Breaking
24 Feb 2025, Mon

සැන්ග්‍රීලා හෝටලයේ එකට කෑ….මහින්ද-මෛත්‍රී… හෙට කුමක් සිදුවේද?

එකම කෑම මේසයක මේ දෙදෙනා අසුන් ගන්නා දාට පහුවදා රටේ ඉතිහාසය වෙනස් කරවන තීන්දු ප්‍රකාශයට පත්කෙරෙන බව ප්‍රකට කරුණකි.

මීට තෙවසරකට පෙර හරියටම එනම් 2015 දෙසැම්බර් 07 වැනි අද වගේ දවසකත් මෛත්‍රී මහින්ද එකම කෑම මේසයක කෑම කා අවසන මෛත්‍රී පොදු අපේක්ෂකයා හැටියට ජනාධිපතිවරණ සටනට නාමයෝජනා භාර දුන්නේය.

2015 ජනවාරි 8 වැනිදා පැවැත්වු ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදුවුයේ දෙසැම්බර් (8) වැනිදාය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහ උත්සවය අද(07) සැන්ග්‍රීලා හෝටලයේ (shangri la) පැවති අවස්ථාවේදී දෙපාර්ශ්වය වෙනුවෙන් සාක්ෂි අත්සන් කරන්නට පැමිණ සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

හෙට කුමක් සිදුවේද?

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.