Breaking
23 Feb 2025, Sun

සිංගප්පුරු අගමැති ආවේ අර්ජුන් මහේන්ද්‍රන් බේරාගන්න…. ඒකාබද්ධ විපක්ෂයෙන් අනාවරණයක්

සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සින් ලුන් මහතාගේ හදිසි ශ්‍රි ලංකා සංචාරය පසුපස බැඳුම්කර වංචාවේ දෙවැනි මහා මොළකරු ලෙස හැදින්වෙන සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් බේරා ගැනිම බවට ඒකාබද්ධ විපක්ෂය සැක පලකර සිටිනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් ප්‍රගති සමා‍ලෝචන රැස්වීමක් පසුගිය බදාදා උඩුගම්පොළ දි පැවැත්වුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙනි. ඒකාබද්ධ විප්කෂය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රිවරුන් වන සිසිර ජයකොඩි, ඩුලිප් විජේසේකර, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, නිමල් ලන්සා මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි

“බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන දවසෙම සිංගප්පුරුවේ අගමැතිවරයා ලංකාවට ආපු එක ගැන අපිට සැකයක් තියෙනවා. එතුමා ලංකා‍වට ආවේ සිංගප්පූරු පුරවැසියෙක් වෙන අර්ජුන් මහේන්ද්‍රන්ව බේරාගන්න ද කියලා අපිට සැකයි”

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග

“ඒකත් ඇත්ත. අපි ඒ ගැන හොයලා බනන්න ඕනේ. ජනාධිපතිවරයා හොරු අල්ලනවා කියලා වේදිකාව දෙවනත් වෙන්න කෑහැහුවට වැඩක් නැහැ රනිල් එයාගේ යාලුවා හොර පාරෙන්ම රටින් පිටකරලා ඉවරයි”

පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි

“බැඳුම්කර වංචාව ගැන ආණ්ඩුව කැමැත්තෙන් හොයන්න ගත්තා නෙමෙයි. විපක්ෂයේ හඬ නැත්නම් මේ වංචාව යටයන්න තිබුණා. අපි කෑගහන්න ගත්ත නිසයි ජනාධිපතිවරයාටත් කොමිසමක් දාන්න වුණේ. දැන් නම් මේකට අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. හැබැයි ඒකාබද්ධ විපක්ෂය තමයි මුලින්ම මේ ගැන ජනතාව දැනුවත් කළේ”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.