Breaking
25 Feb 2025, Tue

සාධාරණව වැඩ කරන අයට ලැබෙන ප්‍රතිඵලය මෙන්න …අයියෝ යහපාලනය

බොරු චොදනා හෝ නගමින් රාජපක්ෂවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමටත් වත්මන් යහපාලනයට සහය දෙන අනිකුත් කණ්ඩායම් වලට හා පුද්ගලයන්ට ඇති චොදනා වලින් ඔහුන් නිදහස් කිරිමටත් අකමැත්ත පලකල බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඊයේ (01) ඉවත් කර කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

හදිසියේ සිදුකල මෙම ඉවත් කිරිම සම්බන්ධයෙන් අපකල විමසිමකදි ලැසිල් ද සිල්වා මහතා සදහන් කළේ මෙම ඉවත් කිරීම අසා තමන් පුදුමයට පත්වූ බවත් ජනාධිපති කොමිසම මගින් සිදුකළ විමර්ශන කටයුතු තමන් ඉතාම සාධාරණව අපක්‍ෂපාතීව විනිවිදභාවයකින් සිදුකළ බවත් ඒ වෙනුවෙන් තමන්ට ලැබුණු ත්‍යාගය මෙය බවත්ය.

පසුගිය රජයේ සිදු වූ මහා පරිමාණ වංචා දූෂණ රැසක්‌ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ජනාධිපති කොමිසම මගින් පසුගිය කාලසීමාවේ ක්‍රියාත්මක කරමින් තිබු බවත් විවිධ දේශපාලන බලපෑම් මත නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරමින් තමන් කටයුතු කල බවත් සාධාරණව වැඩ කරන අයට ලැබෙන ප්‍රතිඵලය මෙය නම් එය ඉතාම සතුටින් භාරගන්නා බව ද ලැසිල් ද සිල්වා මහතා අවධාරණය කර සිටියා.

මේ අතර අසත්‍ය චොදනා නගමින් රාජපක්ෂවරු කෙසේ හෝ සිරගත කිරිමේ කටයුත්ත සදහා බෙදුම්වාදී මෛත්‍රීපාල සිරිසේනගේ කටුකණ බල්ලෙකු වන පරිපාලන සේවයේ විශේෂ ශේ්‍රණියේ විශ්‍රාමික නිලධාරියෙකු මෙන්ම අතුරුදන්වූවන් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ ලේකම්වරයා ලෙසද කටයුතු කල එච්. ඩබ්ලිව්. ගුණදාස මහතා බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ ලේකම් ලෙස පත්කර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.