LNN SPY

ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ රටේ ඒකීය බව ආරක්ෂා කරන ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණ මිස 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කරන අධිකරණ නොවේ……..!

ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ රටේ ඒකීය බව ආරක්ෂා කරන ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණ මිස 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කරන අධිකරණනොවන බව ත්‍රී පුද්ගල මහාධිකරණ නඩු විභාග කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ පෙත්සම ඇතුළු පෙත්සම්ශ්‍රේෂ්ඨාධිකරණයේකැදවූ අවස්ථාවේ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උදය රොහාන් ද සිල්වා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 ව්‍යවස්ථා යටතේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරමින්  ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ මගින් නඩු විභාග කිරීමට සැළැස්වීම සදහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීම සම්බන්ධ කාරණාවආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට පටහැනි බව දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් එකී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් එසේ හෙයින් පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් දල ජනමත විචාරණයක දී එය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් දල 80 වැනි ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් මිස ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත්නොවිය යුතු බවට සිය පෙත්සමේ කරුණු දක්වා ඇත.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පතආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10,12,13,14 වන ව්‍යවස්ථා වලට පටහැනි බවත්, එමෙන්ම 3 සහ 4 ව්‍යවස්ථාවලට බලපෑමෙන් 83 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් සහ ජනමත විචාරණයක දී එය ජනතාව විසින් අනුමත කළ යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති වරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රෝමේශ් ද සිල්වා පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දක්වන ලදී.

එකී යෝජිත 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පත මගින් ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ පිහිටුවීමට විධිවිධාන සළස්වා නැති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ග) ව්‍යවස්ථාව මගින් පිහිටුවා ඇති පළාතේ මහාධිකරණ සම්බන්ධ විධිවිධාන සමග ගැටීමක් ඇති බවත්, ජනතාගේ පරමාධිපත්‍යය ආරක්ෂාකර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව සහ 4 (ඇ) ව්‍යවස්ථාව සමග ගැටෙන බවත්, ඒ අනුව  83 ව්‍යවස්ථාව අනුව ජනමතවිචාරණයක් මගින් ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ පිහිටුවීම අනුමත විය යුතු බවත් ඇතුළුව පනත් කෙටුම්පතට එරෙහිව ජනාධිපති නීතීඥ ගාමිණී මාරපාන, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දක්වන ලදී.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරමින්  ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ මගින් නඩු විභාග කිරීමට සැළැස්වීම සදහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීම සම්බන්ධ කාරණාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවිරෝධීභාවය දක්වමින් වෛද්‍ය චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන දිනේෂ් ගුණවර්ධන, ජී. ඇල්. පීරිස් සහ ජ්‍යේෂ්ඨ නීතීඥ කළ්‍යානන්ද තිරාණගම, ජනිත අබේවික්‍රම, රාජා ගුණවර්ධන යන අය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබූ තිබුණි.

ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණ විසින් නඩු විභාග කිරීමට එරෙහිවමතු කරන කාරණා නීතියට අනුකූල නොවන බවත්, 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පත මගින් ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ පිහිටුවීමට විධිවිධාන සළැස්වීමක් සිදු කර නැති බවත්,එවැනි මහාධිකරණ පිහිටුවීමට අවශ්‍ය නොවන බවත් ඒවා පිහිටුවීමට දැනටමත් අධිකරණ සංවිධාන පනතේ 2, 4, 9, 12 මගින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව මගින් විධිවිධාන සළස්වා ඇති බවත්, ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණ මගින් නඩු විභාග කිරීමට අදාල කාර්ය පටිපාටිය විධිමත් කිරීම සදහා දැනටමත් පිහිටුවා ඇති මහාධිකරණයට අලුත් නමක් යෙදීමක් මිස ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණ පිහිටුවීමක් සිදුකර නැති බව නීතිපති වෙනුවෙන් ඉහත පෙත්සම්වරට එරෙහිව කරුණු දන්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ කියා සිටින ලදී. ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ පිහිටුවීමට විධිවිධාන සළැස්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල කාරණාවක් නොව පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මතකළ හැකි පනත් කෙටුම්පතක් බව ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම්, ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතීඥ ජේ. සී. වැලිඅමුණ, ජනාධිති නීතීඥ සාලිය පීරිස් කරුණු දකවන ලදී.

ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ නඩු විභාග කිරීමට විධිවාධාන සැළැස්වීමට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයේදී නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මැදිහත්වන පෙත්සම්කරුවෙකු ලෙස කරුණු ඉදිරිපත් කරමින් ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ පිහිටුවීමක් යෝජිත පනත් කෙටුම්පත මගින් අපේක්ෂා නොකරන බවත්, ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණයේම අධිකරණ ශාලවක දැනටමත් නීතිය පිළිගෙන ඇති අද්මිරාල්ති අධිකරණ, විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ, ජුරි සභාව සහිත අධිකරණ මෙන්ම නම් කරන ලද තවත් එක් මුල් අවස්ථා මහාධිකරණයක් පමණක් බවත් කරුණු දක්වන ලදී. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානේ 154.(ග) ව්‍යවයස්ථාව මගින් පළාතේ මහාධිකරණය පිහිටුවා ඇති බවත් ඉන්පසු පාර්ලිමේන්තුව විසින් සම්මත කළ 1990 අංක 19, 1996 අංක 10 සහ 2006 අංක 54 දරන පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) පනත් සැළකීමේදී සහ ඒවායේ පූර්විකාව අධ්‍යයනය කිරීමේදී අලුත් මහාධිකරණ පිහිටුවීමක් අපේක්ෂා නොකළ බවත් එකී පනත් මගින් සිදුකර ඇත්තේ 154.(ග) ව්‍යවයස්ථාව මගින් පිහිටුවා ඇති පළාතේ මහාධිකරණවලට අභියාචනා කිරීම ඇතුළු කාර්යපටිපාටිය දක්වා තිබීම බවත් ඒ නීතිඥ මහතා කරුණු දක්වන ලදී.

ඒ අනුව සැළකීමේදී ද 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරමින් ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ මගින් නඩු විභාග කිරීමට විධිවිධාන සැළැස්වීම සාමාන්‍ය නීතීයක් සංශෝධනය කිරීමක් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට සිදුකරන බලපෑමක් නොවන බවත් විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 ව්‍යවස්ථාව මගින් දක්වා ඇති “ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි” යන්න මැනවින් ආරක්ෂා කරමින් මේ කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවත් මෙයට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පෙත්සම්කරුවන් රටේ ඒකීය බවට එරෙහිව කරුණු දක්වනවාද? යන සැකය ඇති වන බවත්  නීතීඥ අරුණ ලක්සිරි උණවටුනශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කරන ලදී.

විශේෂයෙන් මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කර ඇති ජී. ඇල්. පීරිස් හිටපු ඇමතිවරයා 2000 වර්ෂයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ බවත් එහි ඒකීයබව ඉවත්කර එක්සත් යන්න ඇතුළත් කර ඇති බවත්, එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුමුපතේ 146 වගන්තිය මගින් මෙතෙක් පැවති පැවති ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණය යන නම ඉවත්කර පළාත සදහා පිහිටුවනු ලැබූ මහාධිකරණය යන නම ඇතුළත් කර තිබූ බවත් ඒකීය බව ව්‍යවස්ථාවෙන් ඉවත්කර එක්සත් යන්න ඇතුළත් කර තිබූ බවත් නීතීඥවරයා අධිකරණයේ අවධානයට යොමු කරන ලදී. මෙම ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණ නඩු විභාග කිරීමට අදාල‍ මෙම පනත් කෙටුම්පත 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම ව්‍යවස්ථාවක් උල්ලංඝනය කරන්නේ නැති බවත් නීතීඥවරයා අධිකරණයේ අවධානයට යොමු කරන ලදී.

පාර්ලිමේන්තුව නීති පනවමින් මැතිවරණවලට තරග කිරීමේදී කාන්තා නියෝජනය වැඩි කිරීමට නීති පනවා තිබුණත් මෙවැනි ජනතාවට ඉතා වැදගත් නඩු කටයුතුවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු ඉදිරිපත් කිරීමට කාන්තා නීතිඥවරියන් ඉදිරිපත් වීමේ විශාල අඩුවක් ඇති බවත්, විශේෂයෙන් මෙම ත්‍රී පුද්ගල මහාධිකරණ නඩු විභාග කිරීමට අදාලව පක්ෂව හෝ විපක්ෂව එකම කාන්තා නීතිඥවරියක් ශ්‍රේෂ්ඨාධිකරණය අමතා නැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ජනතාවගේ සහ නීතීඥවරුන්ගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීමට විශාල වැඩකොටසක් කිරීමට තිබියදී රටේ සිදුවන ආර්ථික අපරාධ වැළක්වීමට නඩු විභාග කිරීමට යන ත්‍රි පුද්ගල මහාධිකරණවලට විරුද්ධ වීම සද්භාවයෙන් කළ ක්‍රියාවක් නොවන බව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන අධිකරණයේ අවධානයට යොමු කරන ලදී.

මෙම විවාදය 2018 මාර්තු මස 22 වැනි දිනද ශ්‍රේෂ්ඨාධිකරණයේ 502 අධිකරණ ශාලාවේ පැවැත්වෙන අතර අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ බුවනෙක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන ත්‍රී පුද්ගලවිනිසුරුමඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වේ.

lankanewsweb.today අධිකරණ වාර්තාකරු ….

Top