තම සහෝදර ගුරුසංගමයක් ලෙස කටයුතු කළ ඔවුන් සිදුකර ඇති මෙම පහත් ක්‍රියාව දැඩිව හෙලා දකින බවත් මෙම පුවත පල කිරීමට එරෙහිව ලංකා ගුරුසේවා සංගමය ලෙස පුවත්පත් මණ්ඩලයට හා පුවත්පත් පැමිණිලි කොමිෂමට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති අතර සිදුකර ඇති මෙම අපහාසයට රුපියල් මිලියන 50ක වන්දියක් ඉල්ලා ලංකා ගුරු සංගමයට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට තම සංගමය කටයුතු කරමින් සිටින බවත් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසී ය.

ලංකා ගුරු සංගමයේ, මධ්‍යම පුවත්පත වන ‘‘ගුරු හඩඬ’’ පුවත්පතෙහි මාර්තු-අප්‍රේල් කලාපය මගින් පිටු 2ක් පුරා ‘‘අධ්‍යාපන සමූපකාරයේ සාමාජික මුදල් කොල්ලය.’’ ශීර්ෂ ලිපිය මගින් ලංකා ගුරුසේවා සංගමයට හා අප පක්‍ෂය වන අප පක්‍ෂය වන ජනතා විමුක්ති පෙරමුණට එල්ල කර ඇති අභූත චෝදනා සම්බන්ධව ලංකා ගුරු සේවා සංගමය, සහෝදර ගුරු සංගමයක් ලෙස සිදුකර ඇති මෙම පහත් ක්‍රියාව දැඩිව හෙලා දකින බව ය.

සමිතියේ වසර 10ක නිතී විරෝධී පාලන කාලයකින් පසු 2008 වර්ෂයේ දී අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා ලංකා ගුරු සේවා සංගමය දිනාගත් නිලවරණයෙන් 2/3ක බලයකින් ලංකා ගුරු සේවා සංගමයට පාලන බලය දිනාගත් බවත් එම පාලනය වසර 02කුත් මාස 04කින් පසු ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය, පැවති පාලනයට සමිතියේ මුදල් වංචාකළ බවට අභූත චෝදනා නගමින් අධිකරණයෙන් ලබාගත් වාරණයක් මගින් උදුරාගත් බවත් මහින්ද ජයසිංහ මහතා පැවසී ය.

ඉන්පසු මේ දක්වා වසර 04කට අධික කාලයක් සන්ධාන, එ.ජා.ප. ආණ්ඩුවල පත්කළ නීති විරෝධී අතුරු පාලනයක් පැවති බවත් ඉන්පසුව ලංකා ගුරු සේවා සංගමය නැවත ගත් අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් සමූපකාර සංවර්ධන කොමසාරිස් නිලවරණය පැවැත්වීමට නීත්‍යාණුකූලව සමූපකාර නිලධාරීන්ගෙන් සැදුම්ලත් අතුරු පාලනයක් ස්ථාපිත කළ බවත් පැවසී ය.

එසේ තිබියදී ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මේ ආකාරයෙන් පුවත්පතක් මුද්‍රණය කර ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පාලනය හා ජයවික‍්‍රම පෙරේරා පාලනය නීති විරෝධී අතුරු පාලකයින් වසර 04ක් තිස්සේ කෝටි ගණන් සාමාජික මුදල් අවභාවිතා කරද්දී හා එම නීති විරෝධී පාලනයට කිසිදු චෝදනාවක් එල්ල නොකොට හා එම පාලනයට තම සාමාජිකයින්ද පත් කරමින් කටයුතු කළ බවත් මහින්ද ජයසිංහ මහතා අනාවරණය කළේ ය.

මේ හරහා ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් තමන් දේශපාලනිකව ස්වාධීන බවට පම්පෝරි ගැසූ නමුත් ඔහුගේ මෙම ක්‍රියාව හරහා තම දේශපාලන හෙළුව ප‍්‍රදර්ශණය කර ඇති බවත් මේ හරහා අද දවසේ ඔහුගේ අරමුණ වී ඇත්තේ අප සංගමය අධිකරණ ක්‍රියාමාර්ග ගණනාවකින් පසු දිනාගත් නිලවරණයේදී සාමාජිකයින් නොමග යැවීමත් ඒ හරහා එ.ජා.ප, සන්ධාන ආණ්ඩුවේ හවුල් පාලනයක් වෙනුවෙන් දර දිය ඇදීම බවත් පුවත්පතෙහි සඳහන් කරුණු උපුටා මහින්ද ජයසිංහ මහතා තවදුරටත් පැවසීය දක්වමින් පැවසී ය.

තවද මෙම පුවත පල කිරීමට එරෙහිව ලංකා ගුරුසේවා සංගමය ලෙස පුවත්පත් මණ්ඩලයට හා පුවත්පත් පැමිණිලි කොමිෂමට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බවත් සිදුකර ඇති මෙම අපහාසයට රුපියල් මිලියන 50ක වන්දියක් ඉල්ලා ලංකා ගුරු සංගමයට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට තම සංගමය කටයුතු කරමින් සිටින බවත් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.