Featured

සැම රජයේ පාසලකම ජාතික ගීය දෙමළෙන්ද ගයන්න -ආර් සම්බන්ධන්

සැම රජයේ පාසලකම ජාතික ගීය දෙමළ බසින්ද ගායනා (සිංහලෙන් ගායනා කිරිමට පසුව)කිරිමට ඉක්මනින් කටයුතු සම්පාදනය කරයුතු බව ද්‍රවිධ ජාතික සන්ධානයේ නායක මෙන්ම විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේන් ඉල්ලිමක් කර තිබේ.ඒ සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරිමටද ඉදිරි දිනවලදි කටයුතු කරන බවද ආර්.සම්බන්ධන් මහතා ජනපතිවරයාට පවසා තිබේ.

මේ අතර ජාතික ගීය දෙමළ භාෂාවෙන් නිදහස් උත්සවයකදි ගයනා කිරිමට ශ්‍රි ලංකා රජය ගත් තින්දුව ඉතා ඉහලින් අගය කරන බවත් ශ්‍රී ලංකාවේ ජීවත්වන ජන වර්ගයන් අතර සැබෑ සංහිදියාවක් ඇතිකිරීමට, ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම තුලින් පමණක් සිදුකළ නොහැකි බවත් ඉතා ඉකමනින් ෆෙඩරල් ක්‍රමයක් හරහා රටේ දමිළ ජනතාවට සිය අයිතිවාසිකම් ලබාදිමට කටයුතු කලයුතු බව දමිළ ඩයස්පොරාව අද ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

මේ අතර 68 වැනි ජාතික නිදහස් දිනය සමරන (04) වවුනියාවේ පිරිසක් කලු කොඩි ඔසවා වවුනියාව නගර සභාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වු අතර ඔහුන් ඊළාම් රාජ්‍යයේ සිතියමද ප්‍රදර්ශණය කිරිමට කටයුතු කර තිබුනා.

මේ අතර ජාතික ගීය දෙමළ බසින්ද ගායනේ කලේ මේ රටේ සාමාන්‍ය දෙමළ ජනතාවගේ ඉල්ලීමකට නොව දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්,ඉන්දියාව, බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදය සතුටු කිරීමට බවත් එම නිවට ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි.

පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් ආචාර්ය චන්න ජයසුමන සදහන් කරන්නේ ජාතික ගීයට අත් වූ ඉරණම හෙට දිනයේ ජාතික කොඩියට සහ රාජ්‍ය ලාංජනයට ද ඉන්පසු රටේ ඒකීයභාවයටද අත්වනු ඇති බවත් මේ ගමන නැවැත්වීමට සියලු සබුද්ධික ජනතාව පෙළ ගැසිය යුතු බවත්ය.

Top